ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
බ්‍රෙක්සිට් අර්බුදය: බ්‍රිතාන්‍ය අගමැතිනිය විශ්වාසභංගය පරාජය කරයි
සිය පක්ෂ නායකත්වය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළ අග්‍රාමාත්‍යවරිය තෙරේසා මේ බ්‍රසල්ස්හි පැවැත්වෙන යුරෝපා සංගමයේ සමුළුවට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් තිබේ.
මෙම සමුළුවේදී යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් යුරෝපා නායකයින් සමග නීත්‍යනුකූල එකඟත්වයක් ඇති කර ගැනීමට ඇය අපේක්ෂා කරයි.
අග්‍රාමාත්‍ය තෙරේසා මේ බදාදා (දෙසැ 12) පැවති විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමෙන් 200ට 117ක් ලෙස ජය ගත්තාය.
බ්‍රෙක්සිට් ගිවිසුම මගින් 2016 වසරේ පැවති ජනමත විචාරණය පාවා දීමක් සිදු වන බවට චෝදනා කළ මන්ත්‍රීවරුන් 48 දෙනෙක් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන ඒමට මුල් වූහ.
මෙම ඡන්ද විමසීමෙන් අනතුරුව අදහස් දැක්වූ තෙරේසා මේ ප්‍රකාශ කළේ, බ්‍රෙක්සිට් ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා අතර විපක්ෂව ඡන්දය භාවිත කළ මන්ත්‍රීවරුන්ගේ අදහස්වලට ද තමන් අවධානය යොමු කළ බවය.
2016 වසරේදී බ්‍රිතාන්‍ය වැසියන් යුරෝපා හවුලෙන් ඉවත් වීමට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාවෙන් අනතුරුව තෙරේසා මේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය ධූරයට පත් විය. නමුත් යුරෝපා සංගමයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් වන එකඟතා හේතුවෙන් ඇය තම කන්සර්වේටිව් පක්ෂය තුළ ම විවේචනයට ලක්වූවාය.
යුරෝපා සංගමයෙන් ඉවත්වීම හා සම්බන්ධ බ්‍රෙක්සිට් ගිවිසුමේ කෙටුම්පතකට අගමැතිනි තෙරේසා මේ අනුමැතිය පළකිරීමත් සමග බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය නොවැම්බර් 14 වන දින එයට අනුමැතිය ලබා දුන්නේය.
ඒ අතර, අගමැතිවරියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම කෙරෙහි පාලක කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ විය.
2016 ජූනි මාසයේ පැවති ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පක්ෂව ඡන්දදායකයන්ගෙන් 51.9% ක් ඡන්දය ලබා දී තිබිණි. ඒ අනුව 2019 මාර්තු 29 වන දින මධ්‍යම රාත්‍රියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.
අගමැතිවරිය විශ්වාසභංගය ජය ගැනීම හේතුවෙන් අවම වශයෙන් තවත් වසරක කාලයක් යන තෙක් ඇයගේ නායකත්වය අභියෝගයට ලක් කළ නොහැක.
යම් කිසි හෙයකින් තෙරේසා මේ විශ්වාසභංගයෙන් පරාජයට පත් වූවා නම් කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය සඳහා තරගයක් පැවැත්වෙනු ඇති අතර ඇයට ඒ සඳහා තරග කිරීමට නොහැකි වේ.