ටුපැක් ජීවතුන් අතරද?

රැප් ගායක ටුපැක් ශකුර් ඝාතනයට ලක් වී දශක දෙකකට අධික කාලයක් ගතව ඇත.

ඔහු මරණයට පත් වූයේ 1996 වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු වූ වෙඩි ප්‍රහාරයකිනි.

මේ අතර ටුපැක් තවමත් ජීවතුන් අතර සිටිය හැකි බවට ඔහු ඝාතනයට ලක් වූ දින රාත්‍රියේ ඔහු සමග සිටි පුද්ගලයා විශ්වාසය පළ කරයි.

'බිගී සහ ටුපැක්ට වෙඩි තැබුවේ කවුද?' (Who Shot Biggie and Tupac?) නමැති වාර්තා වැඩසටහන සඳහා 'ඩෙත් රෝ' (Death Row) සංගීත ලේබල් සමාගමේ නිර්මාතෘ සූජ් නයිට් (Suge Knight) සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්විණි.

ටුපැක් ඝාතනය කර මාස කිහිපයකට පසු 1997 වසරේ මාර්තු මාසයේ දී රැප් ගායක බිගී ස්මෝල්ස් (Biggie Smalls) ද වෙඩි ප්‍රහාරයකින් ඝාතනය විය.

සම්මුඛ සාකච්ඡාවේ දී අදහස් දක්වන සූජ් නයිට් "පැක් මැරුණු විට" යනුවෙන් ආරම්භ කර පසුව "ඔහු ඇත්තෙන්ම මැරුණා නම්" යනුවෙන් පවසන ආකාරය වීඩියෝ දර්ශන තුළ දැක ගත හැක.

ටුපැක් ඝාතනය වූ දින සවස බෘස් සෙල්ඩන් හා මයික් ටයිසන් අතර පැවති බොක්සින් තරගයක් නැරඹීමට තමන් ඔහු සමග ගිය ආකාරය සූජ් එහිදී විස්තර කරයි.

රහස් ජීවිතයක් ගත කරමින් ටුපැක් ජීවතුන් අතර සිටින්නේ යයි සූජ් සැබැවින් විශ්වාස කරයිද?

"පැක් සම්බන්ධයෙන් නම් ඒකත් කියන්න බැහැ" සූජ් සම්මුඛ සාකච්ඡාව තුළ දී වැඩිදුරටත් සඳහන් කරයි.

ටුපැක්ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය වසර 21 තුළ අප්‍රමාණ කට කතා අසන්නට ලැබිණි.

තමන්ගේ මරණය සම්බන්ධයෙන් ටුපැක් විසින්ම බොරුවක් සිදු කර ඇතැයි යන්න සමහරෙකුගේ විශ්වාසය විය.

සබැඳි යොමු:

ටුපැක් සිය ගීත මගින් මරණය පිළිබඳ හෝඩුවාවන් ලබා දුන් බව ඔහුගේ රසිකයෝ පවසති.

ටුපැක්ගේ "On Life Goes On" නමැති ගීතය ලියවී ඇත්තේ ඔහුගේම අවමංගල්‍ය පිලිබඳවය.

ටුපැක්ගේ ඝාතනය සිදු වී දින දෙකකට පසු "I Ain't Mad at Cha" ගීතය ඇතුළත් ඔහුගේ "Eyez On Me" සංගීත ඇල්බමය නිකුත් කෙරිණි.

එම ගීතය සඳහා පටිගත කරන ලද වීඩියෝ පටය තුළ, ටුපැක්ගේ ඝාතනය සිදු වූ ආකාරයට සමාන ලෙස ඔහු වෙඩි ප්‍රහාරයකට ගොදුරු වේ.