වරදකරුවන් වූ මන්ත්‍රීවරුන්ට රැකවරණයක්

උසාවියේදී වරදකරුවන් වන මන්ත්‍රීවරුන්ගේ අසුන අහෝසි කිරීම සඳහා පැනවීමට සැලසුම් කර තිබූ නීතිය ඉවත් කර ගැනීමට ඉන්දියාවේ ආණ්ඩු පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නියෝජ්‍ය නායක රාහුල් ගාන්ධි එම නීතිය දැඩි ලෙස විවේචනය කරමින් එකී පාර්ලිමේන්තු කෙටුම් පත ‘ඉරා විසි කර දැමිය යුතු’ බව ප්‍රකාශ කළේය.
මතභේදයට තුඩු දුන් මෙම නීති කෙටුම් පතට ඉන්දීය අගමැති මන්මෝහන් සිං ද සහයෝගය පල කර තිබුණි.
ඉන්දීය අගමැතිවරයා සහ රාහුල් ගාන්ධි අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඉහත කී නීතිය ඉවත් කර ගැනීමට කොන්ග්‍රස් පක්ෂය තීරණය කර ඇත්තේ.




