'සමූහ වෙඩි තැබීම්වල පරම්පරාව': පාසැල් වෙඩිතැබීම් එක්සත් ජනපද පාසල් සිසුන්ට බලපෑම් එල්ලකරන්නේ මෙසේ යි

A young girl holds flowers outside the Willie de Leon Civic Center where people gather to mourn in Uvalde, Texas, May 24, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, එක්සත් ජනපදයේ වර්තමාන යෞවනයන් "සමූහ වෙඩි තැබීම්වල පරම්පරාව" යන අවාසනාවන්ත ලේබලයට හිමිකම් කියන බව ඇතැම් විශේෂඥයින් පවසයි

ඇමරිකා එක්සත් ජනපදය පාසල් වෙඩි තැබීම් පිළිබඳ කණගාටුදායක ඉතිහාසයක් ඇති රටක් මුත්, එවැනි සිදුවිමක උණුසුම මාධ්‍යවලින් බැහැර වූ පසු එරට යළි සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ නොවේ.

සතියකට පෙර වාර්තා වූ නවතම සිදුවීමේ දී, 18-හැවිරිදි සැල්වදෝර් රමෝස් ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුකළ වෙඩි තැබීමෙන් ළමුන් දහනවදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකුට දිවි අහිමි විය. වෙඩි තැබීම සිදුවූ රොබ් ප්‍රාථමික පාසල වයස අවුරුදු හත සහ දහය අතර දරුවන් අධ්‍යාපනය ලබන්නකි.

රමෝස් මෙම පාසලට පැමිණියේ අත් තුවක්කුවක්, ස්වයංක්‍රීය රයිෆලයක්, සහ ධාරිතාව අධික මැගසිනවලින් සන්නද්ධව ය. බොහෝ විනාශයක් සිදුවීමෙන් අනතුරුව, ඒ ආසන්නයේ සිටි දේශසීමා පොලිස් නිලධාරියෙකු එල්ල කළ වෙඩි පහරින් ඔහු ජීවිතක්ෂය පත්විය.

නමුත් මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා එක්සත් ජනපද පාසල්වල සිසුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ දෛනික ජීවිතයට බලපාන්නේ කෙසේ ද?

අධි ආරක්‍ෂිත පාසැල්

Security supervisors Franco Poerri (C) stands guard as students walk through metal detectors at William Howard Taft High School February 14, 2002 in Chicago, IL.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1999 කොලොම්බයින් සංහාරයෙන් පසු බොහෝ එක්සත් ජනපද පාසල්වලට ලෝහ අනාවරක හඳුන්වා දෙනු ලැබිණි

පාසල් සමූලඝාතනයක් සිදුවන සෑමවිටම, පාසල් සුරක්ෂිත කිරීමේ පියවර ගන්නැ යි ඉල්ලන මහජන බලපෑමක් නිර්මාණය වෙයි.

ටෙක්සාස්හි රොබ් පාසලේ සිදුවීමෙන් පසු එරට පාසල් කලාප කිහිපයක්ම කියා සිටියේ මේ සතියේ පාසැල්වල පොලිස් නිලධාරින් රඳවා තැබීම ඉහළ දමන බව යි.

කොලම්බයින් උසස් පාසලේ (1999), වර්ජිනියා ටෙක් විශ්වවිද්‍යාලයයේ (2007), සැන්ඩි හුක් ප්‍රාථමික පාසලේ (2012), සහ පාක්ලන්ඩ් උසස් පාසලේ (2018) සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම්වලින් පසුව ද මෙය මෙසේම සිදුවිය.

මෙම සිදුවීම්වලින් සාමාන්‍ය වැසියන් අසූඅට දෙනෙකු ඝාතනය වී තිබුණි.

"මෙවැනි සෑම ප්‍රධාන සිදුවීමකම ප්‍රතිඵලයක් විදියට, තම තමන්ගේ පාසල්වල ආරක්ෂාව වැඩි කරන්නැ යි සහ තම දරුවන් මීළඟ කොලම්බින්, වර්ජිනියා ටෙක්, හෝ සැන්ඩි හුක් වැනි සිදුවීමක ගොදුරු නොවන බවට සහතික කරන්නැ යි කියමින් ඉල්ලීම් ඉදිරිපත් වුණා," පාසැල් වෙඩිතැබීම් පිළිබඳ එක්සත් ජනපද විශේෂඥවරියක වන ෂෙරිල් ලීරෝ ජොන්සන් පවසයි.

'වික්ටිම්ස් ඇන්ඩ් ඔෆෙන්ඩර්ස්' නම් ජර්නලයට ලිපියක් ලියමින් ජොන්සන් පවසන්නේ, එහි ප්‍රතිඵලයක් වශයෙන්, ලෝහ අණාවරක යන්ත්‍ර, එක්ස් කිරණ යන්ත්‍ර, සන්නද්ධ ආරක්ෂකයින්, සහ කාර්ය මණ්ඩලයට පාසල තුළට තුවක්කු රැගෙන යාමට අවසර දීම "සාමාන්‍ය දෙයක්" බවට පත්ව ඇති බව යි.

'හදිසි අවස්ථා' සඳහා පෙරපුහුණුව

An active shooter drill with law enforcement officers in Portland, Maine, May 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සක්‍රීය වෙඩික්කරු අභ්‍යාස එක්සත් ජනපද පාසල්වලට සාමාන්‍ය ලක්ෂණයක් වී ඇත

එක්සත් ජනපද පාසල් ද සමූල ඝාතන සිදුවීම්වලට මුහුණදීම සඳහා සැලසුම් කිරීමට හුරුව ඇත.

මෙයින් අදහස් කෙරෙන්නේ ඔවුන් නිරන්තරයෙන් අවදානම් තක්සේරු කිරීම, හදිසි ප්‍රතිචාර සැලසුම් කිරීම, සහ අර්බුද හැසිරවීමේ කණ්ඩායම් හා ක්‍රියාකාරී වෙඩික්කරුවන්ට ප්‍රතිචාර දැක්වීමේ සැලසුම් වැනි දේ වැඩි වැඩියෙන් සිදුකිරීම බව ජොන්සන් පවසයි.

ගිනිඅවි පාලනයට හා ගිනිඅවිවලින් සිදුකරන ප්‍රචණ්ඩත්වයට එරෙහි ලැබ නොලබන සංවිධානයක් වන 'එව්රිටවුන් ෆො ගන් සේෆ්ටි' නම් සංවිධානයට අනුව, එක්සත් ජනපදයේ ප්‍රාථමික පාසල්වලින් 95%කට වඩා වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වන මතභේදාත්මක ප්‍රතිපත්තිවලින් එකක් වන්නේ, ක්‍රියාකාරී වෙඩි තැබීමක දී හැසිරිය යුතු ආකාරය පුහුණු කරන අභ්‍යාසයන් ය.

මේවා අතරින් වඩාත්ම තීව්‍ර අභ්‍යාසයන්හි දී, මෙම ව්‍යාජ "වෙඩි තැබීමේ" සිනාරියවල දී වෙස්මුහුණු පැළඳි මිනිසුන් ව්‍යාජ තුවක්කු රැගෙන යන අතර, සිසුන් ව්‍යාජ රුධිරය තවරාගෙන වින්දිතයින්ගේ භූමිකාව ද රඟ දැක්වීමට කටයුතු කරයි.

2020 වාර්තාවක් හරහා එව්රිටවුන් පැවසුවේ එවැනි අභ්‍යාසවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන බවට 'කිසිදු පර්යේෂණයකින්' ඔප්පු කර නැති බව යි.

එමෙන්ම, ක්‍රියාකාරී වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස සැබවින්ම මානසික සෞඛ්‍යයට හානිකර විය හැකි බවට ද සාධක ඉදිරිපත්ව තිබේ.

දරුවෙකුගේ දෙමාපියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එය මෙසේ සඳහන් කරයි: "මගේ දරුවා මෙවන් සරඹයක් අතරතුර දී ළදරු පාසලේ නාන කාමරයක තනිව සිරවී සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස අධික කාංසාව සඳහා වසරක් පුරා ප්‍රතිකාර ගැනීමට දරුවාට සිදුවුණා."

"එම සිදුවීමෙන් ඇති වූ පශ්චාත් කම්පන ආතති ආබාධ හේතුවෙන්, නව පාසලක දී වුවත් ඇයට තවමත් පාසල් හෙදියන්ගේ කාර්යාලයේ නාන කාමරය භාවිතා කරන්නට සිදුව තිබෙනවා."

A student with fake blood on their face during an active shooter drill in California

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'ක්‍රියාකාරී-වෙඩි තැබීමේ සරඹයක' තුවාල ලැබූවෙකු ලෙස රඟපාන ශිෂ්‍යාවකට පොලිස් නිලධාරිනියක උපකාර කරයි

2019 දී ඉන්දියානා ජනපදයේ පාසලක්, එහි පැවැත්වුණු මෙවැනි පුහුණුවක් මඟින් සිසුන් අධික කම්පනයට පත් කිරීමත්, ඝාතන නිරූපණය සඳහා පෙලට්වලින් සිදුකළ වෙඩි තැබීම්වලින් ගුරුවරුන්ට තැලීම් සිදුවීමත් සහ අධික බියට පත්වීමත් සම්බන්ධයෙන් විවේචනයට ලක්විය.

"මෙම බොහෝ අභ්‍යාස ක්‍රියාත්මක වෙන්නේ පාසල් වෘත්තිකයන් හෝ නීති නිලධාරීන් වැනි වැඩිහිටියන් සඳහා, ඔවුන් එවන් තත්ත්වයන් තුළ ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමදැ යි බැලීමට," පාසල් අර්බුධ සහ වියෝග සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ ඩේවිඩ් ෂොන්ෆෙල්ඩ් එකල BBCයට පැවසීය.

"ව්‍යාජ රුධිරය තවරාගෙන, වෙඩි තැබීමකට ගොදුරුවූවන් මෙන් පොළව මත වැතිර සිටින්නට ළමයින්ගෙන් ඉල්ලීම තේරුමක් නැති වැඩක් වගේම, විශාල කම්පනයක් ඇතිකරන්නටත් පුළුවන්."

හේ මෙසේ ද පැවසීය: "මේ අභ්‍යාසවලින් ළමයින්ට ඇත්ත වශයෙන්ම ඔවුන්ට - හෝ ඕනෑම කෙනෙකුට - කළ හැකි දෙයට වඩා වැඩි යමක් කළ හැකියි කියන අදහස දේවි කියල මට හිතෙනවා.

"ඒකෙන් වෙන්නේ වෙඩි තැබීම්වලින් දිවි ගලවාගත් අයට තවත් කම්පනයක් ඇති කරන එක."

පාසල් ගේට්ටුවෙන් ඔබ්බට

People become emotional at the City of Uvalde Town Square during a prayer vigil in the wake of a mass shooting at Robb Elementary School on May 24, 2022 in Uvalde, Texas.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පාසල් වෙඩි තැබීම්වල බලපෑම විශාල ය. ඒවා දරුවන්ගේ මානසික සෞඛ්‍යයට, අධ්‍යාපනික ජයග්‍රහණවලට, සහ ප්‍රජාවට බලපෑම් කරයි

පාසල් වෙඩි තැබීම්, ඒවායින් දිවි ගලවාගත් අයට මානසික සෞඛ්‍ය බලපෑමක් ඇති කරන අතර, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු දුර්වලවීමට හේතු වේ. එමෙන්ම එය මුළු පාසල් පද්ධතියටම බලපෑමක් ඇති කරයි යන්න අධ්‍යයන කිහිපයක් විසින් හෙළිකර තිබේ.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයයේ සහ පෙන්සිල්වේනියා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ ප්‍රවීණයන් විසින් 2021 දී කරන ලද අධ්‍යයනයකට අනුව, වෙඩි තැබීමේ ඉතිහාසයක් නොමැති පාසල්වල ළමයින්ට සාපේක්ෂව එවැනි සිදුවීම්වලින් දිවි ගලවාගත් දරුවන් පාසල් පැමිණීම නිතර මඟහැරීමට වැඩි ඉඩක් ඇත.

එම සිසුන් පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමට හා තරුණ වියේ මුල් සමයේ දී රැකියාවක් සොයා ගැනීමට ඇති ඉඩකඩ ද අඩු ය.

එමෙන්ම මෙය වඩා පුළුල් පරාසයකින් ද බලපෑම් ඇති කරයි. නිදසුනක් වශයෙන් යම් ප්‍රදේශයක වෙසෙන පවුල්, වෙඩි තැබීම් හේතුවෙන් එම ප්‍රදේශයෙන් ඉවත්ව යන විට ආර්ථික බලපෑමක් ද ඇති කරන බව ආර්ථික විද්‍යාඥයින් පවසයි.

ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයය විසින් සිදුකෙරුණු අධ්‍යයනයකින් හෙළිවූයේ පාසල් වෙඩි තැබීම් සිදු වූ ප්‍රජාවන්හි වයස අවුරුදු 20ට අඩු තරුණ පිරිස් විෂාදය සඳහා ඖෂධ භාවිතා කිරීම 21%කින් ඉහළගොස් ඇති බව යි.

ආර්ථික ප්‍රතිපත්ති පර්යේෂණ සඳහා වූ ස්ටැන්ෆර්ඩ් ආයතනයේ මායා රොසින්-ස්ලේටර් පැවසුවේ, සමූහ වෙඩි තැබීම් "නිතර නිතර සිදුවෙමින් පවතින හෙයින් ඒවාට අප තුළ වූ සංවේදීබව අඩු වෙමින් පවතින" බව යි.

"ඇතැම්විට, දිවි ගලවාගන්නා පිරිස සාමාන්‍ය ජීවිතයකට ආපසු යනවා, මොකද මේක තමයි ඇමරිකාවේ සාමාන්‍ය ජීවිතේ. නමුත් අපෙ අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ එය එසේ නොවන බවක්."

"පාසල් වෙඩි තැබීම්වල හානිය අප බොහෝවිට ගණනය කරන්නේ මියයන හෝ තුවාල වූ තැනැත්තන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් වන හානිය අනුව යි. නමුත් යථාර්ථය තමයි, පාසලේ වෙඩි තැබීම්වලට නිරාවරණය වී දිවි ගලවාගන්නා බොහෝ සිසුන් සිටින බව."

'සමූහ වෙඩි තැබීම්වල පරම්පරාව'

Families hug outside the Willie de Leon Civic Center where grief counseling will be offered in Uvalde, Texas, on May 24, 2022.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වයස අවුරුදු 10ක් ළාබාල දරුවන් ද රොබ් ප්‍රාථමික පාසලේ සමූල ඝාතනයේ මාරාන්තික ගොදුරුබවට පත්වූයේයැ යි ඔවුන්ගේ දෙමාපියන් සමාජ මාධ්‍යවල සටහන් කර ඇත

විශේෂිත බහු-මාධ්‍ය සමූහයක් වන 'Education Week' විසින් සිදුකළ ගණනය කිරීමකට අනුව, මේ වසර තුළ පමණක්, තුවාල හෝ මරණ වාර්තා කළ පාසල් වෙඩි තැබීම් 27ක් එක්සත් ජනපදයේ සිදුව තිබේ.

අවම වශයෙන් පුද්ගලයින් 67 දෙනෙකු ඒවායින් තුවාල ලබා හෝ මියගොස් ඇත.

මෙම දත්ත රැස් කිරීම ආරම්භ වූ 2018 සිට පාසල් වෙඩි තැබීම් 119ක් සිදුව ඇති අතර, ඒවායේ දී අවම වශයෙන් එක් අයෙකු මියගොස් හෝ තුවාල ලබා හෝ තිබේ.

ජොන්සන් පවසන්නේ වර්තමාන යෞවනයන් "සමූහ වෙඩි තැබීම්වල පරම්පරාව" යන අවාසනාවන්ත ලේබලයට හිමිකම් කියන බව යි.

මිනිස් ජීවිතවලට කොතෙක් අයහපත් බලපෑම් ඇතිකළ ද, තුවක්කු පාලනය පිළිබඳ මහජන මතය සැලකිය යුතු ලෙස වෙනස් කිරීමට මෙම වෙඩි තැබීම් සමත් වී නොමැත. මන්ද, රිපබ්ලිකන් දේශපාලනඥයන් සහ ඡන්දදායකයින් තවමත් තුවක්කු හිමිකම හිතකර යමක් ලෙස සලකයි.

සභා කථානායක නැන්සි පෙලෝසි ටෙක්සස් තුවක්කුකරු "දරුවන්ගේ අනාගතය සොරකම් කර" ඇති බව පැවසූ අතර, ඇතැම් කොන්ග්‍රස් සාමාජිකයින් විවේචනය කරමින්, ඔවුන් මෙම වෙඩි තැබීමෙන් පසු "ශෝකය ප්‍රකාශ කිරීමේ හිස් වචන ඉදිරිපත් කරන්නේ ජීවිත බේරා ගැනීමට දරන සියලු උත්සාහයන්ට විරුද්ධවීමෙන් පසුව" බව ද කියා සිටියා ය.

ටෙක්සස්හි රිපබ්ලිකන් සෙනෙට් සභික ටෙඩ් කෲස්, වෙඩි තැබීම "කුරිරු සහ සමූහ ඝාතන ක්‍රියාවක්" වන නමුත්, තුවක්කු පාලන ප්‍රතිපත්ති එවැනි සිදුවීම් වලක්වනු නොලබනු ඇතැ යි පවසන්නෙකි.