ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දූෂණය කෙරුණු 13 හැවිරිදි දැරියක් සහ ගබ්සාව පිළිබඳ විවාදය
දූෂණයට ලක් වූ 13 හැවිරිදි දියණියගේ දරු ගැබ ගබ්සා කිරීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටිමින් ඇයගේ දෙමාපියන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මුම්බායි නගරයේ වෙසෙන එම දැරියගේ දරු ගැබට මේ වන විට සති තිහක් පිරී තිබේ. ඉන්දීය නීතිය අනුව සති 20 කට වැඩි දරු ගැබක් ගබ්සා කිරීමට අවසර ලැබෙන්නේ එමගින් මවගේ ජීවිතයට අනතුරක් තිබෙන්නේ නම් පමණය.
දැරිය ගැබ් ගෙන තිබෙන බව හෙළි වී තිබෙන්නේ සිය දියණිය 'ස්ථුලභාවයට' ප්‍රතිකාර ලබාගැනීම පිණිස දෙමාපියන් වෛද්‍යවරයෙකු හමු වූ අවස්ථාවේය.
සිය පියාගේ මිතුරෙකු තමන් දූෂණය කළ බව එහිදී දැරිය දෙමාපියන්ට හෙළි කර තිබේ. සැකකරු දැන් අත්අඩංගුවේ පසුවේ.
දූෂණයට ලක් වූ 13 හැවිරිදි දැරියගේ දෙමාපියන් අධිකරණය වෙත එම ඉල්ලීම කර තිබෙන්නේ, සිය මාමා කෙනෙකු විසින් දූෂණය කරන ලද උතුරු ඉන්දීය චන්දිගාර් නගරයේ වෙසෙන දස හැවිරිදි දැරියක බිලිඳියක ප්‍රසූත කිරීමෙන් දින කිහිපයකට පසුවය.
වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එම දැරියගේ දරු ගැබ ගබ්සා කිරීමට දෙමාපියන් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කිරීම ලොව පුරා ජනමාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්විය.
සිය සුළු පියා විසින් දූෂණය කරන ලද බව සැලකෙන හර්යානා නගරයේ වෙසෙන තවත් දස හැවිරිදි දැරියකගේ දරු ගැබ ගබ්සා කිරීමට පසුගිය මැයි මාසයේ අධිකරණයේ අනුමැතිය හිමිවිය.
- ශ්‍රී ලංකාවේ ගබ්සාව නීතිගත කිරීම 'හෙළා දකිනවා'
- දූෂණය කෙරුණු දස හැවිරිදි දැරියට දරුවෙක්
- වයස 10යි, දරු ගැබට සති 32යි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
- ලිංගික හිංසනයෙන් බැට කන ‘ශ්‍රී ලාංකික දියණියෝ’
- ගබ්සා තහනමට එරෙහිව පෝලන්ත කාන්තාවෝ පෙරට
- ගබ්සාව සම්බන්ධ ප්‍රතිපත්තියට විරෝධය
- විටමින් B3 ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?
ගබ්සාව සහ ශ්‍රී ලංකාව
සෞඛ්‍ය හේතූන් මත මුම්බායි නගරයේ වෙසෙන 13 හැවිරිදි දැරියගේ දරු ගැබ ගබ්සා කරන මෙන් තමන් නිර්දේශ කළ බව, ඇය පරීක්ෂා කළ මුම්බායි නගරයේ නාරි වේද විශේෂඥ වෛද්‍යවරයෙකු වන වෛද්‍ය නිකිල් ඩටාර් බීබීසී යට පැවසීය.
ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතියෙන් තහනම් කර තිබෙන නමුත් නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාව තුළ දිනෙකට ගබ්සා 650 ක් පමණ සිදුවන බව පර්යේෂණවලින් හෙළි වී තිබේ.
මේ අතර විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාවකට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය පළ කළේය.
එම යෝජනාවට වෛද්‍ය විශේෂඥයන් ද සහාය පළකරන නමුත් ශ්‍රී ලංකා කතෝලික සභාව එම යෝජනාව දැඩිව හෙළා දැක තිබේ.
නව යෝජනාව අනුව ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට නීතියේ අනුමැතිය හිමිවේ.
ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකුගේ අනුමැතිය ලැබිය යුතු අතර, සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලකදී පමණි.
කෙසේ වෙතත් "ශුද්ධවත් ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බව," ඒ පිළිබඳව ප්‍රතිචාරය පළකරමින් කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරන බොහෝ දෙනා විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමේ යෝජනාව පිළිබඳව ප්‍රසාදය පළ කර තිබුණි.
එහෙත් එයට විරුද්ධව අදහස් දක්වන්නන් නව නීතිය සම්මත වුවහොත් එය අනිසි ලෙස ක්‍රියාවට නැගීමේ හැකියාව පිළිබඳව අනතුරු අඟවා තිබුණු අතර, ප්‍රාණඝාතයට කිසිදු ලෙසකින් අවසර නොදීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබුණි.