ඇමෙරිකානු සහ ජපාන විද්‍යාඥයන් දෙදෙනෙක් නොබෙල් විද්‍යා ත්‍යාගයෙන් පිදුම් ලබති

SPL

ඡායාරූප මූලාශ්‍රය, SPL

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය භාවිත කරමින් පිළිකා පාලනය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන් විද්‍යාඥයින් දෙදෙනෙකුට මෙවර වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමිව තිබේ.

ඇමෙරිකානු මහාචාර්ය ජේම්ස් පී ඇලිසන් (James P Allison) සහ ජපාන මහාචාර්ය තසුකු හොන්ජෝ (Tasuku Honjo) එම විද්‍යාඥයින් දෙදෙනාවේ. මාරාන්තික සමෙහි පිළිකාවලට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා ඔවුන් කළ මෙහෙය වෙනුවෙන් එය පිරිනමා තිබේ.

Immune checkpoint therapy යනුවෙන් හැඳින්වෙන මෙම පිළිකා ප්‍රතිකාර ක්‍රමය විප්ලවීය සොයා ගැනීමක් බව ස්වීඩනයේ නොබෙල් ත්‍යාග ආයතනය පවසයි.

එම සොයා ගැනීම "බැලූ බැල්මට ම ප්‍රතිඵලදායක" එකක් බවට තහවුරු වී ඇතැයි විශේෂඥයෝ පවසති.

මේ තොරතුරුත් කියවන්න:

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජේම්ස් ඇලිසන් සහ කියෝතෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තසුකු හොන්ජෝ අතර නොබෙල් ත්‍යාග මුදල වන ස්වීඩන් කෘනෝ මිලියන 9 ක මුදල බෙදී යනු ඇත.

ත්‍යාගය භාර ගනිමින් තසුකු හොන්ජෝ මාධ්‍යයට පැවසුවේ, "මට මේ පර්යේෂණය තවදුරටත් කරගෙන යන්න ඕන. ඒ මගින් මේ ප්‍රතිශක්තිකරණ චිකිත්සාව හරහා පෙරට වඩා පිළිකා රෝගීන් වැඩි පිරිසක් බේරා ගත හැකි වේවි," යනුවෙනි.

KYOTO UNIVERSITY

ඡායාරූප මූලාශ්‍රය, KYOTO UNIVERSITY

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය තකුසු හොන්ජෝ සහ ඔහුගේ සහයකයින්

"මෙම ක්‍රමය හරහා සාර්ථකව ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් දැකීම මානසික වශයෙන් විශාල සතුටක්. ඔවුන් මූලික විද්‍යාවේ බලය තහවුරු කරන සජීවී සාක්ෂි ලෙස හැඳින්විය හැකියි," මහාචාර්ය ජේම්ස් ඇලිසන් පැවසීය.

තවත් පුවත්:

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලින් මිනිසාව ආරක්ෂා කරයි. එහෙත්, ඇතැම් විට ශරීරයේ ඇති පටකවලට හානි වීම වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නතර වීම සිදුවේ.

70 හැවිරිදි මෙම මහාචාර්යවරුන් දෙදෙනා සොයා ගත් ක්‍රමවේදය අනුව ප්‍රතිශක්තිකරණ සෛල මුදා හැර පිළිකා සෛලවලට පහර දීම සිදු කෙරේ.

සබැඳි පුවත්: