ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගබ්සාව සම්බන්ධ ප්‍රතිපත්තියට විරෝධය
ගබ්සාව සම්බන්ධයෙන් උපදෙස් දෙන ආයතනවලට ලබාදෙන මූල්‍යාධාර නවතා දැමීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය ගබ්සාව සහ උපත් පාලනය සම්බන්ධයෙන් අප්‍රිකාවේ ජනතාවට උපදෙස් දෙන සංවිධාන දැඩි දෝෂදර්ශනයට ලක් කරති.
තිස් වසරක් පැරණි එම ප්‍රතිපත්තිය 1984 දී හඳුන්වා දෙනු ලැබුවේ එවක ජනාධිපති පදවිය හෙබැවූ රොනල්ඩ් රීගන් විසිනි.
ඉන් අනතුරුව බලයට පත් වූ සෑම ඩිමොක්‍රටික් පාක්ෂික ජනාධිපතිවරයකුම එය අවලංගු කළ අතර, රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපතිවරු ඒ සෑම අවස්ථාවකම එය ක්‍රියාත්මක කළහ.
ජනාධිපති ට්‍රම්ප් ගේ තීන්දුවේ ප්‍රතිවිපාක පිළිබඳව තමන් බරපතල කනස්සල්ලට පත්ව සිටින බව කෙන්යාවේ සහ නයිජීරියාවේ ක්‍රියාත්මකවන සංවිධාන බීබීසී යට පැවසූහ.