ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නාසා අභ්‍යවකාශ යානයක් ප්ලූටෝ මත මීතේන් අයිස් වැටි සොයාගනී
ප්ලූටෝ මත මිදුණු මීතේන් වැටියක් ඇති බවට සාක්ෂි හමු වූ බව විද්‍යාඥයෝ පවසති.
දුරින් පිහිටි ප්ලූටෝ පෙර සිතුවාට වඩා වඩාත් ක්‍රියාකාරී යයි 'සයන්ස්' සඟරාවේ පළ කරන ලද පර්යේෂණය මගින් යෝජනා කරයි.
පෘථිවිය මත දිස්වන කාන්තාර හා සමාන විශේෂ ලක්ෂණ නිර්මාණය වීමට තරම් ප්ලූටෝ වටා ඇති බොහෝ තුනී වායු ගෝලය ප්‍රමාණවත් නොවන බව විශ්වාස කෙරිණි.
ඉහත කී සොයා ගැනීම් සිදු කරනු ලැබ ඇත්තේ 2015 වසරේ ජුලි මස ප්ලූටෝ අසලින් පියාසර කළ නාසා ආයතනයේ 'නව ක්ෂිතිජ' මෙහෙයුම මගින් ලබා ගත් පුදුමය දනවන සුළු ඡායාරූප විශ්ලේෂණය කිරීමෙනි.
දශකයකට ආසන්න කාලයක් පැයට කිලෝමීටර 58,536 ක ඉක්මවූ වේගයකින් සෞරග්‍රහ මණ්ඩලය වටා දීර්ඝ චාරිකාවක යෙදෙන අතරතුර 'නව ක්ෂිතිජ' යානය දත්ත එක්රැස් කරනු ලැබීය.
ස්පුට්නික් ප්ලැනිෂියා (Sputnik Planitia) යනුවෙන් හැන්දින්වෙන වැලිතලා වැනි ආවරණය වූ තැනිතලා භුමියෙහි ඡායාරූප තමන් අධ්‍යයනය කළේ කෙසේදැයි පර්යේෂකයන් විද්‍යා සඟරාවේ පළකළ සිය වාර්තාවේ දක්වා ඇත.
මෙම තත්ත්වය දක්නට ඇත්තේ කිලෝ මීටර 5 ක් පමණ උස අයිස් කඳුවලට ආසන්නයේය.
මෙම වැටි කි.මි. 0.4 සිට 1 දක්වා දුරකින් එකිනෙකට වෙන්ව පවතින බවත්, ඒවා මයික්‍රො මීටර 200 - 300 අතර විශ්කම්භයකින් යුත් මීතේන් කැටවලින් නිර්මාණය වී ඇති බවත් විද්‍යාඥයන් නිගමනය කර ඇත. ඒ අනුව මෙම මීතේන් අංශුවක ප්‍රමාණය දළ වශයෙන් සාමාන්‍ය වැලි කැටයක විශ්කම්භයට සමානවේ.
"අපිට කැට (මීතේන් අයිස්) වෙන වෙනම පේන්නෙ නැහැ. නමුත් අපිට වැටි හඳුනා ගන්න පුළුවන්. ඒවගේම ඒවායේ මූලික භෞතික පරාමිතියේ ලක්ෂණ සහ එමගින් නිර්මාණය කරන ලද යටින් පිහිටි වායු ගෝලයේ ඝනත්වය හඳුනා ගන්න පුළුවන්." යනුවෙන් පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන සංස්කාරක එක්සත් රාජධානියේ ප්ලිමුත් විශ්ව විද්‍යාලයේ භෞතික භූ විද්‍යාඥ ආචාර්ය මට් ටෙල්ෆර් (Dr Matt Telfer) බීබීසී සේවයට පැවසීය.
"ඒ වගේම අපට එම වැටි එකිනෙකට කොපමණ දුරකින් පිහිටා තිබේද යන්නත්, එමගින් ඇති කරන සුළඟේ වේගය පිළිබඳ තක්සේරුවකට පැමිණීම වැනි යම් මූලික මිණුම් කළ හැකියි."
"අප සතුව ඇති දත්ත සියල්ල එක් ආකෘතියකට ඇතුළත් කිරීම මගින් මීතේන් අයිස් කැටවල ප්‍රමාණය සම්බන්ධ නිගමනවලට එළඹෙන්න පුළුවන්" ඔහු වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත්: