පිළිකා නසන ‘ජීව චිකිත්සාවක්’: “ප්‍රතිඵල ලැබුණත්, තවම පරීක්ෂාවක”

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පුරෝගාමී නව චිකිත්සාවකින් පියයුරු පිළිකාවකින් පෙළෙන කාන්තාවකගේ ජීවිතය බේරාගත් බව ඇමෙරිකාවේ පර්යේෂකයන් පිරිසක් පවසති.
පිළිකාව විනාශ කරන ප්‍රතිශක්තිය සහිත සෛල බිලියන 90 ක් පමණ ඇගේ ශරීරයට එම චිකිත්සාවේදී සිදුවිය.
රෝග වින්ශ්චයට අනුව ජුඩි පර්කින්ස්ට (Judy Perkins) ජීවත් වීමට හැකියැයි තීරණයකර තිබුණේ මාස තුනක් පමණි. නමුත් දැනට දෙවසරක් ගතවීමෙන් පසුව පවා ඇගේ සිරුරේ පිළිකාවක ලක්ෂණ දකින්නට නොමැත.
අදාළ චිකිත්සාව තවමත් පර්යේෂණ මට්ටමේ පවතින නමුත් සියලුම පිළිකා සඳහා පිළියමක් ලෙස භාවිත කළ හැකි වනු ඇති බව ඇමෙරිකා ජාතික පිළිකා ආයතනය (US National Cancer Institute) පවසයි.
ෆ්ලොරිඩා හි වාසය කළ ජූඩි පැතිරී ගිය පියයුරු පිළිකාවකින් පීඩා විඳි අතර, සම්ප්‍රදායික චිකිත්සාවලින් මගින් ප්‍රතිකාර කළ නොහැකි මට්ටමක පැවතිණි.
ඇගේ අක්මාවේ ටෙනිස් බෝල ප්‍රමාණයට වර්ධනයවූ ගෙඩි තිබුණු අතර ද්විතීක පිළිකා සෛල සිරුර පුරා දිවගොස් තිබුණි.
"චිකිත්සාවෙන් සතියකට පමණ පසුව මට යමක් දැනෙන්න පටන් ගත්තා. මගේ පපුවේ තිබුණු ගෙඩිය කුඩා වෙන බවක් දැනුනා." ඇය බීබීසී සමග පැවසුවාය.
"ඒක මුළුමණින්ම නැතිවී යන්න තව සති දෙක - තුනක් ගියා "
ප්‍රතිකාරවලින් පසුව මුලින්ම ස්කෑන් පරීක්ෂාවට ගිය දිනය ඇයට අද මෙන් මතකය. වෛද්‍ය කාර්ය මණ්ඩලය "සතුටට පත්වෙලා වටේට උඩ පැන්නා"
සුවවනු ඇති බව ජුඩි ට ඔවුන් පවසා ඇත්තේ ඉන් පසුවය.
ජීව චිකිත්සාව
ලොව ප්‍රමුඛ පෙළේ පිළිකා පර්යේෂණ ආයතනයකදී රෝගියාගෙන්ම ලබාගත් සෛලවලින් මෙම "ජීව ඖෂධය" සැකසීම එහි තාක්ෂණය වේ.
"අපි මේ කතා කරන්නේ අතිශයින්ම පුද්ගල කේන්ද්‍රීය ප්‍රතිකාර ක්‍රමවේදයක් පිළිබඳවයි." ජාතික පිළිකා ආයතනයේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ස්ටීවන් රොසෙන්බර්ග් (Dr Steven Rosenberg) බීබීසී සමග පැවසීය.
මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර පුළුල් ලෙස හඳුන්වාදීමට ප්‍රථම තවදුරටත් සැලකියයුතු මට්ටමක පරීක්ෂණ කිරීමට අවශ්‍යය.
ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකාවක් සොයාගත හැකි එහි දුර්ලභ වෙනස්කම් හඳුනා ගැනීම සඳහා රෝගියා තුළ හටගෙන ඇති ගෙඩිය ජානමය වශයෙන් විශ්ලේෂණයකට ලක් කෙරේ.
ජුඩි පර්කින්ස් නමැති මෙම රෝගියාගේ සිරුරෙවූ ප්‍රවේණිගත අසාමාන්‍ය තත්ත්ව 62 ක් අතුරෙන්, හානිකර විය හැකිව තිබුණේ 4 ක් පමණි.
රෝගියාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගෙඩියට (tumour) එරෙහිව කටයුතු කරන නමුත්, පිළිකා සෛල සමග කරන සටනින් සුදු රුධිරාණු පරාජයට පත්වේ.

ඡායාරූප මූලාශ්‍රය, JUDY PERKINS
එබැවින්, රෝගියාගේ පිළිකාවට එරෙහිව කටයුතු කිරීමට සමත් සුදු රුධිරාණු පරීක්ෂා කරන විද්‍යාඥයින් ඒවා වෙන්කර ගනී.
එම ශක්තිමත් සුදු රුධිරාණු විද්‍යාගාරයේදී විශාල වශයෙන් වර්ධනය කෙරේ.
එසේ වර්ධනය කරගත් සුදු රුධිරාණු බිලියන 90 ක් පමණ 49 හැවිරිදි ජුඩි පර්කින්ස්ගේ සිරුරට නැවත එන්නත් කළේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙන් කළ ඖෂධ ද සමගය.
මෙම ප්‍රතිඵල ලැබී ඇත්තේ එක් රෝගියෙක් යොදාගෙන කළ පර්යේෂණයක් මගිනි. ඒ අනුව, සොයා ගැනීම තහවුරු කිරීමට වඩා පුළුල් පර්යේෂණ අවශ්‍ය වේ.
පිළිකා ප්‍රතිශක්තිකරණ චිකිත්සාවල මෙතෙක් දක්නට ලැබෙන අභියෝගය වන්නේ එය ඇතැම් රෝගීන්ට සුවිශේෂී ලෙස ප්‍රතිඵල ගෙනදුන්නද බහුතරයකට එසේ නොවීමය.
"මේක අතිශයින්ම පර්යේෂණයක්. මෙය කරන්නේ කළ යුත්තේ කෙසේදැයි අපි තවමත් අධ්‍යයනය කරමින් සිටිනවා. නමුත් මෙය ඕනෑම පිළිකාවකට සරිලන ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිවේවි" වෛද්‍ය රොසෙන්බර්ග් පවස
පර්යේෂණය පිළිබඳ තොරතුරු 'ස්වභාවික ඖෂධ' (Nature Medicine) සඟරාවේ පළකර තිබේ.









