ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හා හා හරි හාවා' කාටූන් ශිල්පියා මෙලොවින් සමු ගනී
'හා හා හරි හාවා' හෙවත් 'බග්ස් බනී' (Bugs Bunny) කුඩා අවදියේ අපට බෙහෙවින් සමීප කාටූන් චරිතයකි.
'බග්ස් බනී' ප්‍රතිනිර්මාණය කළ සජීවිකරණ සිනමා ශිල්පී බොබ් ගිවන්ස් මෙලොවින් සමුගෙන තිබේ.
ඔහු මිය යන විට අනූනව වෙනි වියේ පසු විය.
හැට වසරකට එහා යන බොබ් ගිවන්ස්ගේ වෘත්තීය ජීවිතය තුළ ඔහු ඩිස්නි, වෝනර්ස් බ්‍රදර්ස් සහ හැනා-බාබරා වැනි සිනමා නිෂ්පාදන සමාගම් තුළ සේවය කර තිබේ.
'ටොම් ඇන්ඩ් ජෙරී' (Tom & Jerry ) සහ 'ඩැෆී ඩක්' (Daffy Duck) ද ඔහු අතින් නිර්මාණ වූ සෙසු කාටූන් චරිත අතර වේ.
1937 වසරේ දී ඩිස්නි සමාගමේ සේවය කළ බොබ් ගිවන්ස් 'ඩොනල්ඩ් ඩක්' (Donald Duck) සහ 'ස්නෝ වයිට්' (Snow White) යන කාටූන් චරිත සම්බන්ධයෙන් පළමුව කටයුතු කළේය.
අනතුරුව 1940 වසරේ දී වොනර්ස් බ්‍රදර්ස් සමාගමට එක් වූ ඔහු 'බග්ස් බනී' චරිතය ප්‍රතිනිර්මාණය කිරීමත් සමග ප්‍රසිද්ධියක් දිනා ගත්තේය.
'ටොම් ඇන්ඩ් ජෙරී'
'බග්ස් බනී' වෙනුවෙන් ඊට පෙර අඳින ලද සිතුවම් එහි නිෂ්පාදක සමාගමේ අවශ්‍යතාවයන්ට නොගැලපී ඇති බව පැවසේ.
ඉන් අනතුරුව බොබ් ගිවන්ස් අතින් ප්‍රතිනිර්මාණය වූ 'බග්ස් බනී' ප්‍රධාන චරිතය එහි පළමු නිල රූප නිර්මාණය බවට පත් විය.
ඒ සමග සජීවීකරණ සිනමා කර්මාන්තය තුළ ඔහු ප්‍රසිද්ධියට පත්විය.
සිනමා කර්මාන්තය වෙත යළි පැමිණීමට පෙර ඔහු දෙවන ලෝක යුද සමයේ ඇමරිකානු හමුදාව වෙනුවෙන් සේවයේ නිරත විය.
බොබ් ගිවන්ස් කළ නිර්මාණ වෙනුවෙන් සමාජ ජාල තුළ ගෞරවය පළ වී තිබිණි.
වෙනත් පුවත්: