ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉන්දීය මහ මැතිවරණය: 'වැරදි' පක්ෂයට ඡන්දය දුන් නිසා ඇඟිල්ල කපා ගත් මිනිසෙක්
තමන් "වැරදි" දේශපාලන පක්ෂයකට ඡන්දය භාවිත කළ බව දැන ගැනීමෙන් පසු සිය දබරැගිල්ල තමන් විසින් ම කපා ගනු ලැබූ පුද්ගලයෙකු පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ.
සමාජ වෙබ් අඩවි ඔස්සේ ව්‍යාප්ත වූ වීඩියෝවක දැක්වෙන්නේ, පවන් කුමාර් නමැති තමන් අත්වැරදීමකින් භාරතීය ජනතා පක්ෂයට ඡන්දය ලබා දී ඇති බවය.
ඔහුට අවශ්‍ය වී ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල දේශපාලන පක්ෂයකට ඡන්දය ලබා දීමටය. එහෙත්, ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රයේ පැවති පක්ෂ සලකුණු රාශිය නිසා ඔහු ව්‍යාකූලත්වයට පත්ව තිබිණි.
ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සෑම ඡන්ද දායකයෙකුගේ ම දබරැගිල්ලේ මැකීමට අපහසු තීන්ත සලකුණක් තබනු ලැබේ.
පවන් කුමාර් බ්‍රහස්පතින්දා ඡන්දය භාවිත කර ඇත්තේ, උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බුලන්ද්ෂාර් ප්‍රදේශයේදීය. ඉන්දීය මහ මැතිවරණ ඡන්ද විමසීමේ දෙවන අදියර යටතේ එහි ඡන්ද විමසීම සිදු කෙරිණි.
"මට ඕන වුණේ අලියාට ඡන්දය දෙන්න, ඒත් වැරදිලා මම ඡන්දය දුන්නේ මලට," පවන් කුමාර් ඔහුගේ වීඩියෝවේ එසේ පවසයි. ඔහු එයින් පවසන්නේ, එක් එක් අපේක්ෂකයින්ගේ පක්ෂ සලකුණු පිළිබඳවය.
භාරතීය ජනතා පක්ෂයේ සලකුණ නෙළුම් මල වන අතර, අලියා සලකුණ හිමි දේශපාලන පක්ෂය වන්නේ, බහුජන් සමාජ් පක්ෂයයි. බහුජන් සමාජ් පක්ෂය යනු තවත් ප්‍රදේශීය පක්ෂ දෙකක් සමග සන්ධානගතව භාරතීය ජනතා පක්ෂයට එරෙහිව තරග කරන ප්‍රාදේශීය වශයෙන් ප්‍රබල පක්ෂයකි.
මේ තොරතුරුද කියවන්න:
සාක්ෂරතාව පහළ අගයක පවතින ප්‍රදේශ රැසක් පවතින ඉන්දියාවේ ඡන්දය භාවිත කිරීම සඳහා පක්ෂ සලකුණු ඉතා වැදගත්ය. ඊට අමතරව ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක දේශපාලන පක්ෂ රැසක් පවතින හෙයින් ඉන්දීය ඡන්ද දායකයෝ නිරන්තරයෙන් ව්‍යාකූලත්වයට පත් වෙති.
පවන් කුමාර් යනු දලිත් ජන කොටසට අයත් පුද්ගලයෙකු වන අතර, බහුජන් සමාජ් පක්ෂයේ ඡන්ද බැංකුව ලෙස එම ජන කොටස හඳුන්වයි.
බ්‍රහස්පතින්දා පැවති ඡන්ද විමසීම බලවත් ප්‍රාදේශීය දේශපාලන පක්ෂවලට බෙහෙවින් වැදගත් එකක් විය. ඒ, ඔවුන්ට පාර්ලිමේන්තුවට සුදුසුකම් ලැබීම සඳහා ප්‍රාදේශීය වශයෙන් ලබා ගන්නා ඡන්ද සංඛ්‍යාව බලපාන හෙයිනි.
ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ පැවැත්වෙන අතර, ඡන්ද ගණනය කිරීම මැයි 23 වන දා සිදුවේ. මෙවර ඉන්දීය මහ මැතිවරණය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 900කට අධික වන අතර එය ලෝකයේ විශාලතම මැතිවරණය ලෙස සැලකේ.