කිම් කාඩේෂියන් පැරිස් කොල්ලකරුවන්ට ගොදුරු වෙයි

කිම් කාඩේෂියන් පැරිසියේ රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට පොලිසිය සහ මාධ්‍යවේදීන්

ඡායාරූප මූලාශ්‍රය, THOMAS SAMSON

ඡායාරූප ශීර්ෂ වැකිය, කිම් කාඩේෂියන් පැරිසියේ රැඳී සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට පොලිසිය සහ මාධ්‍යවේදීන්

ඇමෙරිකානු නිරූපන ක්ෂේත්‍රයේ රූපවාහිනී තාරකාවක් වන කිම් කාඩේෂියන් (Kim Kardashian) ප්‍රංශයේ පැරිස් අගනුවර සංචාරයක නිරත වෙමින් සිටියදී තුවක්කුකරුවන් විසින් කොල්ල කණු ලැබීම සමාජ මාධ්‍ය ජාලය තුළ සාකච්ඡාවට ලක් වෙමින් පවතී.

ප්‍රංශ පොලිසිය පවසන්නේ ලෝක ප්‍රකට ඇමෙරිකානු නිරූපිකාව සතු ඩොලර් දශලක්ෂ ගණනක් වටිනා රන් ආභරණ කොල්ලා කා ඇති බවයි.

නමුත් නිරූපිකාවට ශාරීරික හානියක් සිදු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාවක් අදහස් දක්වමින් කියා සිටියේ පොලිස් නිල ඇඳුමින් සැරසුන වෙස් මුහුණු වලින් මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් පිරිසක් නිරූපිකාව රැඳී සිටි කුටියට ඇතුල් වී ඇති බවයි.

කිම් කාඩේෂියන්

ඡායාරූප මූලාශ්‍රය, Pascal Le Segretain

ඇය එම කොල්ල කෑමට ලක්ව ඇත්තේ 'පැරිස් මෝස්තර සතිය' සඳහා සහභාගී වීමට පැමිණ සිටිය දී.

කිම් කාඩේෂියන්ගේ ප්‍රකාශිකාව වැඩි දුරටත් අදහස් දක්වමින් පවසන්නේ සිය සේවා දායිකාව දැඩි තැති ගැන්මට ලක්ව සිටින බවයි.

ඇයගේ සැමියා වන රැෆ් ගායක කෙන්යේ වෙස්ට්(Kanye West) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ සංදර්ශනයක නිරත වෙමින් සිටි අතර සිද්ධිය වාර්තා වීමත් සමඟ ඔහු හදිසියේම එය නතර කරන ලද බවයි වාර්තා වන්නේ.