2019 නොබෙල් ත්‍යාග හිමිවූවෝ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඉතියෝපියානු අගමැති අබී අහමද්ට 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කෙරිණි.
"සාමය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සාක්ෂාත් කරගැනීමට" දැරූ උත්සාහය ඔහු මෙම ත්‍යාගයට හිමිකම් කීමට ඉවහල් විය.
1998- 2000 වර්ෂවල සිට වසර 20ක් පුරා එරිත්‍රියාව සමග පැවති දේශ සීමා යුද්ධය අවසන් කර පසුගිය වසරේ දී සාම ගිවිසුමකට එළඹීමට ඉතියෝපියාවට හැකි විය.
සියවෙනි නොබෙල් සාම ත්‍යාග ලාභියා වන අගමැති අබී අහමද්ට දෙසැම්බර් මස දී එම ත්‍යාගය පිරිනැමීමට නියමිතය.
එය ඩොලර් ලක්ෂ නවයක් පමණ වටිනා ත්‍යාගයකි.
පුද්ගලයන් 223ක් සහ සංවිධාන 78ක් ඇතුළුව 301 දෙනෙකු මෙම ගෞරවාන්විත සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි.
ත්‍යාගය හිමිවන්නේ කාහටදැයි අනුමාන කරමින් ලොව පුරා විවිධ වාර්තා පළවිය. මේ අතරින් ගෝලීය දේශගුණික විපර්යාස ගැන දැනුවත් කිරීමේ සටනේ ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වුවාය.
43 හැවිදිරි අගමැති අබී අහමද් 2018 අප්‍රේල් මස බලයට පත් වීමත් සමග දැඩි නීති රීතිවලින් පාලනය වුණ රටක් වූ ඉතියෝපියාවට ලිබරල් ප්‍රතිපත්ති හඳුන්වා දීමට ක්‍රියා කළේය.
ප්‍රතිවාදී ක්‍රියාකාරීන් දහස් ගණනක් නිදහස් කිරීමට ක්‍රියා කළ අතර, පිටුවහල් කර සිටි පිරිස නැවත ගෙන්වා ගැනීමට ඔහු කටයුතු කළේය. දශක දෙකක් පුරා එරිත්‍රියාව සමග පැවති යුද්ධය අවසන් කරමින් සාම ගිවිසුමකට එළඹීම ඒ අතරින් වඩා වැදගත් කාර්යය වන්නේය.
නමුත් මෙම ලිබරල් පිළිවෙත නිසා ඉතියෝපියාවේ ජාතීන් අතර විරසකය වැඩි වීමක් දක්නට ලැබුණු අතර, පුද්ගලයන් මිලියන 2.5 ක් සිය නිවෙස් අත්හැර පළා ගියහ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සාහිත්‍ය වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගය හිමි වූයේ පෝලන්ත ලේඛිකාවක වන ඔල්ගා ටොකාර්චුක් (Olga Tokarczuk) සහ ඔස්ට්‍රියානු ජාතික පීටර් හැන්දික්ටය (Peter Handke).
පසුගිය වසරේ දී මෙම ත්‍යාගය ලබා දීමට නොහැකි වූ නිසා මෙවර 2018 සහ 2019 යන වසර දෙකටම ත්‍යාග පිරිනැමීමට ක්‍රියා කර තිබේ.
ලිංගික අතවර පිළිබඳ ප්‍රශ්නයක් මතු වීම හේතුවෙන් 2018 වසරේ දී සාහිත්‍ය වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය අවලංගු කළේය.
පසුගිය වසරේ 'මෑන් බුකර් ජාත්‍යන්තර සම්මානයට ද හිමිකම් කියූ ඔල්ගා ටොකාර්චුක්ට 2018 වසරේ නොබෙල් ත්‍යාගය හිමි විණි. 2019 වසරේ සාහිත්‍ය වෙනුවෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ පීටර් හැන්දික්ටය.
76 හැවිදිරි පීටර් හැන්දික්ට මෙම සම්මානය හිමි වීම ගැන විවේචන බොහොමයක් ද එල්ල වෙමින් තිබේ.
ඊට හේතුව, 1990 යුගොස්ලාව් යුද්ධය පවතින සමයේ ඔහු සර්බියානුවන්ට සහයෝගය දැක්වීමය. ජන සංහාර ඇතුළු යුධ අපරාධ චෝදනා ලැබ සිටි සර්බියාවේ හිටපු නායක ස්ලොබොදාන් මිලොසෙවිච් ගේ (Slobodan Milosevic) අවමඟුල් උත්සවයේ දී කතාවක් පැවැත්වීම පීටර් හැන්දික්ට එල්ලවන තවත් චෝදනාවකි.

ඡායාරූප මූලාශ්‍රය, U TEXAS / BINGHAMTON / AFP
ලිතියම් අයන් විදුලි කෝෂ වැඩිදියුණු කිරීම වෙනුවෙන් විද්‍යාඥයන් තිදෙනෙක් මෙවර රසායන විද්‍යාව වෙනුවෙන් පිදෙන නොබෙල් ත්‍යාගයට හිමිකම් කීහ.
ජෝන් බී ගුඩේනෝ, එම් ස්ටැන්ලි විටින්ගැම් සහ අකිරා යෝශිනෝ යන විද්‍යාඥයන් අතර ඩොලර් ලක්ෂ නවයක පමණ ත්‍යාගය බෙදී යෑමට නියමිතය.
ජංගම ඉලෙක්ට්‍රොනික උපාංග සඳහා යොදා ගත හැකි මෙම විදුලි කෝෂ නැවත ආරෝපණය කළ හැකිය.
97 හැවිදිරි මහාචාර්ය ජෝන් බී ගුඩේනෝ මෙතෙක් නොබෙල් ත්‍යාගයක් හිමි වූ වසස්ගතම පුද්ගලයා වේ.
බරින් අඩු අධිබලැති ලිතියම් අයන් බැටරි ජංගම දුරකතන, ලැප්ටොප් සිට රථවාහන දක්වා ඕනෑම උපාංගයකට යොදා ගැනීමේ හැකියාව ඇත.

භෞතික විද්‍යාව වෙනුවෙන් වූ නොබෙල් ත්‍යාගය ද විද්‍යාඥයන් තිදෙනෙකුට හිමි වී තිබේ.
විශ්වයේ ආරම්භය පිළිබඳ "අතිශය වැදගත්"කරුණු සොයා ගැනීම හේතුවෙන් ජේම්ස් පීබ්ල්ස්, මයිකල් මේයර් සහ ඩිඩියර් කෙලොස්ට ඩොලර් ලක්ෂ නවයක පමණ ත්‍යාගය හිමි වී තිබේ.
විශ්වයේ පරිණාමය ගැන සිදු කරන කාර්යය වෙනුවෙන් ජේම්ස් පීබ්ල්ස් සහ හිරු මෙන් දිස්වෙන තරුවක් වටා පිහිටි ග්‍රහලෝකයක් සොයා ගැනීම වෙනුවෙන් මයිකල් මේයර් සහ ඩිඩියර් කෙලොස්ට මෙම ගෞරවාන්විත ත්‍යාගය පිරිනැමේ.
"මෙය විශ්වාස කරන්නත් බැහැ. මෙම සොයාගැනීම සිදු කළේ අවුරුදු 25ට කළින්. හැබැයි හැමෝම කිව්වා මෙය නොබෙල් ත්‍යාගය හිමි විය යුතු සොයාගැනීමක් කියලා. මම එතකොට, ඔව් ඔව් ඉතින්,මොකක් හරි කියලා ඒ අයට උත්තර දුන්නා," මහාචාර්ය ඩිඩියර් කෙලොස් බීබීසී පුවත් සේවයට පැවසීය.
මේ තොරතුරුද කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, ALBERT AND MARY LASKER FOUNDATION
වෙනස් වන ඔක්සිජන් මට්ටම ශරීරයේ සෛලවලට දැනෙන ආකාරය සහ ඒවා හැඩගැසීම පිළිබඳ කළ සොයාගැනීම් සඳහා විද්‍යාඥයන් තිදෙනෙකුට කායික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය පිරිනැමේ.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ සර් පීටර් රැට්ක්ලිෆ්, හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ විලියම් කීලින් සහ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ග්‍රෙග් සෙමෙන්සා මෙම ත්‍යාගය හිමි වූ විද්‍යාඥයෝය.
ඔවුන්ගේ සොයා ගැනීම් තුළින් රක්තහීනතාව සහ පිළිකා රෝගවලට නව ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කිරීමට හැකි වී තිබේ.
"මෙය මට ගෞරවයක් වගේම මේ පුවත ඇසීමෙන් මම ඉතා සතුටට පත් වුණා," සර් පීටර් රැට්ක්ලිෆ් පැවසුවේය.








