CCTV දර්ශනයකින් ළමා දූෂකයා අල්ලා ගත් හැටි

ඡායාරූප මූලාශ්‍රය, AFP
පසුගිය මාසයේ හය හැවිරිදි දැරියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලද විසි හතර හැවිරිදි ඉම්රාන් අලි එල්ලා මරා දැමිය යුතුයයි පාකිස්තාන් අධිකරණයක් විසින් තීන්දු කරනු ලැබුණි.
එම අපරාධයට ගොදුරු වූ සයිනබ් අන්සාරි (Zainab Ansari) නම් හය හැවිරිදි දැරියගේ මළ සිරුර පසුගිය ජනවාරි මාස හය වෙනිදා සොයාගනු ලැබුණේ ලාහෝර් නගරයට දකුණු දෙසින් පිහිටි 'කෂුර්' (Kasur) නගරයේ කසල ගොඩක දමා ගොස් තිබියදීය.
එම ළදරු ඝාතකයා සොයා ගැනීමේ දී පොලිසිය තුළ මුලදී දක්නට වූ අශක්නුතාවය පකිස්ථානය තුළ මහජන කැරලි ගැසීමකට හේතු වූ අතර එමගින් උද්ඝෝෂකයන් දෙදෙනකු මරණයට පත් වූ බවක් ද වාර්තා විය.
අද (පෙබරවාරි 17) අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද මොහොතේ දැරියගේ පියා උසාවියට පැමිණ සිටි අතර අධිකරණ භූමිය අවට දැඩි ආරක්ෂක රැකවරණ යොදා තිබුණි.
දැරිය දූෂණය කොට මරා දැමූ අපරාධකරු එම ප්‍රදේශයේ වෙනත් යුවතියන්ට ද පහර දීම් සහ ඝාතනවලට සම්බන්ධ බව පොලිසිය සහ පංජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා පවසයි.
ඉම්රාන් අලි අවුරුද්දක පමණ කාලයක් සාපරාධී ක්‍රියාවන්හි නිරතව ඇති බව පවසන කෝපයට පත් ප්‍රදේශවාසීහු ඔහු අපරාධකරුවකු බව බලධාරීන් විසින් කල්තබාම හඳුනාගත යුතුව තිබිණැයි කියා සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, CCTV IMAGES
අලිට එරෙහිව පැවැත්වුන නඩු විභාගයේ දී පුද්ගලයන් රාශියක් ඔහුට එරෙහිව සාක්ෂි දුන් අතර DNA පරීක්ෂණ වාර්තා මෙන්ම යන්ත්‍ර මගින් කායික කාර්ය පිරික්සීමෙන් ලද තොරතුරු ඇතුළු වෝහාරික සාක්ෂි පවා අධිකරණයට ඉදිරිපත් විය.
ඉම්රාන් අලි තමා විසින් සිදු කරන ලද අපරාධය පිළිබඳව පාපොච්චාරණයක් සිදු කරනු ලැබීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා සිය සේවාදායකයා වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉවත් වූ බව පාකිස්තාන් වාර්තා මගින් පැවසෙයි.
විත්තිකරුට එරෙහි නඩුකරය විභාග කිරීම අවසානයේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අධිකරණය පැහැරගෙන යාම ,දූෂණය සහ මිනීමැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනාවලට ඔහු වැරදිකරු යයි තීන්දු කරමින් චූදිතයාට මරණීය දණ්ඩනය නියම කළේය.
එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේ නම් ඒ සඳහා ඔහුට දින පහළොවක කාලයක් ඇත.
සයිනබ් අන්සාරි (Zainab Ansari) සහ තවත් දරුවන් මරා දැමීමට සම්බන්ධවූවන් අල්ලා ගැනීමට කටයුතු කරන මෙන් පාකිස්තාන් පොලිසියට විශාල මහජන බලපෑමක් එල්ල වෙමින් තිබුණි.
තම දියණිය අතුරුදහන්ව ඇයගේ මළ සිරුර සොයා ගැනීම තෙක් දවස් පහක කාලයක් පොලිසිය කිසිදු පියවරක් නොගත් බව දැරියගේ පවුලේ සාමාජිකයෝ පවසති.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
සයිනබ් අන්සාරි (Zainab Ansari) දැරියගේ පවුලේ ඥාතීන් විසින් ඇය අන්තිමට දුටු අවස්ථා CCTV කැමරා මගින් පටිගත කරනු ලැබ තිබුණි.
පුරුෂයකු විසින් දැරිය රැගෙන යන ආකාරය එම වීඩියෝ පටයෙහි දැක්වෙයි.
ජනවාරි මුල දී අතුරුදහන්ව ජනවාරි හයවෙනිදා මළ සිරුර හමු වූ සයිනබ් අන්සාරි (Zainab Ansari) දැරියගේ අසල්වැසියකු වන ඉම්රාන් අලි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ජනවාරි 23 වෙනිදාය.
එම අපරාධය සමාජ මාධ්‍ය ජාලයේ විශාල අවධානයට ලක් වූ මාතෘකාවක් වී තිබුණි.
සබැඳි පුවත්;









