ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
සෝයුස් අභ්‍යවකාශ යානයේ සිදුර ‘සිතාමතා’ කළ දෙයක් විය හැකියි
අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇතිවී තිබූ සිදුර විදීමකින් ඇතිවුවක් බවත් එය "හිතා මතා කළ ක්‍රියාවක්" විය හැකි බවත් රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා පැවසීය.
මෙම සිදුර සෝයුස් යානාවේ තිබූ එම සිදුර කාර්ය මණ්ඩලය විසින් හඳුනාගනු ලැබූ අතර පීඩනයේ සුළු වශයෙන් අඩුවීම නිසා එම සිදුර ටේප් පටියක ආධාරයෙන් එය වසා දැමීමට ඔවුන් කටයුතු කළේය.
"විදීමට කීපවරක් උත්සාහ කර තිබෙනවා," රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කළේය.
සිදුර ඇතිවුයේ අභ්‍යවකාශයේ පාවී ආ පාෂාණ කැබැල්ලක් හෝ උල්කාෂ්මයක් වැදීමෙන් වන්නට ඇතැයි මිට පෙර කළ නිගමනය ප්‍රතික්ෂේප වී තිබේ.
ඇමෙරිකානුවන් තිදෙනෙක්, රුසියානුවන් දෙදෙනෙක් සහ ජර්මන් ජාතිකයෙක් වශයෙන් කාර්ය මණ්ඩලයේ සයදෙනෙක් මේවන විට අන්තර් ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැදී සිටිති.
සිදුර සහිත ඡායාරුප අන්තර් ජාලය ඔස්සේ සැරිසරමින් පවතී.
යානය කසක්ස්තානයේ බයිකනොර් (Baikonur) මධ්‍යස්ථානයේ පරීක්ෂණ අවස්ථාවේදී හානිවන්නට ඇතැයි අභ්‍යවකාශ කර්මාන්තයේ ප්‍රකාශකයෙක් රුසියානු Tass පුවත් ඒජන්සියට පවසා ඇත.
මූලික පරීක්ෂණවලින් අනතුරුව, සිදුවූ වැරැද්ද වසා දමන්නට ඇත.
"කවුරු හරි වැරද්දක් කළා, පසුව බියවී සිදුර වසා දැමුවා," ප්‍රකාශකයා අනුමාන කරයි. එය වසා දැමුවත් වැසීමට යෙදු ද්‍රව්‍යය "වියළී ගැලවෙන්නට ඇති" අතර යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟාවී තිබේ.
වීඩියෝගත කරන ලද වැඩසටහනක අදහස් දක්වමින්, "මොකද්ද මේ? නිෂ්පාදනයේදී ඇතිවූ දෝෂයක්ද? එහෙම නැත්නම් කලින් සැලසුම් කළ කටයුත්තක්ද?," යනුවෙන් රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා කියා සිටියේය..
"අපි පෘථිවියේ කොටස පරීක්‍ෂා කරනවා, නමුත් අපට පාලනය කළ නොහැකි තවත් පැත්තක් තියෙනවා, ඒ අභ්‍යවකාශ කටයුතුවලට හිතාමතා කළ බාධා කරන බව."
කියවන්න: