නේපාල හවුල් ආණ්ඩුවේ පක්ෂ තුනක් ඉල්ලා අස්වෙයි

රටට නව ව්යවස්ථාවක් ඉල්ලා කෙරෙන උද්ඝෝෂණයක් (පැරණි ඡායාරූපයක්)

ඡායාරූප මූලාශ්‍රය, Surendra Phuyal

ඡායාරූප ශීර්ෂ වැකිය, අද උදේ පටන් මහා මාර්ගවල සංසුන් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ

නේපාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකට ඇද වැටීමත් සමඟ පාලක හවුල් ආණ්ඩුවේ දේශපාලන පක්ෂ තුනක් රජයෙන් ඉල්ලා අස්විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා දී තිබුන අන්තිම කාල නියමය අවුරුදු හතරක උත්සාහයක් ද සමඟ ඊයේ ඉරිදා රාත්‍රියේ ගෙවී ගියේ අසාර්ථක භාවයෙන්.

මතු වී ඇති නව තත්වය යටතේ නිවේදනයක් කළ නේපාල අගමැති බාබුරාම් භට්ටාරායි, හය මාසයක් ඇතුළත මහ මැතිවරණයක් කැඳවන බවයි ප්‍රකාශයට පත් කළේ.

මේ වන විට නේපාලය පවතින්නේ පාර්ලිමේන්තුවක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති තත්වයක් යටතේයි

අගමැති වරයාට ද පදවියේ කටයුතු කිරීමට නීත්‍යනුකුල අයිතියක් තිබේදැයි විචාරකයෝ මේ අතර ප්‍රශ්න කරති.

දින දෙකක් පැවැති ගැටුම් සහ විරෝධතා ව්‍යාපාර වලින් පසුව අද උදේ පටන් මහා මාර්ගවල සංසුන් තත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.