"චීනයේ උයිගර් සංහාරය ගැන ගාණක්වත් නෑ" - ඇමරිකානු කෝටිපති පලිහපිටිය කියයි

Chamath Palihapitiya

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන කෝටිපති ආයෝජකයෙකු වන චමත් පලිහපිටිය, චීනයේ උයිගර් සුළුතරයට එරෙහිව සිදුවෙන අපයෝජනයන් පිළිබඳව ඔහුටත්, බොහෝ ඇමරිකානුවන්ටත් "ගාණක් නැතැ"යි පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටියි.

සැන් ෆ්‍රැන්සිස්කෝ පැසිපන්දු කණ්ඩායමේ කොටස් හිමිකරුවෙකු වන පලිහපිටිය මෙම ප්‍රකාශය සිදුකළේ, ජනාධිපති ජෝ බයිඩන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය ජනපතිවරයාට දේශපාලනිකව උපකාරී වී තිබේ ද යන මැයෙන් සිදුකෙරුණු පොඩ්කාස්ට් සාකච්ඡාවක දී ය.

මෙම ප්‍රකාශය සමාජ මාධ්‍යවල විරෝධයට ලක්විය.

පලිහපිටිය පසුව පිළිගත්තේ, ඔහුගේ ප්‍රකාශයන් "සංවේදීබවින් තොර" වග යි.

තම ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා නිකුත් කළ ප්‍රකාශයක් හරහා ඔහු කියා සිටියේ, "වැදගත් කරුණු වැදගත් ලෙස සාකච්ඡා කළ යුතු යි," කියා ය.

"චීනයේ, එක්සත් ජනපදයේ හෝ වෙනත් රටක වේවා, මානව හිමිකම් වැදගත් බව මම පිළිගන්නවා," ඔහු ට්විටර් පණිවිඩයක සටහන් කළේ ය.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

මෙම ගැටලුව පිළිබඳව උනන්දුවක් දක්වන බොහෝදෙනෙක් එම ප්‍රකාශයෙන් සෑහීමකට පත් නොවූහ.

"කෙනෙක් සමාව ඉල්ලද්දී, ඔවුන්ට තවත් අවස්ථාවක් ලැබෙන්න ඕන. ඒත් චමත්ගේ ප්‍රකාශය උයිගර් ප්‍රජාවට වේදනා ගෙනදෙන එකක් බවවත් චමත්ට පිළිගන්න බැරි නම්, මම ‍ඒක සමාව ඉල්ලීමක් ලෙස සලකන්නේ නැහැ," මානව හිමිකම් පිළිබඳ නීතිඥ රේහාන් අසාත් ට්විටර් සටහනක් තැබීය. "ආයතනවල විධායක නිලධාරීන් චීනයට සහාය දක්වන බව දන්නා නිසා [චීනයත්] දිගටම මේ වර්ග සංහාරය කරගෙන යනවා."

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

සින්ජියැන්ග් කලාපයේ වෙසෙන, ප්‍රධාන වශයෙන් මුස්ලිම් වූ උයිගර් සුළුතරය මර්දනය කිරීමේ දී චීනය වර්ග සංහාරයක් සිදු කළ බවට එක්සත් ජනපදය චෝදනා කරන අතර, චීනය එම චෝදනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇත.

පසුගිය වසරේ ජනපති බයිඩන් නව නීති කීපයකට අත්සන් තැබීය. ඒ අනුව, චීනයේ එම ප්‍රදේශයෙන් ආනයනය කරන ලද භාණ්ඩ "බලහත්කාර ශ්‍රමය" භාවිතයෙන් නිෂ්පාදනය නොකළ බවට සමාගම් විසින් ඔප්පු කළ යුතු වේ.

Facebookහි මුල්කාලීන විධායක නිලධාරියෙකුත්, දැන් ප්‍රමුඛ ව්‍යාපාරිකයෙකුත් වන චමත් පලිහපිටිය, "All-in" නමැති ඔහුගේම පොඩ්කාස්ට් වැඩසටහනක නිවේදකත්වය දරයි. ජනපති බයිඩන්ගේ ස්ථාවරය ඡන්දයේ දී ඔහුට වාසියක් නොවීයැ යි පොඩ්කාස්ට් වැඩසටහනේ අනෙක් නිවේදකයා පැවසූ විට, ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පහත ප්‍රකාශය සිදුකළේ ය.

"අපි අවංකව කතා කරමුකෝ. කිසිම කෙනෙක්.. කිසිම කෙනෙක් උයිගර්වරුන්ට වෙන දේ ගැන තකන්නේ නැහැ, නේ? ඔයා ඒක ගැන කතා කරන්නේ ඔයාට ඒ ගැන හැඟීමක් තියෙන නිසා. ඒ ගැන වධ වෙන එක හොඳ දෙයක්, ඒත්… අපි නම් ඒ දේවල් ගැන තකන්නේ නැහැ. මම මේ තිත්ත ඇත්ත කියන්නේ," ඔහු පැවසීය.

පලිහපිටියගේ අදහස් හෙළා දකින්නන් අතර 'බොස්ටන් කෙල්ටික්ස්' පැසිපන්දු කණ්ඩායමේ ක්‍රීඩක ඉනෙස් කන්ටැර් ද සිටියි. ඔහු මානව හිමිකම් ගැටලු පිළිබඳව විවෘතව අදහස් ප්‍රකාශ කරන, බලහත්කාර කම්කරු නීතිය වෙනුවෙන් ද උද්ඝෝෂණය කළ අයෙකි.

"වර්ග සංහාරයක් සිදුවෙද්දී, ඒවා සිද්ධවෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ මේ වගේ මිනිස්සු," ඔහු ලිවීය.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

'ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස්' පැසිපන්දු කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින්, පලිහපිටිය සමග ඇති සම්බන්ධයතාවය දුරස්ථ එකක් බව හඟවමින්, එම කණ්ඩායමේ 10%ක කොටස් හිමි පලිහපිටිය "දිනපතා මෙහෙයුම් කාර්යයන්ට සම්බන්ධයක් නැති සීමිත ආයෝජකයෙකු"ලෙස හඳුන්වා දුන්නේ ය.

"පලිහපිටිය මහතාගේ ප්‍රකාශයන් අප නියෝජනය නොකරයි. ඔහුගේ අදහස්වලින් කිසිසේත්ම අපගේ සංවිධානයේ අදහස් පිළිබිඹු නොවේ", කණ්ඩායම පැවසීය.

Skip X post, 4
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 4