නාඋරු යන මාධ්‍යවේදීන්ගේ වීසා ඩොලර් හත්දාහයි

නාඋරු රැඳවුම් කඳවුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, නාඋරු රැඳවුම් කඳවුරු

ඕස්ට්‍රේලියානු සරණාගත කඳවුරු පවත්වා ගෙන යන නාඋරු ( Nauru ) දූපතට පැමිණෙන විදේශීය මාධ්‍යවේදීන්ගෙන් වීසා බලපත් සඳහා ඩොලර් හත් දහසකට අධික මුදලක් අය කිරීමට තීරණය කර තිබේ.

දේශපාලන රැකවරණ පතා බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් කඳවුරු ගත කර ඇත්තේ මෙම දූපතේ යි.

මෙම කඳවුරු පිළිබඳව තොරතුරු වාර්තා වීම පාලනය කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ ඇති කැමැත්ත නිසා හතළිස් ගුණයකින් වීසා ගාස්තු ඉහල දමා ඇති බවට විවේචන එල්ල වී තිබේ.

නමුත් නාඋරු ආණ්ඩුව පවසන්නේ මුදල් රැස් කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

මෙම දූපතේ ඇති කඳවුරුවල තත්වය මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ විවේචනයට ලක් වී තිබුණි.