කිම් කාඩේෂියන්ට ඩොලර් මිලියන 2.7ක වන්දියක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කිම් කාඩේෂියන් වෙස්ට් පළඳින මෝස්‌තර නිර්මාණ පිටපත් කර විකිණීම හේතුවෙන් ඇයට ඩොලර් මිලියන 2.7ක වන්දියක් ගෙවන ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ 'මිස්ගයිඩඩ්' (Missguided) ආයතනයට අධිකරණය විසින් නියෝග කරනු ලැබිණි.
කිම් කාඩේෂියන් වෙස්ට් වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ඇඳුම් "ඉතා නරක විදියට පිටපත් කරගැනීම" සහ ඒවා විකිණීමට ඇයගේ නම භාවිත කිරීම හේතුවෙන් මිස්ගයිඩඩ් ආයතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක නඩුවක් ගොනු කර ඇත.
අදාළ චෝදනාවට විරුද්ධව මිස්ගයිඩඩ් ආයතනය හේතු ඉදිරිපත් නොකළ අතර, කිම් කාඩේෂියන් වෙස්ට් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක වන්දියක් ප්‍රදානය කර තිබේ.
එමෙන්ම, මිස්ගයිඩඩ් ආයතනයේ "වෙළෙඳාම් කටයුතු, ප්‍රචාරණය සහ බෙදාහැරීම සඳහා කිම්ගේ වෙළෙඳ නාමය යොදා ගැනීම" තහනම් කිරීමට ද අධිකරණය ක්‍රියා කර තිබේ.
කිම් කාඩේෂියන් වෙස්ට් යම්කිසි ඇඳුමක් ඇඟලා ප්‍රසිද්ධ ස්ථානයක පෙනී සිටීමෙන් පැය කිහිපයකට පසු එම මෝස්තරයට සමාන ඇඳුම් අන්තර්ජාලයේ විකිණීමට ඇති ආකාරය ගැන ඇය මින් පෙර සඳහන් කර තිබිණි.
ඇයගේ සැමියා වන කන්යේ වෙස්ට් (Kanye West) ඇතුළු ලොව පුරා සිටින ඉහළ ගණයේ මෝස්‌තර නිර්මාණ ශිල්පීන් ඇය වෙනුවෙන් ඇඳුම් නිර්මාණය කරනු ලබයි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
2009 වසරේ මැන්චෙස්ටර්හි ආරම්භ කරන ලද මිස්ගයිඩඩ් ආයතනය ඔවුන් සිදුකරන සෑම ක්‍රියාවක් ගැනම ලජ්ජා නොවන්නේය.
කන්යේ වෙස්ට් නිර්මාණය කරන ලද රත්‍රන් පැහැති ඇඳුමකින් සැරසී සිටි කිම්ගේ ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම්හි පළ කර පැය කිහිපයකින්, ඊට සමාන ඇඳුමක් ඇඟලා ගත් මෝස්‌තර නිරූපන ශිල්පිනියකගේ ඡායාරූපයක් මිස්ගයිඩඩ් ආයතන වෙබ් අඩවියේ පළ කර තිබිණි.
"යකා මහන්සිවෙලා වැඩ කරනවා හැබැයි මිස්ගයිඩඩ් ඊට වඩා මහන්සි වෙලා වැඩ කරනවා," එම ඡායාරූපයේ මාතෘකාව විය.
මේ තොරතුරුද කියවන්න:
"ඇමරිකාවේ මිස්ගයිඩඩ් ආයතනය මෝස්‌තර නිර්මාණ පිටපත් කරගන්නවා පමණක් නොවෙයි, ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීමට ජනප්‍රිය චරිතවල නම් සහ ඡායාරූප ඉතා සූක්ෂ්ම ලෙස යොදාගන්නවා" යැයි කිම් කාඩේෂියන් වෙස්ට් පැවසීය.
මෙවැනි ඇඳුම් ආයතන "නියම මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ" මහන්සිය සහ මුල් අදහස් සොරා ගන්නා බව ඇය පෙබරවාරි මස ප්‍රකාශ කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2

End of X post, 3