වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

ඡායාරූප මූලාශ්‍රය, UNI WATERLOO
වසර 55කට පසු භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය කාන්තාවකට හිමි වී තිබේ.
කැනඩාවේ ජීවත් වන ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් (Donna Strickland) මෙම සම්මානය දිනාගත් තෙවෙනි කාන්තාව බවට ඉතිහාසගත වන අතර, 1903 වර්ෂයේදී මාරි කියුරි සහ 1963 දී මරියා ගෝපර්ට්-මේයර් (Maria Goeppert-Mayer) මෙම සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ්ට මෙම වසරේ ලැබුණ ත්‍යාගය එක්සත් ජනපදයේ ආතර් ඇෂ්කින් සහ ප්‍රංශයේ Gerard Mourou අතර සමසේ බෙදිණි.
භෞතික විද්‍යාවේ ඇති ලේසර් ක්‍රම පිළිබඳ සිදු කළ නව සොයාගැනීම් වෙනුවෙන් ඔවුන්ට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත.
ජෛව විද්‍යාත්මක ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි 'දෘශ්‍ය අඩුවක් (optical tweezers)' ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමයක් වැඩිදියුණු කිරීමට ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් කටයුතු කර තිබේ.
මෙකී ලේසර් ක්‍රමය මගින් මෙතෙක් සොයාගත් කෙටිම සහ වේගවත්ම ලේසර් කිරණ නිර්මාණය කිරීමට මඟ පාදනු ලැබේ. ඩෝනා ස්ට්‍රික්ලෑන්ඩ් සහ Gerard Mourou විසින් Chirped Pulse Amplification(CPA) ලෙස හැඳින්වෙන ලේසර් ක්‍රමවේදයක් වැඩිදියුණු කර කරනු ලැබීය. මෙය පිළිකා සඳහා මෙන්ම, වසරකට සිදු කෙරෙන මිලියන ගණනක් ලේසර් අක්ෂි ශල්‍යකර්ම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මෙතෙක් කාලයක් කාන්තාවකට මෙම ත්‍යාගය හිමි නොවීම ගැන තමන් "පුදුමයට පත් වෙන" බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් බීබීසී වෙත පැවසීය.
"මට සෑම අවස්ථාවකදීම පුරුෂයින්ට හා සමාන සැලකුම් ලැබුණා. මා සමග පුරුෂයන් දෙදෙනෙක්ද මෙම ත්‍යාගය දිනාගෙන තිබෙනවා. ඒ දෙදෙනාටත් මේ ත්‍යාගය එක සමානව අයිති වෙනවා," යැයි ඇය තවදුරටත් පැවසුවාය.
ජිනීවාහි විද්‍යාගාරයක පැවති සම්මන්ත්‍රණයකදී එක්තරා භෞතික විද්‍යාඥයෙකු සිදු කළ "ඉතා අප්‍රසන්න" දේශනයකින් දින කීපයකට පසු මෙම ත්‍යාග ප්‍රදානය සිදු විය. භෞතික විද්‍යාව "ගොඩනගා ඇත්තේ පුරුෂයින්" යනුවෙන් සඳහන් කළ ඔහු, පිරිමි විද්‍යාඥයන්ට වෙනස් කොට සැලකීමක් සිදුවන බව ද පැවසීය. එම දේශනයෙන් පසු ඔහු පර්යේෂණ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබිණි.
එම භෞතික විද්‍යාඥයා "මෝඩ" අදහස් පළ කර ඇති අතර, තමන් ඒ කිසිවක් "පෞද්ගලිකව" අදාළ කර නොගත් බව ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් පැවසීය.
මේ තොරතුරුද කියවන්න:
භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයට අවසන් වරට හිමිකම් කී කාන්තාවන් වන්නේ, ජර්මනියේ ඉපදුණු ඇමෙරිකානුභෞතික විද්‍යාඥවරියක වන මරියා ගෝපර්ට්-මේයර්ය. පරමාණුවල ඇති න්‍යෂ්ටික ශක්තිය පිළිබඳ සිදුකළ සොයාගැනීම් වෙනුවෙන් ඇයට මෙම සම්මානය හිමි විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රේඩියම් සොයාගැනීම වෙනුවෙන් පෝලන්ත ජාතික භෞතික විද්‍යාඥරියක් වන මාරි කියුරි 1903 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. රේඩියම් සොයාගැනීමේ පරීක්ෂණවලට එක් වූ සිය සැමියා වන පියරි කියුරි සහ Antoine Henri Becquerel අතර එම ත්‍යාගය සමසේ බෙදිණි.
මෙම ත්‍යාගය ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වටිනාකමකින් යුක්තය.
"මුලින්ම ඔබට සිතෙයි එය ඇත්තටම පිස්සුවක් කියලා. මගේ මනසට ආපු පළමුවෙනි සිතුවිල්ලත් එයයි. ඒ වගේ, මෙය සැබෑවක්ද කියලත් සිතෙනවා," යැයි කැනඩාවේ 'වෝටර්ලූ' විශ්වවිද්‍යාලයට අනුයුක්තව සේවයේ නියුතු ආචාර්ය ඩෝනා ස්ට්‍රික්ලෑන් සිය ජයග්‍රණය ගැන එසේ පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, SPL
"මේ තෑග්ග Gerard සමග බෙදා ගැනීම ගැන කියනවානම්, ඔහු තමයි මගේ වැඩ නිරීක්ෂණය කළේ. ඒ වගේම ඔහු මගේ උපදේශකවරයා. CPA ලේසර් ක්‍රමවේදය ඔහු ඉතා ඉහළ තැනකට රැගෙන ගියා. ඔහුට මෙම ත්‍යාගය ලැබිය යුතුමයි. ඒ වගේම ආතර් ඇෂ්කින්ට ලැබුණ ජයග්‍රහණය ගැන මම ඉතාමත් සතුටු වෙනවා."
"මම සිතන්නේ ඔහු මින් පෙරත් ඉතා විශාල සොයාගැනීම් ගණනාවක් සිදු කර තිබෙනවා. ඒ දේවල් භාවිත කරමින් අනිකුත් පුද්ගලයන් විශිෂ්ට දේවල් සිදු කරනවා. අවසානයේ දී ඔහුගේ සේවය ඇගයීම ගැන ඉතාමත් සතුටුයි," ඇය පැවසුවාය.
තවත් තොරතුරු:








