මුම්බායි මහල් මන්දිරයක් කඩා වැටීමෙන් 40ක් මරුට

ඉන්දියාවේ මුම්බායි නගරයේ අනවසරයෙන් ඉදිකරනු ලැබ තිබුන මහල් කීපයකින් යුත් මන්දිරයක් කඩා වැටීමෙන් හතළිහකට අධික මහජන ජීවිත විනාශයක් සිදු වුන බව වාර්තා වේ.
මරණයට පත්වූවන් අතර ළමුන් එකොලොස් දෙනකුද වූ බව පොලීසිය පවසයි.
ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයන් වේනම් ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරී ඇති බවත් නිවේදනය කෙරිණ.
කඩා වැටෙන අවස්ථාව වන විට ඉදිකිරීම් අවසන් නොවූ මට්ටමක තිබු ගොඩනැගිල්ලේ එක කොටසක ජනතාව පදිංචිව සිටි බවයි, මුම්බායි නගරයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ.
මිය ගිය පුද්ගලයන් අතර ගොඩනැගිල්ලේ පදිංචිව සිට ජනයා මෙන්ම ඉදිකිරීම්වල නිරතව සිටි කම්කරුවන් ද වූ බව ද වාර්තාවල දැක්වේ.
ආරක්‍ෂිත ප්‍රමිතීන් මනාව ක්‍රියාවට නැංවෙන්නේ නොමැති හෙයින් ඉන්දියාවේ මෙවැනි ගොඩනැගිලි කඩා වැටීම් අසාමාන්‍ය සිදුවීමක් නොවන බවයි, මුම්බායි නගරයේ සිටින බීබීසී වාර්තාකරුවෙක් පවසන්නේ.




