වංචා කළ මුදලින් කොටසක් යළි ගෙවන බව දකුණු කොරියාවේ හිටපු හමුදා පාලක

දකුණු කොරියාවේ මහජන මුදල් ගසා කෑම පිළිබඳව වැරදිකරු වී සිටින හිටපු හමුදා පාලක චුන් දෝ හුවාන් ඩොලර් මිලියන එකසිය පනහක් ආපසු ගෙවීමට කැමැත්ත පල කොට ඇත.
මේ මුදල් වලින් වැඩි කොටසක් චුන් දෝ හුවාන් ගේ දරුවන් විසින් ලබාදීමට නියමිතයි
එක දහස් නමසිය අසු ගණන් වලදී චුන් දෝ හුවාන් දකුණු කොරියාව පාලනය කල සමයේ දරුවන්ගේ රහසිගත ගිණුම් වල මුදල් සැඟවූ බව චෝදනා නැගී තිබුණි.
හිටපු හමුදා පාලක චුන් දෝ හුවාන් දුෂණ චෝදනා වලට වැරදිකරු වීමෙන් අනතුරුව ඔහුට මරණීය දණ්ඩනය නියමවූ අතර පසුව ඔහුට සමාව ප්රධානය කෙරුනා.
පුවත් පත් හමුවක් ඇමතු ඔහුගේ පුතා ජාතියෙන් සමාව ඉල්ලා සිටියා.




