අකුරු කිරීමේ අයිතිය වෙනුවෙන් බුර්කාව හැඳි වීරවරියක් සටනේ

Burka Avenger
ඡායාරූප ශීර්ෂ වැකිය, පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙස ඇය හැඳින්වේ

පාසල් යාමේ අයිතිය දැරියන්ට ලබා දීමට සටන් කරන බුර්කාවකින් සැරසුණු විර වරියක් රැගත් වීර කතා පෙළක් පකිස්තාන පුංචි තිරය ට ලබන මාසයේ පැමිණීමට නියමිතයි.

උර්දු භාෂාවෙන් හඬ කැවෙන මෙම කාටුන් චිත්‍රපටියේ වීර චරිතය විග්‍රහ වන්නේ, පොතෙන් සහ පෑනෙන් ආයුධ වලට අභියෝග එල්ල කරන දකුණු ආසියාවේ ප්‍රථම නින්ජා චරිතය ලෙසයි.

සෞම්‍ය ගති ගුණ ඇති ගුරුවරියක් ලෙස පෙනී සිටින මෙම වීරවරිය තමා වැඩකරන පාසල වසා දැමීමට කටයුතු කරන දේශීය මැර කල්ලියක්, ආත්මාරක්ෂක සටන් ශිල්පය භාවිතා කරමින් රහසිගත ලෙස මෙල්ල කිරීමට ගන්නා උත්සාහය මෙම කතා පෙලේ තේමාවයි.

තලිබාන් හමුදා විසින් රටේ උතුරු සහ බස්නාහිර ප්‍රදේශවල ගැහැණු ළමුන්ට පාසැල් යාම තහනම් කර ඇති කාලයක දොරට වඩින මෙම කාටුනය, පකිස්තානය තුල දැඩි කතා බහට ලක් වෙමින් තිබේ.

පකිස්තානයේ සුපිරි ගායක ආරොන් හරුන් රෂිඩ් ගේ අදහසක් මත පදනම්ව මෙම වීර කතා පෙළ නිෂ්පාදනය කෙරේ.