යුද අපරාධ චෝදනා ලත් බංගලාදේශයේ තවත් දෙදෙනකුට මරණ දණ්ඩනය

බංගලාදේශයේ විශේෂ යුද අපරාධ අධිකරණය විසින් තවත් මුස්ලිම් නායකයන් දෙදෙනකුට මරණ දණ්ඩනය නියම කරනු ලැබීය.
ඔවුන්ට එල්ල වී තිබුණු චෝදනා වන්නේ 1971 සිදු වූ බංගලාදේශ නිදහස් සටනේ දී මාධ්‍යවේදීන් සහ බුද්ධිමතුන් දහඅට දෙනකු මරා දැමීමයි.
මරණ දණ්ඩනය නියම වූ දෙදෙනාගෙන් එක් අයකු මේ වන විට බ්‍රිතාන්‍යයේ ජීවත් වන අතර අනෙක් තැනැත්තා ජීවත් වන්නේ එක්සත් ජනපදයේ.
මොවුන් බංගලාදේශ නිදහස් සටන සිදු වන සමයේ දී පකිස්ථාන හමුදාවට සහයෝගය දුන් මැර කල්ලිවල සාමාජිකයන් වශයෙන් කටයුතු කර ඇති බවයි බංගලාදේශ නීතිපතිවරයා කියා සිටියේ.
නමුත් මෙම මුස්ලිම් නායකයන් දෙදෙනා කියා සිටියේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඉහත කී චෝදනා ගොනු කර ඇති බවයි.




