චීන අගමැති ඉන්දියාවේ නිල සංචාරයක

තුන් දින නිල සංචාරයක් ආරම්භ කරමින් චීනයේ නව අගමැති ලී ඛ චි අන්ග් ඉන්දියාවට සම්ප්‍රාප්ත විය.
පසුගිය මාර්තු මාසයේ අගමැති ධුරයට පත් ලී ඛ චී අන්ග් ගේ පළමු නිල සංචාරය මෙයයි.
චීන අගමැති වරයා, දිල්ලි අගනුවරදී ඉන්දීය අගමැති මන් මෝහන් සින්ග් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතයි.
මේ මස මුල් භාගයේදී, මතභේදයට තුඩු දී තිබෙන ඉන්දු චීන දේශසීමාවේ හටගත් අර්බුදය නිරාකරණය කරගැනීමට දෙරට සමත් වීමෙන් අනතුරුවයි චීන අගමැති වරයා ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන්නේ.
ඉන්දියාවේ නිල සංචාරය නිම කිරීමෙන් පසු චීන අගමැති වරයා පකිස්ථානය, ජර්මනිය සහ ස්විස්ටලන්තය යන රටවලද චාරිකා කිරීමට නියමිතයි.




