අම්බේඩ්කර්:ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණයට මූලිකත්වය දුන් අයුරු පිළිබඳ නොදන්නා තොරතුරු

On 30 August 1947, the seven-member Drafting Committee of the Constituent Assembly met and unanimously elected Ambedkar as chairman. Barring him and Muhammad Saadulla, a lawyer from Assam, all the members were Savarnas. With Ambedkar (seated from the left) are three other members of the Committee, N. Madhavrao, Muhammad Saadulla and Alladi Krishnaswami Aiyar, and constitutional adviser B.N. Rau. Standing: S.N. Mukherjee, Jugal Kishore Khanna and Kewal Krishan (administrative officers).

ඡායාරූප මූලාශ්‍රය, Vijay Surwade's collection, courtesy Navayana

ඡායාරූප ශීර්ෂ වැකිය, 1947 අගෝස්තු මාසයේ දී, අම්බේඩ්කර් (අසුන්ගෙන සිටින පේළියේ මැද) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ සාමාජිකයන් සමග

1949 නොවැම්බර් 25 දා ඉන්දීය ව්‍යවස්ථාවේ අවසන් කියවීම අවසානයේ දී, ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයින්ගෙන් අයෙකු ද, එරට දාලිත් ජනයාගේ (පෙර 'අස්පර්ශිතයින්' ලෙස හැඳින්වුණු) අවිවාදිත නායකයා ද වූ ආචාර්ය භීම්රාවෝ අම්බේඩ්කර් සාමාන්‍ය පරිදිම අනාගත ඥානයෙන් පිරි කතාවක් පැවැත්වීය.

"1950 ජනවාරි 26 වැනිදා, අපි පරස්පර ජීවිතයකට ඇතුළුවෙන්න යනවා. දේශපාලනයේ දී අපට සමානාත්මතාව තියේවි, නමුත් සමාජ සහ ආර්ථික ජීවිතයේ දී අපට අසමානාත්මාතාවක් තියේවි," අම්බේඩ්කර් පැවසුවේ ය.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මකවීමත් සමග, ඉන්දියාව එය ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදී සහ ජනරජ රාජ්‍යයක් ලෙස එදින ප්‍රකාශයට පත්කළේ ය. ඔහුගේ කතාවේ දී, අම්බේඩ්කර් බොහෝවිට සඳහන් කරන්නට ඇත්තේ තරුණ ජනරජයක් හා පැරණි ශිෂ්ටාචාරයක් අතර ඇතිවන පරස්පරයන් ගැන විය යුතු ය. ඔහු වෙනම අවස්ථාවක ප්‍රකාශ කළ පරිදි, 'ප්‍රජාතන්ත්‍රවාදය' යනු "ස්වභාවයෙන්ම ප්‍රජාතාන්ත්‍රික නොවන ඉන්දියානු පසෙහි උඩම ස්ථරය" පමණක් වන අතර, ගම යනු "දේශීයත්වය ගිලාබැසීමක්, නූගත්කමේ, පටු අදහස්වල සහ වර්ගවාදයේ ගුහාවකි"

කීර්තිමත් ජර්මානු දාර්ශනික ජෝර්ජ් විල්හෙල්ම් ෆ්‍රීඩ්‍රිච් හේගල්ගේ වචනවලින් පවසතොත්, ඉන්දියාව "නිශ්චල හා ස්ථාවරව" පැවැතී ඇති බිමකි. දරිද්‍ර හා අසමානත්වයෙන් පිරුණු රටක් වන ඉන්දියාවෙන් අස්පර්ශිත බව තුරන් කිරීම, ස්ථිර ක්‍රියාමාර්ග ගැනීම, සියලු වැඩිහිටියන්ට ඡන්ද අයිතිය ලබාදීම සහ සැමට සමාන අයිතිවාසිකම් නියම කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයකි.

සාමාජිකයින් 299 දෙනෙකුගෙන් යුත් ව්‍යවස්ථාදායක සභාවක් 1946 සිට 1949 දක්වා කැලඹිලිසහගත තෙවසරක කාල පරිච්ඡේදයක් හරහා වැඩෙහි යෙදිණි. මෙසමයේ දී ආගමික කැරළි සහ ඉන්දියාව දෙකඩවීම සිදුවූ අතර, එය ඉන්දියාව සහ නව රාජ්‍යයක් වූ පාකිස්ථානය අතර මානව ඉතිහාසයේ විශාලතම සංක්‍රමණය සිදුවීමට තුඩුදුන්නේ ය. එසේම, එසමය සිය ගණනක් කුමාරවර රාජ්‍යයන් වේදනාකාරී හා දුෂ්කර ලෙස ඉන්දියාවට ඈඳාගනු ද දුටුවේ ය.

තමා ද නීති විශාරදයෙකු වූ අම්බේඩ්කර්, විධිවිධාන 395කින් යුත් ව්‍යවස්ථා ලේඛනය කෙටුම්පත් කළ ප්‍රධාන පුද්ගලයින් සත්දෙනෙකුගේ මඬුල්ලක් මෙහෙයවීය.

Members of the Asprushya Mahila Samaj, Mumbai, celebrated Ambedkar’s birthday at his residence, Rajgraha, on 14 April 1942.

ඡායාරූප මූලාශ්‍රය, Vijay Surwade's collection, courtesy Navayana

ඡායාරූප ශීර්ෂ වැකිය, 1942 අප්‍රේල් 14 වන දා, ඔහුගේ උපන් දිනය දවසේ දී අම්බේඩ්කර් ඔහුගේ මුම්බායි (එවකට බොම්බේ) නිවසේ දී කාන්තා ක්‍රියාකාරීන් පිරිසක් සමග

අශෝක් ගෝපාල්ගේ නව සාටෝප චරිතාපදානයක් වන 'A Part Apart' විසින්, ලොව දීර්ඝතම ආරම්භක ලියැවිල්ලක් සකස් කිරීම සඳහා අම්බේඩ්කර් සිය අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා ඉන්දියානු නිදහස් සටනේ නායකයින් සමග පැවැති මතභේද පසෙකලා මූලිකත්වය ගත් කතාන්දරය අපට පවසයි.

මෙම භූමිකාව සඳහා පුළුල් දේශීය සහ ජාත්‍යන්තර සහායක් ලබාගැනීමට අම්බෙඩ්කර්ගේ පෞරුෂය උපකාරී වූ ආකාරය ග්‍රන්ථයෙන් හෙළිකරයි. කෙටුම්පත් කමිටුවේ සත් සාමාජිකයින්ගෙන් පස්දෙනෙකුම උසස් කුලවල තැනැත්තන්වුව ද, ඔවුහු සියල්ලෝම කමිටුව මෙහෙයවන්නැයි අම්බේඩ්කර්ගෙන් ඉල්ලා සිටියහ.

ගෝපාල් ලියා ඇති පරිදි, ඉන්දියානු නිදහස් සටනට සහාය පලකළ තැනැත්තෙකු වූ ද අයර්ලන්තයේ ව්‍යවස්ථාව ලියූ තැනැත්තා වූ ද අයර්ලන්ත ජාතික රාජ්‍ය තාන්ත්‍රික ඊමන් ඩි වැලේරා ද බ්‍රිතාන්‍ය ඉන්දියාවේ අවසන් ප්‍රතිරාජයා වූ මවුන්ට්බැටන් සාමි ඉදිරියේ හෝ ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය ජවහර්ලාල් නේරු ඉදිරියේ අදාළ තනතුර සඳහා අම්බේඩ්කර් යෝජනාකර ඇත (මෙය හෙළිදරව් වී තිබුණේ, අවසන් ප්‍රතිරාජයාගේ බිරිඳ වූ එඩ්විනා මවුන්ට්බැටන් අම්බේඩ්කර් වෙත ලියූ ලිපියකිනි).

"සෑම පන්තියක් හා ලබ්ධියකටම සමාන යුක්තියක් දිය හැකි එකම ප්‍රාඥයා" අම්බේඩ්කර් නිසාවෙන්, ඔහු විසින් ව්‍යවස්ථා සම්පාදනය "අධීක්ෂණය කිරීම" ගැන තමා "පුද්ගලිකවම සතුටුවනබව" ද එඩ්විනා මවුන්ට්බැටන් අම්බේඩ්කර් වෙත පවසා තිබුණි. 1947 දී ඉන්දියාවේ ප්‍රතිරාජ පදවිය භාරගැනීම ආසන්නයේ දීම වාගේ මවුන්ට්බැටන් සාමිවරයා අම්බේඩ්කර් සමග "ඉතා සිත්ගන්නාසුළු හා වටිනා කතාබහ" සිදුකළබව ගෝපාල් ලියයි. නේරුගේ අන්තර්වාර ෆෙඩරල් කැබිනෙට්ටුවේ අමාත්‍යවරුන් 15 දෙනා අතර අම්බේඩ්කාර්ගේ නම තිබෙණු දුටු විට ඔහුට "මහත් තෘප්තියක් දැනුණේයැ" යි ප්‍රතිරාජයා එක් ජ්‍යෙෂ්ඨ බ්‍රිතාන්‍ය නිලධරයෙකු සමග පවසා තිබුණි.

අම්බේඩ්කර්ගේ මණ්ඩලය විසින්, 1947 මැයි මස දී සභාවට ඉදිරිපත් කෙරුණු ව්‍යවස්ථාවේ සම්පූර්ණ කෙටුම්පත පරීක්ෂා කෙරිණ. එය, මුලින් අදාළ ඇමතිවරුන් වෙත ද, පසුව කොංග්‍රස් පක්ෂයට ද යවනු ලැබුණි. එහි ඇතැම් කොටස් හත් වරක් තරම් ඉහළ වාර ගණනක් යළි කෙටුම්පත් කෙරිණි.

On 15 April 1948, in a low-key, registered wedding in New Delhi, Ambedkar married Sharda Kabir, a thirty-six-year-old Saraswat Brahmin doctor from Mumbai. After the marriage, she came to be known as Savita Ambedkar.

ඡායාරූප මූලාශ්‍රය, Vijay Surwade's collection, courtesy Navayana

ඡායාරූප ශීර්ෂ වැකිය, 1948 අප්‍රේල් මාසයේ දී, අම්බේඩ්කර් 36 හැවිරිදි වෛද්‍යවරියක වූ ෂර්දා කබීර් සමග විවාහවිය

ව්‍යවස්ථාදායක සභාවේ සභාපති වූ රාජේන්ද්‍ර ප්‍රසාද් වෙත අම්බේඩ්කාර් විසින් ඉදිරිපත් කෙරුණු සංශෝධිත කෙටුම්පතට විශාල වෙනස්කම් 20ක් පමණ සිදුකර තිබුණි. ඊට, යුක්තිය, සමානාත්මතාව හා සහෝදරත්වය පොරොන්දුවෙමින් ආරම්භක ලේඛනයේ මූලික ලක්ෂණ සඳහන් කෙරෙන ගාම්භීර පෙරවදනෙහි කුඩා වෙනස්කමක් ද ඇතුළත්විය

මුල් පෙරවදනෙහි වූ "සහෝදරත්වය" යන වචනයත්, බොහෝවිට එහි ඉතිරි කොටසත් ("සැබැවින්ම ආශ්චර්යමත් හා ඓතිහාසික වචන 81ක කට්ටලයක්") මුළුමනින්ම අම්බේඩ්කර්ගේ රචනයක්බව, දාර්ශනිකයෙකු හා කතුවරයෙකු වූ ආකාෂ් සිං රාතෝර්ගේ 'Ambedkar's Preamble: A Secret History of the Constitution of India' (අම්බේඩ්කර්ගේ පූර්විකාව: ඉන්දියානු ව්‍යවස්ථාවේ රහසිගත ඉතිහාසය) යන කෘතියෙන් උපුටා දක්වමින් ගෝපාල් පවසයි.

මෙහි බරපතල වැඩ කොටස සිදුකෙරුණේ අම්බේඩ්කර් විසිනි. ඔහු දියවැඩියාවෙන් හා අධි රුධිර පීඩනයෙන් පීඩා වින්ද ද සභාව ඉදිරියේ පෙනී සිටිමින්, "ඉවසීමෙන් යුතුව සෑම වගන්තියක්ම පහදාදෙමින්, යෝජිත සංශෝධනයන්ට හේතු පැහැදිලි කරමින් හෝ ප්‍රතික්ෂේප කරමින්" දින 100කට ආසන්න කාලයක් ගත කළේ ය.

මෙම රැස්වීම්වලට සියලුම සාමාජිකයින් සහභාගීවූයේ නැත. කමිටුවේ සභිකයෙකු වූ ටී. ටී. ක්‍රිෂ්ණමූර්ති 1948 වසරේ නොවැම්බරයේ දී සභාවට පැවසූ පරිදි, "මෙම [සංශෝධිත] ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ බර" අම්බේඩ්කර් මත පැටවී තිබුණේ "මරණ, රෝගාබාධ සහ අනෙකුත් වැඩකටයුතු" නිසා බොහෝ සාමාජිකයින්ට "සැළකිය යුතු දායකත්වයක්" ලබාදීමට නොහැකිවූ නිසාවෙනි.

කෙටුම්පත මඟින් සංශෝධනයන් 7500කට වැඩි ගණනක් යෝජනා වී තිබූ අතර, ඉන් 2500ක් පමණම පිළිගනු ලැබුණි. අම්බේඩ්කාර් එය කෙටුම්පත් කිරීම හා සම්බන්ධ "විශාල වැඩකොටසක් සඳහා තුතිය" පුදකළේ "ඉතා සංකීර්ණ යෝජනාවන් සරලතම නීතිමය ආකෘතියෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව" තිබූ ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු වූ එස්. එන්. මුඛර්ජිට ය.

ඉන්දියාවේ "පීඩිත පන්තීන්හි" වීරයා ලෙස ඔහුට තිබූ විප්ලවකාරී ප්‍රතිරූපය තිබියේවා, අම්බේඩ්කාර් ඔහුගේ පසින් සියලු අවශ්‍යතාවන්ට ඉඩකඩ සලසා දුන්නේ ය. සුළු ජාතීන් පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින්, වෙනම මැතිවරණ කොට්ඨාස සඳහා ඔහු ඉදිරිපත් කළ ඉල්ලීම ඡන්දයක් හරහා ප්‍රතික්ෂේප කළේ ය. ඉතා වැදගත් කර්මාන්ත ජනසතු කිරීම සඳහා ඔහුගේ මුල් කාලයේ ඉදිරිපත් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප විය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණුවල සමාජවාදය ගැන සඳහනක් නොවීය.

1946 දෙසැම්බරයේ දී ව්‍යවස්ථාදායක සභාව මුලින්ම රැස්වූ අවස්ථාවේ දී, අම්බේඩ්කර් මෙසේ පිළිගත්තේ ය: "මම දන්නවා, අද අපි දේශපාලනිකව, සමාජයීයව සහ ආර්ථික වශයෙන් බෙදිලා ඉන්නවා. අපි යුධ වැදෙන කඳවුරු සමූහයක්, ඒ වගේම, බොහෝවිට මම ඉන් එක් කඳවුරක නායකයා ය කියන එක පාපොච්චාරණය කරන තරම් දුරකට මම අද යන්න ඉඩ තියෙනවා."

: A man holds a book of the Indian constitution on the occasion of the 128th birth anniversary of Dalit icon BR Ambedkar at Rashtriya Dalit Prerna Sthal, sector 95 on April 14, 2019 in Noida, India.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අම්බේඩ්කර්ගේ ජන්ම සංවත්සරය දා මිනිසෙකු ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොතක් අතගෙන සිටියි

"අම්බේඩ්කාර් සිය අතීත ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය, ඔහු කුමන අන්දමේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වී ද යන්න පෙන්වයි - ඔහු උපලේඛිත කුලවල අවශ්‍යතාවන් වැනි විශේෂ අවශ්‍යතා පමණක් නොව, සියල්ලන්ගේ අවශ්‍යතා සලකා බැලීමට කටයුතු කළේයැ"යි ගෝපාල් ලියයි ('උපලේඛිත කුල' සහ ගෝත්‍රයන්ට ඉන්දියාවේ බිලියන 1.4ක ජනගහණයෙන් මිලියන 230ක් දෙනා අයත්වෙයි).

මේ සියල්ලෙන් සහ තවත් දෙයින් තහවුරුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාපකයා අම්බේඩ්කර්බවත්, ඔහු "පරිදර්ශක දැක්මක් දැරූ" තැනැත්තෙකු බවත්, ලේඛනයේ "එක් එක් කොටස" අවසානයකට ගෙන ඒමට මඟ පෙන්වූබවත් ය යන්නැ යි ගෝපාල් තර්ක කරයි.

වසර ගණනාවකට පසු, අම්බේඩ්කර් "ව්‍යවස්ථාවේ සුහුරු නියමුවෙකුගේ" කාර්යයභාරය ඉටුකළබව රාජේන්ද්‍ර ප්‍රසාද් පිළිගත්තේ ය. 1956 දෙසැම්බර් හයවැනි දා 63 හැවිරිදිව සිටිය දී මෙම දාලිත් ප්‍රතිරූපය අභාවප්‍රාප්තවීමෙන් පැය කීපයක් ගතවත්ම, එකල අග්‍රාමාත්‍ය නේරු මෙසේ පැවසීය: "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වෙන කිසිම කෙනෙක් ආචාර්ය අම්බේඩ්කර් තරම් උනන්දුවක් දැක්වුවේ, වෙහෙසක් දැරුවේ නැහැ."

ඉන් දශක හතකට අධික කාලයකින් අනතුරුව බරපතල අභියෝගයන් රැසක් හමුවේ වුව ද, ඉන්දියාවේ දැවැන්ත හා ප්‍රකීර්ණක ප්‍රජාතන්ත්‍රවාදය නොසැලී හිඳ ඇත්තේ ය. නමුත් නැගී එන ධ්‍රැවීකරණය හා සමාජ අසමානතා හමුවේ බොහෝදෙනා එහි අනාගතය ගැන කණස්සල්ලෙන් පසුවෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත කෙටුම්පත හඳුන්වාදෙන අතරේ අම්බේඩ්කාර් සිදුකළ අනාගත ඥානයෙන් පිරි තවත් කතාවක් ඔවුහු අපට පෙන්වාදෙති.

"ඉන්දියාවේ සුළු ජාතීන් මහ ජාතියේ පාලනය පක්ෂපාතීව පිළිගෙන තියෙනවා... තමන්ගේ වගකීම විය යුත්තේ සුළු ජාතීන්ට වෙනස්කම් නොකොට සැලකීමබව මහ ජාතිය තේරුම්ගත යුතු වෙනවා."