ඊජිප්තුව ඇද වැටීමට ඉඩ දෙන්නේ නෑ - හමුදාව

Egypt army chief
ඡායාරූප ශීර්ෂ වැකිය, ජනතා කැමැත්තට පහරක් එල්ල වේ නම් එයට ඉඩදී බලා නොසිටින බව හමුදාපතිවරයා පවසයි

පාලනය කරගත නොහැකි අරගලයක් කරා ඊජිප්තුව ඇද වැටීමට ඉඩ නොහරින බවට එරට යුද හමුදාව අනතුරු අඟවයි.

ජනතා කැමැත්තට පහරක් එල්ල වේ නම් එයට ඉඩදී බලා නොසිටින බවයි, ඊජිප්තු හමුදාපති ජෙනරාල් අබ්දෙල් ෆටා අල් සිසි කියා සිටියේ.

එම ප්‍රකාශයට සහයෝගය දක්වමින් වීදි බට ජනතාව කයිරෝ නුවර ආරක්ෂක අමාත්‍යංශය ඉදිරිපිට රැස්වී ඊජිප්තු ජනාධිපතිවරයාට එරෙහිව සටන් පාඨ කියමින් සිටියහ.

ඊජිප්තු ජනාධිපති මොහමඩ් මොර්සි වහාම ඉල්ලා අස්විය යුතු බව උද්ඝෝෂකයන්ගේ ඉල්ලීමයි.

හිටපු ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව රටේ බලය හමුදාව අතට පත් වූ අතර සිවිල් ආණ්ඩුවකට පාලනය පැවරුණේ මීට වසරකට කලින්.