උතුරු කොරියාවේ මෑතකාලීන මිසයිල දියත් කිරීම් වලින් අගවන්නේ කුමක්ද?

ඡායාරූප මූලාශ්‍රය, KCNA/Reuters
උතුරු කොරියාව පවසන්නේ මෑත කාලීන මිසයිල දියත් කිරීම් දකුණු කොරියාවට එල්ල වන න්‍යෂ්ටික ප්‍රහාරයක අභ්‍යාසයක් බවයි.
වසර පහකට පසු උතුරු කොරියාව සිය ප්‍රථම න්‍යෂ්ටික අවි අත්හදා බැලීම සිදුකිරීමට සූදානම් වන බව බුද්ධි අංශ පෙන්වා දෙන මොහොතක එය සිදුවෙමින් පවතී.
මෑත සතිවලදී පියෝන්යන්ග් විසින් මෑතකාලීන එක්සත් ජනපද සහ දකුණු කොරියානු අභ්‍යාස වලට මිසයිල කට්ටල හතක් දියත් කර ඇත.
පසුගිය සඳුදා දිනයේදී වාර්තා වූ රාජ්‍ය පුවත් වලට අනුව මෙම මිසයිල උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යාමට හැකි වන අයුරින් සකසා ඇත.
මේවා යුධමය අවස්ථාවකදී භාවිතා කරන කුඩා කෙටි දුර ආයුධ වේ. මෙම කුඩා ආයුධ වල ව්‍යාජ අනුවාදයන් සමඟ මිසයිල පැටවීමට හමුදාව පුහුණු වූ බව ඔවුහු පැවසූහ.
දකුණු කොරියාවේ හමුදා කඳවුරු, වරාය සහ ගුවන් තොටුපළවලට පහර දීම සාර්ථක ලෙස පුහුණු වූ බව ද ඔවුන් ප්‍රකාශ කළ අතර, මිසයිල දියත් කිරීම් එක්සත් ජනපදයට සහ දකුණු කොරියාවට අනතුරු ඇඟවීමක් බව ද පැවසේ.
රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන KNCA විසින් ජනපති කිම් ජොන්-අන් පරීක්ෂණ අධීක්‍ෂණය කරන සහ "මඟපෙන්වන" ආකාරයේ ඡායාරූප පළ කෙරුණි.
2017 වසරෙන් පසු ප්‍රථම වරට උතුරු කොරියාව න්‍යෂ්ටික අවියක් අත්හදා බැලීමට ඉඩ ඇති බවට එක්සත් ජනපද සහ දකුණු කොරියානු බුද්ධි අංශ නිලධාරීන් වාර්තා කර ඇත.
ප්‍රවීණයන් විශ්වාස කරන්නේ එම අත්හදා බලන මිසයිලවලට ගැලපෙන ආකාරයේ කුඩා උපක්‍රමශීලී උපකරණයක් පළමු වරට පුපුරුවා හැරීමට ද මෙම අවස්ථාව භාවිතා කළ හැකි බවයි.
පසුගිය මාසයේ කිම් ජොන් අන් උතුරු කොරියාව "ආපසු නොහැරෙන" න්‍යෂ්ටික බලවතෙකු ලෙස ප්‍රකාශයට පත් කළ අතර, න්‍යෂ්ටික අවි කල්තියා භාවිතා කිරීමට ඉඩ සලසමින් එහි නීති සංශෝධනය කළේය. එහි පෙර ප්‍රතිපත්තිය වූයේ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් එවැනි ආයුධ පමණක් භාවිතා කිරීමයි.

ඡායාරූප මූලාශ්‍රය, KCNA/Reuters
එය මේ වසරේ මිසයිල දියත් කිරීමේ සංඛ්‍යාතය කැපී පෙනෙන ලෙස ඉහළ නංවා ඇති අතර, මෙතෙක් සිදු කළ වැඩිම මිසයිල දියත් සංඛ්‍යාව අභිබවමින් මේ වසරේ දියත් කිරීම් 40 කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත.
පසුගිය දෙසතිය තුළ සිදුකල දියත් කිරීම් බොහොමයක් කෙටි දුර මිසයිල වන අතර ඒවා උතුරු කොරියාව සහ ජපානය අතර මුහුදට පතිත විය.
නමුත් උතුරු කොරියාව පසුගිය අඟහරුවාදා ජපානයට ඉහළින් දිගු දුර මිසයිලයක් එල්ල කළ අතර එය අවියේ සැලසුමට අනුව එය නව අතරමැදි පරාසයක බැලස්ටික් මිසයිලයක් බව විශ්ලේෂකයෝ පවසති.
මෙම වසරේ උතුරු කොරියාව දුම්රිය සහ රථ පෙළ ගමන් කරන වේදිකා ඇතුළු විවිධ දියත් කිරීමේ ස්ථාන වලින් මිසයිල අත්හදා බලා ඇති අතර එය පිපිරුමකදී ආයුධ විනාශ කිරීමට අපහසු වනු ඇතැයි විශ්ලේෂකයින් යෝජනා කර ඇත.
සඳුදා රාජ්‍ය මාධ්‍ය වාර්තා වලට අනුව මෑත කාලයේදී සිදුවූ දියත් කිරීම් හුදෙක් මිසයිල අත්හදා බැලීම් ලෙස විස්තර කරනවා වෙනුවට "උපක්‍රමශීලී න්‍යෂ්ටික මෙහෙයුම් ඒකක" ලෙස විස්තර කර ඇත.එසේම උතුරු කොරියාව දැන් කුඩා, කෙටි දුර න්‍යෂ්ටික අවි යෙදවීමේ පද්ධතියක් සකස් කර ඇති බවත් ඔවුන් පවසයි.
සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 9 දක්වා වූ දියත් කිරීම්, එක්සත් ජනපදය සිය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ගුවන් යානා වාහක නෞකාවක් වන USS රොනල්ඩ් රීගන් නෞකාව කොරියානු අර්ධද්වීපයේ මුහුදට පතිත කිරීම වෙනුවෙන් සහ සෝල් සහ ටෝකියෝ සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීම සඳහා ප්‍රතිචාරයක් විය.
2018 සහ 2019 අතර එවක එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පියෝන්යන්ග් න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා සමග සැසඳීමේදී මෙම ත්වරණය සැලකිය යුතු වෙනසක් සනිටුහන් කරයි.
විශ්ලේෂකයින් පවසන්නේ මැයි මාසයේදී තේරී පත් වූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යොල්ට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව ද පිළිතුරු සපයන බවත්, ඔහු උතුරට වැඩි අවධානය යොමු කරමින් සහ එක්සත් ජනපදය සමඟ සමීප සබඳතා අනුගමනය කරන බවත්ය.
උතුරු කොරියාවෙන් මෑත කාලයේදී කල මිසයිල දියත් කිරීම්
- සැප්තැම්බර් 25 ඉරිදා: එක්සත් ජනපද නාවික නෞකාවක් කොරියානු අර්ධද්වීපය අවට මුහුදට පැමිණි දිනට පසු දින කිලෝමීටර 600 දුර සහ කිලෝමීටර 60 උන්නතාංශය බලැති කෙටි දුර මිසයිලයක් දියත් කර ඇත.
- සැප්තැම්බර් 28 බදාදා: එක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් සෝල් සහ DMZහි සංචාරය කල සැන්දෑවේ කිලෝමීටර 360 දුර සහ කිලෝමීටර 30 උන්නතාංශය බලැති කෙටි දුර මිසයිල දෙකක් දියත් කර ඇත.
- සැප්තැම්බර් 29 බ්‍රහස්පතින්දා: හැරිස් දකුණු කොරියාවෙන් පිටත් වූ කිලෝමීටර 300 දුර සහ කිලෝමීටර 50 උන්නතාංශය බලැති පසු කෙටි දුර මිසයිල දෙකක් දියත් කර ඇත.
- ඔක්තෝබර් 1 සෙනසුරාදා: එක්සත් ජනපදය, දකුණු කොරියාව සහ ජපානයේ අඛණ්ඩව අභ්‍යාස මධ්‍යයේ කිලෝමීටර 400 දුර සහ කිලෝමීටර 50 උන්නතාංශය බලැති කෙටි දුර මිසයිල දෙකක් දියත් කර ඇත.
- ඔක්තෝබර් 4 අඟහරුවාදා:ජපානයට ඉහළින් අතරමැදි පරාසයක කිලෝමීටර 4,500 දුර සහ කිලෝමීටර 2,800 උන්නතාංශය බලැති බැලස්ටික් මිසයිලයක් දියත් කර ඇත.
- ඔක්තෝබර් 6 බ්‍රහස්පතින්දා: කිලෝමීටර 800 දුර සහ 50km උන්නතාංශය බලැති කෙටි දුර මිසයිල දෙකක් වෙඩි තබා ඇත.
- ඔක්තෝබර් 9 ඉරිදා: තවත් කෙටි දුර මිසයිල දෙකක් දියත් කර ඇත.










