කයිලි ජෙනර්: 'ස්වෝත්සාහයෙන් දියුණු වන මගට පිවිසෙන' ඇමරිකානු ප්‍රකෝටිපතිනිය - ෆෝබ්ස්

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර්

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ තාරකාවක් වන කිම් කාඩේෂියන්ගේ සොහොයුරියක වන කයිලි ජෙනර් විසි වෙනි විය තරම් අඩු වයසකදී ඇමරිකානු ඩොලර් මිලියන 900 කට හිමිකම් කියන බව ෆෝබ්ස් සඟරාව පවසයි.

සමාජ ජාල තරුවක් වන කයිලි "ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා" බවට පත්වීමේ මගට පියමනිමින් සිටින බව ෆෝබ්ස් සඟරාව වැඩිදුරටත් සඳහන් කරයි.

කාඩේෂියන් පවුලේ ලාබාලතම සාමාජිකයා වන කයිලි විලාසිතා සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නීය.

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කයිලි ජෙනර් (Kylie Jenner)'

තමාගේම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කිරීම ඇය විසින් අරඹා ඇත්තේ මීට තෙවසරකට ඉහතදීය.

කයිලිගේ සොයොයුරියන් අතරින් වඩාත් ප්‍රසිද්ධියක් උසුලන කිම් කාඩේෂියන්ගේ වත්කම්වල වටිනාකම ඩොලර් මිලියන 350 කි.

ඇමරිකානු නීතිය අනුව තවමත් මත්පැන් භාවිතා කළ හැකි වයස පවා පසු නොකළ කයිලි මේ වසරේ අගෝස්තු මස 21 වෙනි වියට පා තබන්නීය.

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"තම සොයොයුරිය කිම් කාඩේෂියන් ඇයගේ පසුපෙදෙසට කළ දේ කයිලි සිය දෙතොල්වලට කර තිබෙනවා," යනුවෙන් ඇයගේ වඩාත් ප්‍රසිද්ධ දෙතොල් උල් කිරීමේ ඉරියව්ව පිළිබඳ විස්තර කරමින් ෆෝබ්ස් සඟරාව පවසයි.

කෘතීම ක්‍රම භාවිත කරමින් පසුපෙදෙස කැපී පෙනෙන සේ සකසා ගත් නිරූපන ශිල්පිනියක ලෙස කිම් කාඩේෂියන් ප්‍රසිද්ධියක් උසුලයි.

එක්දරු මවක් වන කයිලි දෙතොල් විශාල කරගැනීම සඳහා ලබා ගන්නා එන්නත් නවතා දමන බව පසුගියදා නිවේදනය කළාය.

සිය ස්වාභාවික දෙතොල් තමන්ට "අනාරක්ෂිත බවක් ගෙන දෙන" නිසා තාවකාලිකව දෙතොල් විශාල කරගැනීමේ ක්‍රම අනුගමනය කරන බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනකදී පැවසුවාය.

පසුව ඇය 'කයිලි' වෙළෙඳනාමය යටතේ රූපලාවණ්‍ය ආලේපන හඳුන්වාදීමට කටයුතු කළාය. ඒ අතර කාන්තාවන්ගේ දෙතොල් විශාල ලෙස පෙන්වීම සඳහා භාවිතා කළ හැකි විවිධ ආලේපන බොහොමයක් දක්නට ලැබේ.

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

අනෙකුත් ආලේපන වර්ග මෙන් නොව, ඇයගේ නිෂ්පාදන වැඩි වශයෙන් මිලදී ගැනීමට හැකි වන්නේ අන්තර්ජාලය ඔස්සේය.

ඇයගේ රූපලාවණ්‍ය ආලේපනවලට ලොව පුරා අති විශාල ඉල්ලුමක් ඇත. කයිලි නිෂ්පාදන අන්තර්ජාලයේ පළ කර මොහොතකින් සියල්ල අලෙවි වේ.

කයිලිගේ රූපලාවණ්‍ය සමාගමේ සම්පූර්ණ හිමිකාරිත්වය ඇය සතුවන අතර, එහි වටිනාකම ඩොලර් මිලියන 800ක් බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරයි.

සඟරාවට අනුව ලෝක ප්‍රසිද්ධ ගායිකාවන් වන බියොන්ස්ගේ වත්කම ඩොලර් මිලියන 335ක් සහ ටේලර් ස්විෆ්ට්ගේ වත්කම ඩොලර් මිලියන 320ක් වේ. ඔවුන් දෙදෙනාටම වඩා වැඩි වත්කමක් හිමි කයිලි ස්වෝත්සාහයෙන් දියුණු වූ ඇමරිකානු කාන්තාවන් ලැයිස්තුවේ 27වන ස්ථානයේ පසුවන බව ෆෝබ්ස් සඟරාව පවසයි.

Kylie Jenner

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්ට අවුරුදු 23 වන විට බිලියන ගණනක වත්කමක් හිමිවූ අතර, ඔහුට වඩා අඩු වයසකදී කයිලි අති විශාල ධනස්කන්ධයක් උපයාගෙන තිබේ.

'ස්නැප්චැට්' නිර්මාතෘ එවන් ස්පීජෙල් ද අවුරුදු 20 පසු කරනවාත් සමගම බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා ගත් නමුත්, ඔහු ඉලක්කය කරා ළඟා වූයේ කිනම් වසරකදී දැයි පැහැදිලි නැත.

"මගේ පිංතූරය ෆෝබ්ස් සඟරාවේ කවර පිටුවක පළ කරනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි," මිලියන 110ක අනුගාමිකයන් පිරිසක් සිටින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ කයිලි එසේ සටහන් කර තිබූ අතර, ඇය ෆෝබ්ස් සඟරාවට සිය ස්තුතිය පිරිනමා තිබුණි.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

කෙසේනමුත්, කයිලි ජෙනර්ගේ දෙමාපියන් ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන් වීම හේතුවෙන් ඇය 'ස්වෝත්සාහයෙන්' දියුණු වූ කාන්තාවක් ලෙස හැඳින්වීම පිළිබඳ ෆෝබ්ස් සඟරාවට සමාජ ජාල ඔස්සේ සමහර පුද්ගලයන් චෝදනා එල්ල කර තිබේ.

කිම් සහ කයිලිගේ මව වන ක්‍රිස් ජෙනර් රූපවාහිනී ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරික කාන්තාවකි.

කිම් කාඩේෂියන් ඇයගේ පළමු විවාහයේ දරුවන්ගෙන් එක් අයෙකු වන අතර කයිලි ඇයගේ දෙවන කසාදයේ දරුවෙකි.

මේ තොරතුරුද කියවන්න: