කොරෝනා වෛරසය: දිල්ලි නුවර පරිසර දූෂණය සමඟ වසංගතය දරුණු විය හැකි බවට අනතුරු ඇඟවීම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පසුගිය සති දෙකක කාලය ඇතුළත දිල්ලි අගනුවර සහ උතුරු ඉන්දීය වෙනත් නගරවල වායු දූෂණය වේගයෙන් නරක අතට හැරීමත් සමඟ ඉන්දියාවේ ඉතාම දරුණු පරිසර සෘතුව යළි උදාවී ඇත.
මෙම තත්ත්වය කොරෝනාවෛරසයට එරෙහිව දුෂ්කර අරගලයක නිරතවෙමින් සිටින ඉන්දියාවට අමිහිරි පුවතකි. ඊට හේතුව Covid-19 ආසදනයවීම් සහ මරණ ඉහළයාම සහ පරිසර දූෂණය අතර සම්බන්ධයක් පවතින බව ලොවපුරා සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළිදරව් වෙමින් පැවතීමය.
PM 2.5 මිනුම් ක්‍රමයට අනුව වාතයේ ඝන මීටරයක් තුළ වායු දූෂක අංශු එක් මයික්‍රෝග්‍රෑමයක වැඩිවීම කෝවිඩ්-19 රෝගය හේතුවෙන් මියයන පිරිස 8% කින් වැඩිවිය හැකි බව හාවඩ් විශ්වවිද්‍යාලය පැවැත්වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ. (Fine particulate matter - PM2.5 - යනු මිනිස් සිරුරට හානිකර වායු අංශු මණින මිනුම් ක්‍රමයකි)
ඒ අතරම පොසිල ඉන්ධන දහනය සමඟ රථවාහනවලින් පිටකෙරෙන දුමාරය පොළෝ මට්ටමේ ඕසෝන් ස්ථරයට එකතුවීම සහ නයිට්‍රජන් ඔක්සිඩස් (nitrogen oxides) ඇතුළු වායු දූෂණයවීම්වලට දිගුකලක් ගොදුරුවීම සහ Covid-19 වෛරසය ආසාදනයවීම් බරපතල අතට හැරීම අතර සම්බන්ධයක් ඇති බව කේම්බ්‍රිජ් සරසවි අධ්‍යයනයක් මගින් හෙළිවී ඇත.
''එවැනි වායු දූෂණයවීම් සිරුරෙහි දිගින් දිගටම බලපැවැත්වෙන පීඩාදායක දැවිල්ලට සහ හුස්ම ගැනීම කෙරෙහි බලපාන වෛරස් ආසාදනය වීමට ඇති අනතුර වැඩිකරන'' බව ඉහත කී අධ්‍යයන වාර්තාවේ සම කතුවරයකු වන මාර්කෝ ට්‍රවග්ලියෝ(Marco Travaglio) බීබීසී සමග පැවසීය.
දිල්ලි අගනුවර ගත්විට පසුගිය සතිවල PM2.5 මට්ටම ඝන මීටරයකට මයික්‍රෝග්‍රෑම් 180-300ත් අතර තත්ත්වයක විය. එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරනු ලැබ ඇති මට්ටමට වඩා දොළොස් ගුණයකින් වැඩිවීමකි.
එය වායුවේ ගුණයෙහි පීඩාකාරී පිරිහීමකි. කෙසේවුවද, කොරෝනාවෛරසයත් සමඟ නගරය දැඩිව 'ලොක්ඩවුන්' කරනු ලැබීම නිසා රථවාහන ගමනාගමනය සහ කර්මාන්තශාලා වසා දැමීමත් සමඟ මේ වසරේ සැලකිය යුතු කාලයක් පිරිසිදු වාතය ආශ්වාස කිරීමට දිල්ලි වැසියන්ට අවස්ථාවක් ද උදාවිය.
Covid-19 ආසදනයවීම සහ සුවපත්වීමේ අනුපාතය කෙරෙහි පවතින වායු දූෂණය බලපාන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දියාව තුළ අධ්‍යයනයක් තවමත් සිදුකෙරී නැත. එහෙත් වෛරසය මැඩලීමට ගෙනයන සටනේ දී එකම බාධකය දූෂිත වායු පරිසරය බවට වෛද්‍යවරුන් සහ වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් විසින් අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කොරෝනාවෛරසය ආසාදනය වීමේ සංඛ්‍යාව අතින් ඉන්දියාව අද වනවිට ලෝකයේ දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර මරණ සංඛ්‍යාව අතින් තුන්වෙනි රට බවට පත්ව ඇත, සංඛ්‍යාත්මක මට්ටමින් පවසන්නේනම්, කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව හැත්තෑ පන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර,මරණ සංඛ්‍යාව එක්ලක්ෂ දාහතර දහස ඉක්මවා ඇත. පවතින නරක වායුදූෂණය යටතේ එකී සංඛ්‍යා තවත් වැඩිවිය හැකිබව විශේෂඥයෝ පෙන්වා දෙති.
දිල්ලි අගනුවර දැනටමත් වසංගතයට බරපතල මට්ටමින් ගොදුරුව ඇති නගරයකි. ඇතැම්විට වසර ගණනාවක් මෙම අන්තරායකාරී වායු දූෂණයට ගොදුරුවෙමින් පීඩාකාරී තත්ත්වයක ජීවත්වීමට දිල්ලි වැසියන්ට සිදුවනු ඇත.
''මෙම ශීතකාලයෙහි දිල්ලියේ තත්ත්වය ඇත්තවශයෙන් ම බරපතල අතට හැරෙනු ඇත''හාවර්ඩ් සරසවිය විසින් සිදුකරන ලද අධ්‍යයනයට නායකත්වය දුන් එම සරසවියේ ජෛව සංඛ්‍යාන (biostatistics) අංශයේ මහාචාර්ය වෛද්‍ය ෆ්‍රැන්සිස්කා ඩොමිනොචි (Dr Francesca Dominici) බීබීසී සමග ප්‍රකාශ කළාය.
ගොවීන් විසින් සිය ධාන්‍ය අස්වනු නෙළාගනු ලැබීමෙන් පසු යළි භූමිය සූදානම්කර ගැනීම පිණිස ඉපනැලි පුළුස්සා දැමීමෙන් ,රථවාහන සහ කර්මාන්ත මගින් නිකුත් කෙරෙන සහ උත්සව වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම ආදී ක්‍රියාවන් නිසා වායුගෝලයට එක්වෙන දුමාරය හේතුවෙන් නොවැම්බර් පටන් පෙබරවාරි තෙක් පවතින ශීතකාලයන්හි විශේෂයෙන් වායුගෝලය දූෂිත තත්ත්වයකට පත්වෙයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මාරක ගෑස් වර්ගත් ඊට එකතු වෙයි. ඒ අතරම තත්ත්වය නරක අතට හැරීමට තවත් හේතුවක් වන්නේ සුළං හමන වේගය පහළ මට්ටමක පැවතීමය.
හාවර්ඩ් සරසවි අධ්‍යයනය මගින් ඇමෙරිකා එක්සත් ජනපදය පුරා තුන් දහසකට අධික ප්‍රාදේශික කලාපද (counties) අධීක්ෂණය කර ඇත. එහෙත් ඔවුන්ට ඉතාම අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කරනු ලැබ තිබෙන්නේ දිල්ලියෙහිය. දිල්ලිය ලෝකයේ බෙහෙවින් ම වායුදූෂණය සහිත නගර අතරට නිරන්තරයෙන් ම ලැයිස්තුගත කරනු ලැබ ඇත.
Covid-19 බරපතල මට්ටමින් පැතිරගොස් ඇති කලාපයන්හි වායු දූෂණය පාලනය කරගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ උවමනාවක් ඇතැයි හාවර්ඩ් පර්යේෂකයෝ නිගමනය කරති.
''මෙම ශීත සෘතුවෙහි දිල්ලි නගරය ආරක්ෂිත තත්ත්වයක පවත්වා ගැනීම අවශ්‍ය'' බව කේම්බ්‍රිජ් අධ්‍යයනයට හවුල්වූ යිෂෝ යූ (Yizhou Yu)පවසයි.
''බරපතල මට්ටමේ රෝගාබාධවල හදිසි වැඩිවීමක් මගින් සෞඛ්‍ය සංරක්ෂණ වැඩ පිළිවෙල යටපත් වී යන්න ඉඩකඩ තියෙනව. එම තත්ත්වය මරණ අනුපාතයේ තවත් වැඩිවීමක් කෙරෙහිත් බලපාන්න පුළුවන්'' ඔහු පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකා එක්සත් ජනපදයේ දුප්පත් ප්‍රජා සමූහයන්ට සෙසු කලාපයන්ට වඩා දරුණු පරිසර සහ සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවෙන හැඩක් දක්නට ඇතැයි ස්ටැන්ෆර්ඩ් සරසවියේ (Stanford University) වායු දූෂණ සහ සෞඛ්‍ය පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂිකා මේරි පෘනික් (Mary Prunick) පවසයි. එම තත්ත්වය ඉන්දියාව ගත්විට ද සත්‍යයකි.
දිල්ලි අගනුවර පරිසර දූෂණයෙහි මට්ටම කෙරෙහි අවධානය යොමුකිරීමේ හදිසි අවශ්‍යතාවක් උද්ගතව පවතින බව මහ ඇමති අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) විසින් ද පිළිගනු ලැබ ඇත. එසේ නැත්නම්, දිල්ලියට එකම මොහොතක හදිසි සෞඛ්‍ය ප්‍රශ්න දෙකක් සමඟ පොරබදන්නට සිදුවිය හැකි බව ද මහ ඇමතිවරයා තේරුම්ගෙන සිටියි.
''මෙය බිය උපදවන තත්ත්වයක්'' තමිල්නාඩුවේ කීර්තිමත් සරසවියක් වන ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යායතනයේ (Christian Medical College) වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි.
PM2.5 අංශු පෙනහළුවලට ඇතුළුවිය හැකිය.එමගින් පෙනහැල්ලේ දැවිල්ලක් ඇතිකොට දෙවනුව ඒවාට හානිකිරීමට ඉඩකඩ ඇත. අනතුරුව එම අංශු රුධිර පද්ධතියට එක්ව බරපතල සෞඛ්‍ය ප්‍රශ්න ඇති කිරීමට ද හේතු වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
දරුණු මට්ටමින් සිදුවෙන පරිසර දූෂණය දියවැඩියාව, අධිරුධිර පීඩනය,හෘදරෝග සහ ඇදුම වැනි ආබාධවලින් පෙලෙන්නන්ට අහිතකර අතර එය රෝගවලට ඔරොත්තුදීමේ ශාරීරික ශක්තිය දුර්වලකරන බව අධ්‍යයන මගින් තහවුරු වී ඇත.
''පෙනහැල්ල කියන්නේ අපේ ශරීරයේ දොරටුව. ඊට සිදුවෙන හානියක් මගින් බරපතල ප්‍රතිවිපාක අත්කරන්න පුළුවන්.එවැනි තත්වයක් යටතේ මිනිසුන් කොරෝනා වසංගතයට ගොදුරුවීමේ වැඩි ඉඩක් තියෙනව'' වෛද්‍ය DJ ක්‍රිස්ටෝෆර් පවසයි.
වායු දූෂණය ඇතුළු පරිසර දූෂණය කොරෝනාවෛරසය පැතිරයාමට ආධාරකය යන්න විශේෂඥයන්ගේ අදහස වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශීත සෘතුවෙහි එක දවසකට කොරෝනා ආසාදිතයන් 15,000ක් පමණ වාර්තාවීමේ තත්ත්වයක් පවතින බවට ඉන්දීය ආණ්ඩුවේ වාර්තාවක් මගින් අනාවැකි පළ කරනු ලැබ ඇත. එසේම එම ආසාදිතයන්ගෙන් වැඩිදෙනාගේ තත්ත්වය බරපතල වියහැකි බවත් එමගින් පැවසෙයි.
'හදිසි ක්‍රියාමාර්ගයක් ගතයුතු තැනට දැන් තත්ත්වය පත්වෙලා. කොවිඩ් විනාශයෙන් බේරීමට දිල්ලියේ පරිසර දූෂණය අවම කළ යුතුව තිබෙනවා. මේ ශීත සෘතුවේ අපේ සෞඛ්‍ය වැඩ පිළිවෙල අඩාලවෙන තත්ත්වයකුයි පවතින්නේ'' වෛද්‍ය ක්‍රිස්ටෝෆර් පෙන්වා දෙයි.
''ඉන්දීය ආණ්ඩුව,විශේෂයෙන්ම දිල්ලි පාලනය පරිසර දූෂණය අවම කරගැනීමට කඩිනම් පියවර ගතයුතුව තියෙනව.එහෙම නොවුණොත්, අපි ගමන් ගනිමින් සිටින්නේ- ඉතාම අඳුරු ශීත සෘතුවකට''
තවත් තොරතුරු;









