මුහුණ බද්ධ කිරීම: සියදිවි නසාගැනීමට තැත් කළ තරුණියට ලැබුණ 'දෙවෙනි අවස්ථාව'

ඡායාරූප මූලාශ්‍රය, FAMILY/MARTIN SCHOELLER
සියදිවි නසාගැනීමේ අරමුණින් ගිණි අවියකින් සිය මුහුණට වෙඩි තබා ගන්නා විට කේටි ස්ටබ්ල්ෆීල්ඩ් (Katie Stubblefield) 18 වියැති යුවතියකි.
රෝහලේදී ලැබුණ ප්‍රතිකාරවලින් ඇයගේ ජීවිතය බේරුණ නමුත්, ඇයගේ මුහුණෙන් වැඩි කොටසක් විනාශ වී තිබිණි.
මේ වන විට 22 වෙනි වියේ පසුවන ඇය, එක්සත් ජනපදය තුළ මුහුණක් බද්ධ කළ ළාබාලතම පුද්ගලයා ලෙස වාර්තා අතරට එක් වී ඇත. වසර ගණනාවක් ඉතා වෙහෙසකර ශල්‍යකර්මවලට මුහුණ දී තමන්ට ලැබුණ නව ස්වරූපය ගැන කේටි ස්ටබ්ල්ෆීල්ඩ්ගේ අදහස් ඇතුළත් ලිපියක් 'National Geographic' සඟරාවේ පළ කර තිබේ.
මෙම ලිපිය සැකසීම සඳහා කේටි ස්ටබ්ල්ෆීල්ඩ් ප්‍රතිකාර ලබා ගන්නා ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ පිහිටි සායනයට ඇතුළු වීමට සඟරාවේ මාධ්‍යවේදීන්ට සහ ඡායාරූප ශිල්පීන්ට අවසර ලබා දී තිබුණි. එවිට ඇය 21 වෙනි වියේ පසුවූවාය.
කේටිගේ ඡායාරූපය ලබන සැප්තැම්බර් මස නිකුත් වීමට නියමිත 'National Geographic' සඟරා කවරයේ ඇතුළත් කර ඇත. ඇයගේ කතාව වාර්තා චිත්‍රපටයක් ලෙස අන්තර්ජාලයේ පළ කිරීමට ද කටයුතු කර තිබුණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මුහුණ බද්ධ කිරීමේ ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ මේ වන විට ලෝකය පුරා පුද්ගලයන් 40 දෙනෙකු පමණි. සම්පූර්ණ මුහුණ බද්ධ කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය 2010 වසරේ සාර්ථකව නිම කිරීමට ස්පාඤ්ඤ වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත් විය.
නමුත් තවමත් මෙම ශල්‍යකර්මය පර්යේෂණ මට්ටමේ තිබෙන නිසා, එක්සත් ජනපදයේ රක්ෂණ සමාගම්වලින් මෙය ආවරණය නොකරයි.
ඇමරිකානු හමුදාවේ ප්‍රතිජනක ඖෂධ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතනයක් කේටිගේ ශල්‍යකර්මයට අවශ්‍ය මුදල් ලබා දී ඇත. යුද්ධයෙන් තුවාල ලබන සෙබළුන්ට සිදු කරනු ලබන ප්‍රතිකාර වැඩි දියුණු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
වයස සහ තුවාලවල ස්වභාවය නිසා විසි දෙවෙනි වියේ පසුවන කේටි මෙම පරීක්ෂණාත්මක ශල්‍යකර්මය සඳහා කදිම සුදුස්සෙකු විය.
මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් ලබා ගැනීමෙන් 2017 දී මියගිය 31වෙනි වියේ පසුවූ Adrea Schneider ගේ මුහුණ කේටි ස්ටබ්ල්ෆීල්ඩ්ට බද්ධ කිරීමට කටයුතු කර ඇත.
මිය යාමට පෙර, Adrea Schneider සිය ශරීර කොටස් ප්‍රදානය කිරීමට කැමැත්ත පළ කර තිබුණත්, මුහුණ දන් දීමට තීරණය කර ඇත්තේ ඇයගේ මිත්තණිය වන සැන්ඩ්‍රා බෙනින්ටන් (Sandra Bennington) විසිනි.

ඡායාරූප මූලාශ්‍රය, BENNINGDON FAMILY/MAGGIE STEBER/ NATIONAL GEOGRAPH
සියදිවි නසාගැනීමට උත්සහ කිරීමට පෙර ගෙවූ ජීවිතය ගැන වැඩිදුර විස්තර මතකයේ රැඳී නැති බව කේටි පැවසුවාය. නමුත් බිඳුණු සම්බන්ධතා, අයහපත් සෞඛ්‍ය තත්වයන් ඇතුළු විවිධ හේතූන් නිසා ඇය මානසික අසහනයට පත්ව සිටි බව පවුලේ සාමාජිකයෝ පැවසූහ.
වෙඩි උණ්ඩය වැදීමෙන් ඇයගේ මුහුණේ වැඩි කොටසක් විනාශ වී තිබුණ අතර, නාසය, නළලේ කොටසක් සහ හකු ප්‍රදේශයට දැඩි ලෙස හානි සිදු වී තිබිණි.
ඇයගේ මොළය සහ දෑස්වලට ද සැලකිය යුතු හානි සිදුව තිබුණි.
මේ තොරතුරුද කියවන්න:
මිස්සිසිප්පි (Mississippi) රෝහලෙන් ඇයට මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර, පසුව ටෙනෙස්සේ (Tennessee) රෝහලට මාරු කර තිබේ.
ඔහියෝවල පිහිටි මුහුණ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා පහසුකම් ඇති 'Cleveland' සායනයට අවසානයේදී ඇයව ඇතුළත් කරන ලදී.
මුහුණ බද්ධ කිරීමට පෙර ඇයගේ කලවවලින් ලබාගත් සම උපයෝගී කරගෙන හානි වී තිබූ මුහුණ සැකසීමට ශල්‍යකර්ම 22 ක් සිදු කර තිබුණි. එමෙන්ම, ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යොදා ගෙන ඇයගේ හානි වී තිබූ හකු ප්‍රදේශය සැකසීමට ද කටයුතු කර තිබිණි.
මුහුණ බද්ධ කිරීම සඳහා ඇය සුදුස්සෙකු යැයි දන්වන අවස්ථාවේදී පවා එම ක්‍රියාදාමය පිළිබඳ කේටි හෝ ඇයගේ පවුලේ කිසිවෙක් දැන නොසිටි බව ඔවුහු පැවසූහ.
"මුහුණ බද්ධ කිරීම ගැන කිසිවක් මම දැනගෙන සිටියේ නැහැ. දෙමාපියන් මේ ගැන මට පැහැදිලි කරද්දී නැවත මුහුණක් ලබා ගන්න මම බොහොම උනන්දු වුණා" යැයි කේටි පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, MAGGIE STEBER/NATIONAL GEOGRAPHIC
ශරීර කොටස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සිටින රෝගීන් ලැයිස්තුවේ වසරක් රැඳී සිට, මුහුණ ප්‍රදානය කිරීමට කැමති පුද්ගලයන් දෙදෙනෙක් සොයා ගත් පසු, 2017 වසරේදී ඇය ශල්‍යකර්මය සඳහා සූදානම් වූවාය.
මූලික තීරණය වී තිබුණේ මුහුණේ කොටසක් පමණක් බද්ධ කිරීමටය. නමුත් කේටිගේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා දන් දුන් කාන්තාවගේ මුහුණෙන් වැඩි කොටසක් භාවිතා කර තිබුණි.
ප්‍රධාන ශල්‍යකර්මයෙන් පසු ඇයට තවත් ශල්‍යකර්ම තුනකට මුහුණ දීමට සිදු විය. මුහුණේ පෙනුම සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමට ඉදිරියේදී තවත් ශල්‍යකර්ම කීපයකට ඇයට මුහුණ දීමට සිදු වෙනු ඇත.
මුඛයට සිදු වූ හානි නිසා තවමත් කේටිට හරිහැටි කතා කිරීමට අපහසුය. බද්ධ කළ නව කොටස ශරීරයෙන් ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා සිය ජීවිත කාලය තුලම ඖෂධ ලබාගැනීමට කේටිට සිදු වනු ඇත.
'දෙවෙනි අවස්ථාවක්'
ඉගෙනීම් කටයුතු නැවත ආරම්භ කිරීමට සහ උපදේශන සේවා වෙත යොමු වීමට අපේක්ෂා කරන බව කේටි 'National Geographic' සඟරාවට පැවසුවාය.
ජීවිතයේ වැදගත්කම සහ සියදිවි නසාගැනීම ගැන යෞවන වියේ පසුවන්නන් දැනුවත් කිරීමට ද ඇය බලාපොරොත්තු වන බව පවසා තිබිණි.
"පුද්ගලයන් විශාල පිරිසක් මට උදව් කළා. දැන් මට අවශ්‍ය අනිත් අයට උදව් කරන්න" යැයි කේටි පැවසීය.
කේටිට "අවසාන දෙවෙනි අවස්ථාව ලැබුණා" යැයි ප්ලාස්ටික් සැත්කම් විශේෂඥ බ්‍රයන් ගැස්ට්මන් (Brian Gastman) පැවසූ බව CNN වාර්තා කර තිබුණි.
තවත් තොරතුරු:








