ඕස්ට්‍රේලියාව: නාවුරු සරණාගතයන් "අතිශය දරුණු" මානසික සෞඛ්‍ය අර්බුදයක

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

"අතිශය දරුණු" මානසික සෞඛ්‍ය අර්බුදය හේතුවෙන් නාවුරු දුපතේ සිටින සරණාගත භාවය අපේක්‍ෂාවෙන් සිටින සියලුම පුද්ගලයන් වහාම ඉවත් කළ යුතු බව වෛද්‍ය පහසුකම් ලබා දෙන Médecins Sans Frontières පුණ්‍යායතනය ඉල්ලා සිටී.

මෙම පුණ්‍යායතනය මාස 11 ක කාලයක් ඕස්ට්‍රේලියාව කුඩා දුපතක පිහිටුවා ඇති රැඳවුම් මධ්‍යස්ථානයේ වෙසෙන පිරිස් සඳහා සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබේ. නමුත් මෑතකදී ඔවුන්ට එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස නියෝග ලැබී ඇත.

එහිදී සිය දිවි හානි කරගැනීමට හෝ තමන්ටම හිංසා කරගැනීමට උත්සාහ කළ පුද්ගලයන් 78 දෙනෙක්ට මෙම පුණ්‍යායතනය මගින් ප්‍රතිකාර කර තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් නාවුරු දූපත් බලධාරීන් හෝ ඕස්ට්‍රේලියාව මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

පසුගිය මැයි 31 වෙනි දින වනවිට නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට පිවිස, සංක්‍රමණික රැඳවුම් භාරයේ පසුවන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 103 ක් බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්තාවල සඳහන්වේ. එයට අනුව ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුරුෂයන් 98 ක් සහ ස්ත්‍රීන් 5 ක් ඕස්ට්‍රේලියානු රැඳවුම් භාරයේ පසුවේ.

Nauru Islands Australia

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මතභේදයට තුඩුදුන් නාවුරු දුපත

මේ තොරතුරුත් දැනගන්න:

බෝට්ටු මගින් නීති විරෝධී ලෙස තම රටට ඇතුළුවීමට උත්සාහ කළ පිරිස් රැඳවීම සඳහා නාවුරු දුපතේ මෙම මතභේදාත්මක රැඳවුම් මධ්‍යස්ථානය 2013 වසරේ දී පිහිටුවීමට ඕස්ට්‍රේලියානු රජය කටයුතු කරන ලදී.

රැඳවුම් භාරයේ සිටින දරුවන්

WORLD VISION AUSTRALIA

ඡායාරූප මූලාශ්‍රය, WORLD VISION AUSTRALIA

දිවි හානිකර ගැනීමේ උත්සාහයන් සහ තමන්ටම හානිකර ගැනීමේ තැතිගන්වන ක්‍රියා හේතුවෙන්, නාවුරු දිවයිනේ වෙසෙන සරණාගත දරුවන් පිළිබඳ අවධානය යොමු වීම සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් 04 වෙනිදා බීබීසී සේවය වාර්තා කළේය.

එම දරුවන්ගෙන් විශාල පිරිසකට තමන්ගේ අනාගතය පිළිබඳ කිසිදු අදහසක් නොමැතිව ජිවිතයේ වැඩි කලක් රැඳවුම් භාරයේ ගෙවන්නට සිදුව තිබේ.

මෙයින් ඇතිවන කම්පනය, දුප්පත්කම සහ නිරන්තර භයානක තත්ත්වයන් ද සමග බැඳීමෙන් අපේක්ෂා භංගත්වය පිළිබඳ හැගීමක් ඇති කරයි.

එය "මානසික සෞඛ්‍ය අර්බුදයක්" ලෙස එහිදී හඳුන්වා ඇත.

සබැඳි පුවත්:

කෙසේ නමුත් එහි රඳවා ඇති කුඩා දරුවන්ගේ තත්ත්වය දිගින් දිගටම පිරිහෙන බව මෑතකදී නිකුත්වූ මාධ්‍ය වාර්තාවලින් ඉස්මතුකර පෙන්වීය.

"වයස 8 - 10 දරුවන් පවා තම දිවි හානි කරගැනීමේ පෙළඹීමක් දකින්නට අපට හැකිවී තිබෙනවා," මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ මනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය ලුවිස් නිව්මන් (Louise Newman) පවසයි. ඔහු නාවුරු දිවයිනේ සරණාගත පවුල් සහ දරුවන් සමග කටයුතු කරයි.

තවත් පුවත්: