දකුණු කොරියාවේ භූමිකම්පාව: ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම

A car damaged by falling bricks after a 5.4-magnitude earthquake is seen in the southeastern port city of Pohang on November 15, 2017.

ඡායාරූප මූලාශ්‍රය, AFP/Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දහසකට අධික ගොඩනැගිලි සහ මෝටර් රථවලට හානි සිදුව ඇති බව බලධාරීහු පවසති

දකුණු කොරියාවේ පෝහැන්ග් වරාය නගරයේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පනස් හත් දෙනෙකුවත් තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු පවසති.

මැග්නිටියුඩ් 5.4 ලෙස සටහන් වූ භූ කම්පනය හේතුවෙන් 1,500 අධික සංඛ්‍යාවකට උන්හිටිතැන් අහිමි වී තිබේ.

ඒ සමග දකුණු කොරියාවේ ජාතික මට්ටමින් පැවැත්වීමට නියමිතව තිබු උසස් අධ්‍යාපන ඇතුලත් වීමේ විභාගය පළමු වරට කල් දැමීමට බලධාරීහු කටයුතු කළහ.

භූ චලන දුර්ලභ වශයෙන් වාර්තාවන දකුණු කොරියාවේ දැනට වාර්තා වී ඇති දෙවන බලවත්ම භූ කම්පනය මෙයයි.

අසල්වැසි උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කිරීමේ දී භූ චලන ඇතිවන බැවින් භූ කම්පන පිළිබඳ දකුණු කොරියාව දැඩි අවධානයෙන් පසුවෙයි.

උතුරු කොරියාව එවැනි අත්හදා බැලීමක් සිදු කර ඇතැයි බොහෝ විට පළමුව දැන ගැනීමට ලැබෙන්නේ ද එවැනි භූ කම්පන මාර්ගයෙනි.

පසුගිය වසරේ ග්යන්ජු නගරය ආසන්නයේ හටගත් භූ කම්පනය මැග්නිටියුඩ් 5.8 ලෙස සටහන් වූ අතර එය දකුණු කොරියාවේ මෙතක් වාර්තා වී ඇති බලවත්ම භූ කම්පනයයි.

නමුත් බදාදා (නොවැ 15) ඇති වූ භූමිකම්පාවෙන් සිදුව ඇති හානිය පළමු භූමිකම්පාවට වඩා බරපතලය.

ශ්‍රී ලාංකිකයන්

line
දකුණු කොරියාව
line

ගොඩනැගිලි දහසකට වැඩි සංඛ්‍යාවක්, නිවාස සහ මෝටර් රථවලට භූමිකම්පාවෙන් විනාශ වී හෝ හානි සිදුව ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන පරිදී දකුණු කොරියාවේ සේවයේ නිරතව සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 25,000 ආසන්නය.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය කියා සිටියේ භූමිකම්පාවට හසුව තුවාල ලැබූ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් සිටින බවක් මෙතෙක් වාර්තා වී නොමැති බවය.

මේ අතර භූමිකම්පාව හටගත් පෝහැන්ග් නගරයට කිලෝමීටර 100 ක් පමණ පහළට වන්නට පිහිටි බූසාන් පළාතට ද කම්පනය දැනුණු බව එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෙකු වන මනෝජ් මදුෂ්ක ගුණවර්ධන බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

"මේස පුටු හෙලවුනා. කකුල් ඇඹරිලා යනවා වගේ දැනුණා" යනුවෙන් කී ඔහු සිය සේවා ස්ථානයේ හෝ ඒ අවට කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදු නොවූ බව සඳහන් කළේය.

භූමිකම්පාව සම්බන්ධයෙන් අනතුරු අඟවා සිය ජංගම දුරකථනය වෙත පණිවුඩ ලැබුණු බවත් පසුකම්පන ඇති විය හැකි යයි ඉන් අනතුරු අඟවා තිබු බවත් මනෝජ් මදුෂ්ක පවසයි.

"හැබැයි ඉතින් මෙහෙ මිනිස්සු මොන දේ වුනත් වැඩම තමයි. වැඩ නවත්තන්නේ නැහැ" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

line

ඔබ දකුණු කොරියාවේ සිටින්නෙක්ද ?

line

ඔබේ අත්දැකීම් හා අදහස් බීබීසී වෙත දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]