ඇමෙරිකා ජනාධිපතිවරණය: ඩිමොක්‍රටික් අපේක්ෂකත්ව තරගයෙන් හිලරි ක්ලින්ටන් ඉවත් වෙයි

හිලරි ක්ලින්ටන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ඉවත් වී තිබේ.

"මම ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒත් මම විශ්වාස කරන දේ වෙනුවෙන් මම වැඩ කරනවා. හඬ නගනවා," හිලරි ක්ලින්ටන් නිව් යෝර්ක්හි නිව්ස් 12 රූපවාහිනී සේවයට පැවසීය.

2016 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් අනපේක්ෂිත ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ පරාජයට පත් වුව ද, බොහෝ දෙනෙකු අපේක්ෂා කළේ, හිලරි ක්ලින්ටන් ජය ගනු ඇති බවය.

රජයේ වෙනත් නිලයක් වෙනුවෙන් යළිත් ඉදිරිපත් වනවා ද යනුවෙන් නිව්ස් 12 රූපවාහිනිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය පැවසුවේ, "මං එහෙම හිතන්නේ නැහැ," යනුවෙනි.

මේ අතර, නිව් යෝර්ක්හි හිටපු නගරාධිපතිවරයෙකු වූ මයිකල් බ්ලූම්බර්ග් ද 2020 ජනාධිපතිවරණ අපේක්ෂක තරගයෙන් ඉවත් වී තිබේ.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

අඟහරුවාදා (මාර්තු 05) නිවේදනයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ, "මැතිවරණයකදී මට ඩොනල්ඩ් ට්‍රම්ප් පරාද කරන්න පුළුවන් බව විශ්වාසයි. ඒත් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයින් ගොඩක් අතරින් මට දිනන්න අපහසුයි කියල මට හොඳින් පේනවා," යනුවෙනි.

ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන පක්ෂයක් නියෝජනය කරමින් ජනාධිපති ධූර අපේක්ෂකත්වයට නම් කෙරුණු පළමු කාන්තාව වූයේ, හිලරි ක්ලින්ටන්ය.

ඇය 2016 ජනාධිපතිවරණය ජය ගනු ඇති බවට විශ්වාසයක් පළ වී තිබුණ ද, ධනවතුන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා කටයුතු කළ බවට චෝදනා එල්ල වූ අතර තරුණ ඡන්දදායකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට ද ඇය සමත් නොවීය.

ඇයගේ පරාජයත් සමග ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වයට සුදුස්සෙකු සෙවීමට සිදුවූ අතර මේ වන විට ඒ සඳහා තරගකරුවන් 10 දෙනෙක් පමණ ඉදිරිපත්ව සිටිති.

සිය පැරණි ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඉවත් වීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රතිචාර දක්වා තිබිණි.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

ඊට ප්‍රතිචාර දක්වමින් හිලරි ක්ලින්ටන් සඳහන් කර තිබුණේ, 'ඔයා ඇයි ඔච්චර මාව විවේචනය කරන්නේ?' යනුවෙනි.

Skip X post, 3
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 3

ඇමෙරිකානු ජනාධිපතිවරණය