අර්බුද මැද කටාර් රාජ්‍යය සහ ඇමරිකාව අතර ගිවිසුමක්

ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන් සහ කටාර් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි

ත්‍රස්තවාදයට මූල්‍යාධාර ලබා දීම මැඩලීමේ උත්සාහයක් වශයෙන් එක්සත් ජනපදය සහ කටාර් රාජ්‍ය සම්මුතියකට පැමිණ තිබේ.

කටාර්හි නිල සංචාරයක නිරත ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන් විසින් ඒ සම්බන්ධයෙන් වූ ගිවිසුමකට ඩෝහා අගනුවරදී අත්සන් තැබීය.

දෙරට අතර එවැනි ගිවිසුමකට අත්සන් තැබුණේ කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර රාජ්‍යය තාන්ත්‍රික අර්බුදයක් වර්ධනය වෙමින් පවතින අතරතුරදීය.

මැදපෙරදිග කලාපයේ ජිහාඩ් කණ්ඩායම්වලට සහ ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් කටාර් රාජ්‍යය සමග පැවති සියලු සබඳතා අත්හිටුවීමට සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් කටයුතු කළහ.

කටාර් රාජ්‍යය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

line
line

අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය විසඳීම සඳහා ඇමරිකාව මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරයි.

"විශ්වාසවන්ත හවුල්කරුවෙක්"

කටාර්

එවැනි ගිවිසුමකට අත්සන් තැබීම තුළින් ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා විශ්වාසය තැබිය හැකි හවුල්කරුවෙකු වශයෙන් කටාර් රාජ්‍යය සලකනු බවට ඇමරිකාව සංඥාවක් ලබා දී ඇති බව විශ්ලේෂකයෝ පවසති.

කටාර් රාජ්‍ය සහ සෞදිය ඇතුළු අසල්වැසි අරාබි රටවල් අතර මතුව පවතින අර්බුදකාරී වාතාවරණය තවදුරටත් එලෙසෙම පවතී.

line
line

කටාර් රාජ්‍ය විසින් අසල්වැසි මැදපෙරදිග රටවල යෝජනා ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමග ඒ වෙත පනවා තිබූ සම්බාධක තවදුරටත් ක්‍රියාත්මක වනු ඇති බව සෞදි අරාබිය පසුගියදා පැවසීය.

ඩෝහා පාලනය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කයිරෝ අගනුවරට රැස් වූ අරාබි රටවල් හතරක විදේශ අමාත්‍යවරුන් කියා සිටියේ ඒ පිළිබඳ කටාර් රාජ්‍යයෙන් පළ වූ නිෂේධනීය ප්‍රතිචාරය පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවය.

අල් ජසීරා වසා දැමීම

A general view shows the newsroom at the headquarters of the Qatar-based Al-Jazeera satellite news channel in Doha 14 November 2006.

ඡායාරූප මූලාශ්‍රය, AFP

අල් ජසීරා මාධ්‍ය ජාලය වසා දැමීම ඇතුළු ඉල්ලීම් 13 ක් ඉටු කිරීම සඳහා සෞදි අරාබිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බහරේන් යන රටවල් කටාර් රාජ්‍ය වෙත ජුලි 05 වෙනිදා තෙක් කල් ලබා දී තිබිණි.

line
line

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

line

ගල්ෆ් අර්බුදය - ගමන් මග

line
  • ජුනි 05: කලාපය අස්ථාවර කරන බවට චෝදනා කරමින් සෞදි අරාබිය සහ ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් කිහිපයක් කටාර් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට පියවර ගත්හ. කටාර් ගුවන් සේවයට සිය ගුවන් කලාපයට ඇතුළුවීම වළකාලීමටත් එම රටවල් කටයුතු කළහ.
  • ජුනි 08: ගල්ෆ් රටවල සමගිය වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව ඉල්ලා සිටි අතර සිය විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය පාවා නොදෙන බවට කටාර් රාජ්‍යය ප්‍රතිඥා දුන්නේය.
  • ජුනි 23: ඩෝහා පාලනයේ අරමුදල් මත පවත්වාගෙන යනු ලබන අල් ජසීරා ප්‍රවෘත්ති ජාලය වසා දැමීම, එහි පිහිටි තුර්කි හමුදා කඳවුර වසා දැමීම, 'මුස්ලිම් සහෝදරත්වය' සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටීම සහ ඉරානය සමග තානාපති සබඳතා සීමා කිරීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉටු කිරීම සඳහා කටාර් රාජ්‍යයට දින 10 ක් ලබා දුණි.
  • ජුලි 01: ඩෝහා පාලනය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව කටාර් විදේශ ඇමතිවරයා පැවසීය. නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සූදානම් බවත් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි කියා සිටියේය.
  • ජුලි 03: සිය ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 දීර්ඝ කිරීමට අරාබි රටවල් කටයුතු කළහ.
  • ජුලි 05: කටාර් රාජ්‍යය නැවතත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]