ඉන්දියාව: හින්දු දෙවියෙකු සැමරීමට ගොම සටනක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉන්දියාව: හින්දු දෙවියෙකු සැමරීමට ගොම සටනක්

"අපේ ගමට ඉන්න දෙවියෝ තමයි බීරේෂ්වර ස්වාමි. අපි දැඩිව විශ්වාස කරනවා, ඒ දෙවියන් ගොමවලින් ඉපදුණු බව," ඉන්දියාවේ ගුම්මාතාපුරා ගම්මානයේ පැවති ගොරහබ්බා උත්සවයට එක්ව සිටි චේතන් කුමාර් පැවසීය.

සෑම වසරක ම දීවාලි දිනයට පසු දින ගුම්මාතාපුරා සහ අවට ගම්මානවල වෙසෙන්නෝ සිය හරක් ගාල්වල ගොම ගොඩවල් රැස් කරති. ඊට අමතරව ළමුන් සහ තරුණයෝ ගෙයින් ගෙට යමින් ගොම සටනක් සඳහා ගොම එකතු කරති. හින්දු ධර්මයට අනුව ගවයින් ශුද්ධත්වයේ ලා සැලකෙන අතර ගොමවල ඖෂධීය සහ විෂබීජ නාශක ගුණයෙන් යුක්ත බව පිළගැනේ.

කෙසේ වෙතත්, කොවිඩ් වෛරසයට එරෙහිව ඒවා භාවිත නොකරන ලෙසත් ඉන් වෙනත් රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.