ඕස්ට්‍රේලියාව: කිඹුලන් පිරි භූමියකට ගොඩබට සංක්‍රමණිකයින්

ඡායාරූප මූලාශ්‍රය, EPA
කිඹුලන් පිරි ජල ප්‍රදේශයකින් හමුවූ බෝට්ටුව "පුද්ගල ජාවාරමට" සම්බන්ධයැයි විශ්වාස කරන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.
බලධාරීන් පුද්ගලයන් 15 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් පිරිසක් කේන්ස් (Cairns) නගරයට උතුරින් කඩොලාන අතරේ සැඟව ඇතැයි සිතන බව පොලිසිය කියාසිටී.
ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Peter Dutton) පෙන්වා දෙන්නේ වියට්නාමයෙන් පැමිණ ඇති මෙම යාත්‍රාව "දින 1,400 ට වඩා වැඩි කාලයකට පසු" පැමිණි පුද්ගල ජාවාරමට අදාළ පළමු යාත්‍රාවවන බවය.
බලධාරීහු තවදුරටත් නිරීක්‍ෂණ මෙහෙයුම්වල යෙදෙති.

ඡායාරූප මූලාශ්‍රය, AFP
ඉරිදා (අගෝස්තු 26) ඩේන්ට්‍රි (Daintree) ආසන්න ප්‍රදේශයකට සේන්දුවූ යාත්‍රාවේ කොපමණ පිරිසක් සිටියේද යන්න හෝ ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලුම් කිරීමේ සැලසුමක් ඉන් කොපමණ පිරිසකට තිබුණේද යන්න ඔවුන් පවසා නැත.
ප්‍රදේශයේ නගරාධිපතිනිය ජුලියා ලෙව් (Julia Leu) ABC පුවත් සේවයට පවසා තිබුණේ, ඔවුන් "කිඹුලන්ගේ වාසභූමියක තමන්ගේ ජිවිත අනතුරට හෙලා ඇති බව,"ය.
තමන්ගේ මුහුදු සීමාවට ඇතුළුවන යාත්‍රා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි විමසිල්ලකින් පසුවේ. ඒ අනුව, නිත්‍යානුකුල නොවන ආගමන, කල්වේලා ඇතිව හඳුනාගනු ලැබේ.
"පැහැදිළිවම එහි අසමත් වීමක් තියෙනවා. මේ යාත්‍රාව නිසි ලෙස හඳුනාගෙන නැහැ," පීටර් ඩට්න් සඳුදා (27) මාධ්‍යයට පැවසීය.
මීට පෙර රැකවරණ පතා පැමිණි පුද්ගලයන් මුහුදෙන් එතෙර නාවුරු සහ පැපුවා නිව් ගිනිහි මැනුස් දුපත්වල පිහිටි මධ්‍යස්ථාන වෙත යැවිණි.
සරණාගතයන් ලෙස හමුවූ අයට පවා ඕස්ට්‍රේලියාවේ නැවත පදිංචිය සඳහා අවස්ථාව නොදෙන්නේ, අනාගත සංක්‍රමණ අධෛර්යමත් කිරීමේ අරමුණින් සැකසුණු අර්බුධකාරී ප්‍රතිපත්තිය අනුවය.









