ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'හොඳම තෑග්ග සමාව දීම' - ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියෝ
මේ ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට ස්කොට්ලන්තයේ එඩින්බරා නුවර පැවැත්වුන කලා උළෙලකට පැමිණි යෞවනියන් පිරිසකි.
'රතු වීදියේ ශීඝ්‍රගාමී දුම්රිය' යන අරුත දෙන 'Laal Batti Express' නාට්‍යයේ ඔවුන් රඟ දක්වන්නේ ඔවුන්ගේම ජීවිත කථාව වීම මෙහි තිබෙන විශේෂත්වයය.
මුම්බායි නුවර ලිංගික ශ්‍රමික කාන්තාවන්ගේ දියණියන් වන මේ තරුණියන් 15 දෙනා 'රතු වීදියෙන්' බැහැර වීමෙන් අනතුරුව සිය දෙමාපියන්ට සමාව දී සිය ජීවිතය ජයගත් අන්දම පිළිබඳ කථා පුවත් එම නාට්‍යයට විෂයය වී තිබේ.
"අපේ ගමේම අපි හැදුනු වැඩුණු විදිය හරි අපූරු අත්දැකීමක්. මොකද ගමේ ලිංගික සේවිකාවෝ අපේ අම්මලා වගේ නිසා," 21 හැවිරිදි සන්ධ්‍යා බීබීසී යට කියා සිටියාය.
එහෙත් පාසල් යාම ආරම්භවීමත් සමග සියල්ල කණපිට හැරුණි.
"අවුරුදු ගණනක් මට ලිංගික අතවර කළා. අවුරුදු දහයේදී මාව දූෂණය කළා. මගේ හමේ පාට නිසා මට වෙනස්කම් කළා," සන්ධ්‍යා පවසන්නීය.
සබැඳි යොමු:
- ලිංගික හිංසනය: කාන්තාවන්ට පමණක් දුම්රිය මැදිරි බ්‍රිතාන්‍යයේත්?
- ලිංගික හිංසනයෙන් බැට කන ‘ශ්‍රී ලාංකික දියණියෝ’
- ලිංගික හිංසනයට වැට බඳින පොලිස් කාන්තාවෝ
- සරසවි සිසුන්ගෙන් අඩක් ලිංගික "හිංසනයට" ලක් වෙලා
- දූෂණය කෙරුණු 13 හැවිරිදි දැරියක් සහ ගබ්සාව පිළිබඳ විවාදය
- ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න"
16 හැවිරිදි රානිට 11 වැනි වියේ දී සිය පියා අහිමිවිය.
"තාත්ත නැතිවුන දවසෙම හැන්දෑවේ අම්ම අලුත් මනුස්සයෙක් එක්කගෙන ආව. ඇවිත් එයා මගේ අලුත් තාත්ත කියල කීව."
දැන් ඔවුන් සියලු දෙනාම දෙමාපිය සෙවණෙන් ඉවත්ව නේවාසිකාගාරයක එකට වාසය කරති.
සිය දෙමාපියන්ට සහ තමන් පෙලූ සමාජය කෙරෙහි මෛත්‍රිය පැතිරවීම සිය සාර්ථකත්වයේ රහස බව ඔවුහු පවසති.
"ලෝකේ ඕනෑම කෙනෙකුට දෙන්න පුළුවන් හොඳම තෑග්ග සමාව දීම කියල මම තේරුම් ගත්ත," රානි පවසන්නේ අහිංසක හසරැල්ලක් ද මුව රඳවා ගනිමිනි.