22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

ඡායාරූප මූලාශ්‍රය, LinkedIn
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය ආරම්භ කර තිබේ.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි, අර්ජුණ ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වේ.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 67ක් ගොනු කර ඇති අතර අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සම් 05ක් ඉදිරිපත් කර තිබේ.
ශාලාවේ වෙනසක්
මෙම පෙත්සම් විභාගය සඳහා 502 ශාලාව වෙන් කර තිබිණි.
කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් ඉල්ලා සිටියේ, එම ශාලාව තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති හෙයින් 501 ශාලාවට මාරු කරන ලෙස ය.
එම ඉල්ලීම සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ, පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ 501 ශාලාවට මාරු කිරීමට ය.






























