ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලිංගික හිංසනය: "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න"
පොදු මගී ප්‍රවාහන සේවා තුළ කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනයට එරෙහිව නැගී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඉල්ලා සිටී.
මගී ප්‍රවාහන සේවා තුළ ලිංගික හිංසනය වැළැක්වීමේ "අහක බලන්න එපා. ඔබත් මැදිහත් වෙන්න" ස්ටිකරය දියත් කිරීමේ වැඩසටහන සිදු වූයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ මූලිකත්වයෙනි.
"අපි ගොඩක් වෙලාවට දැකලා නැහැ එවැනි අවස්ථාවල කාන්තාවන් අනෙක් අතට කතා කරනවා. මොකද ඔවුන් බයයි තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා," යනුවෙන් ඊට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළාය.
"හැබැයි කාන්තාවන්ට ගරු කරන පුරවැසියන් විදියට පුරුෂයන්ට කෙලින්ම මේකට මැදිහත් වෙන්න පුළුවන්."
"තමන්ගේ ශරීරය අයිති තමන්ට" බව පවසන මන්ත්‍රීවරිය කාන්තාවන්ට එල්ල වන ලිංගික හිංසනය වැළැක්වීම සඳහා කාන්තා සහ පුරුෂ යන දෙපාර්ශවයම දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය.
ඒ අතරවාරයේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් රටේ පවත්නා නීති දැඩි කිරීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කරන්නීය.