ඉන්දියාවේ මිත්‍යා විශ්වාසයන්ට පහර ගසන මිනිසා

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාවේ මිත්‍යා විශ්වාසයන්ට පහර ගසන මිනිසා

සූයෂ් තෝෂ්නිවාල් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පුරා පිහිටි ගම්මානවල අන්ධ විශ්වාසයන් සහ මිථ්‍යාවන් බිඳදැමීමට සිය කාලය කැප කරන්නෙකි.

ඉංග්‍රීසි භාෂාවෙන්, 'මිථ්‍යා විශ්වාස විනාශ කිරීම සඳහාවූ සමාජය' යන අර්ථ දෙන ANIS හෙවත් අන්ධශ්‍රද්ධා නිර්මූලන් සමිති නම් සංවිධානයකට එක්වීම සඳහා ඔහු ඉහළ වැටුප් සහිත ආයතනික රැකියාවක් අත්හළේ ය.

මෙම සංවිධානයේ අරමුණ වන්නේ ඇතැම් 'පූජකයින්' සහ ඔවුන් කරන ප්‍රාතිහාර්යයන්ගේ අසත්‍ය ස්වභාවය හෙළිදරව් කිරීම යි. මිනිසුන් සිතීමට පෙළඹවීම ද ඔහුගේ කාර්යයට ඇතුළත් ය. ඉන් බොහෝ මිනිසුන් කෝපයට පත්වුව ද, එය සූයෂ්ට බාධාවක් නොවේ.