කටාර් අර්බුදය: "කලාපීය ආරක්ෂාවට තර්ජනයක්"

A man writes on a painting depicting Qatar's Emir Sheikh Tamim Bin Hamad Al-Thani in Doha, Qatar, 2 July 2017

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, කටාර්හි එමීර්, ෂේක් තමීම් බින් හමාද් අල්-තානි ගේ රුව දැක්වෙන සිතුවමක්

කටාර් සහ සෞදිය ප්‍රමුඛ අරාබි රටවල් අතර පවතින රාජ්‍යය තාන්ත්‍රික අර්බුදය තවදුරටත් වර්ධනය වෙමින් පවතී.

ඩෝහා පාලනය සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට ගත් තීන්දුව "කලාපීය ආරක්ෂාවට තර්ජනයක්" බව ඉහත කී අරාබි රටවල් පවසති.

සෞදි අරාබිය, බහරේනය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් යන රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, කලාපය අස්ථාවර කිරීමේ අරමුණින් කටාර් රාජ්‍යය තවදුරටත් සිය ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන බවට සාක්ෂියක් බවය.

ඒ අනුව කටාර් රාජ්‍යය වෙත දේශපාලනික සහ ආර්ථිකමය වශයෙන් බලපාන ක්‍රියාමාර්ගවලට එළඹෙන බවට ඉහත කී රටවල් අනතුරු අඟවති.

සෞදි අරාබිය ඇතුළු සෙසු රටවල් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ප්‍රතික්ෂේප කළ කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට සහාය ලබා දෙන බවට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

line
line

කටාර් සමග පවතින රාජ්‍යය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඉහත කී අරාබි රටවල් ජුනි මස ආරම්භයේ කටයුතු කළහ.

ඒ සමග සිය දේශ සීමා වසා දමමින් කටාර් රාජ්‍ය වෙත සම්බාධක පැනවීමටත් එම රටවල් පියවර ගත්හ.

ඉල්ලීම් 13 ක්

A general view shows the newsroom at the headquarters of the Qatar-based Al-Jazeera satellite news channel in Doha 14 November 2006.

ඡායාරූප මූලාශ්‍රය, AFP

අල් ජසීරා රූපවාහිනී සේවය වසා දැමීම, ඉරානය සමග පවතින සබඳතා අඩු කිරීම, ජිහාඩ් කණ්ඩායම්වලට සහාය ලබා දීමෙන් වැළකී සිටීම කටාර් රාජ්‍ය වෙත ඉදිරිපත් කරන යෝජනා අතර වේ.

මේ අතර ඇමරිකානු රාජ්‍යය ලේකම් රෙක්ස් ටිලර්සන්, ගල්ෆ් කලාපයේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා මැදිහත්කරුවෙකු වශයෙන් කටයුතු කරන කුවේට් රාජ්‍යය වෙත සඳුදා (ජුලි 10) පැමිණීමට නියමිතය.

line
line

කටාර් රාජ්‍යය භාණ්ඩ ආනයනය ඔස්සේ මූලික අවශ්‍යතා සපුරා ගනු ලබන අතර සෙසු අරාබි රටවල් විසින් සීමා පනවනු ලැබීමත් සමග එහි ආහාර හිඟයක් ඇති විය හැකි බවට බිය පළ විය.

ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ

කටාර්

කටාර් රාජ්‍යය හා සම්බන්ධ එකම ගොඩබිම් මාර්ගය වසා දමා ඇති අතර ඒ වෙත ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන්නේ මුහුදු සහ ගුවන් මාර්ගයෙන් පමණි.

ඒ වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීම සඳහා තුර්කිය සහ ඉරානය ඉදිරිපත්ව සිටිති.

line
line

කෙසේ නමුත් සම්බාධක පැනවීම හේතුවෙන් සිය රටේ පැවැත්මට බාධා එල්ල වී නොමැති බව කටාර්හි විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි අවධාරණය කළේය.

ශ්‍රී ලාංකිකයන්

කටාර්

ශ්‍රී ලාංකිකයන් 120,000 ට අධික සංඛ්‍යාවක් කටාර් රාජ්‍යයේ සේවයේ නිරතව සිටිති.

මාස ගණනාවකට අවශ්‍ය තරම් ආහාර සංචිත තමන් සතු බව කටාර් බලධාරීන් එහි වෙසෙන තානාපතිවරුන්ට දන්වා ඇති බව කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා සඳහන් කළේය.

කටාර් රාජ්‍ය සහ සෙසු අරාබි රටවල් අතර මතුව ඇති අර්බුදය හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට බලපෑමක් එල්ල වී නොමැති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

line

ගල්ෆ් අර්බුදය - ගමන් මග

line
  • ජුනි 05: කලාපය අස්ථාවර කරන බවට චෝදනා කරමින් සෞදි අරාබිය සහ ඊජිප්තුව ඇතුළු අරාබි රටවල් කිහිපයක් කටාර් සමග පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට පියවර ගත්හ. කටාර් ගුවන් සේවයට සිය ගුවන් කලාපයට ඇතුළුවීම වළකාලීමටත් එම රටවල් කටයුතු කළහ.
  • ජුනි 08: ගල්ෆ් රටවල සමගිය වෙනුවෙන් එක්ව කටයුතු කරන ලෙස ඇමරිකාව ඉල්ලා සිටි අතර සිය විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය පාවා නොදෙන බවට කටාර් රාජ්‍යය ප්‍රතිඥා දුන්නේය.
  • ජුනි 23: ඩෝහා පාලනයේ අරමුදල් මත පවත්වාගෙන යනු ලබන අල් ජසීරා ප්‍රවෘත්ති ජාලය වසා දැමීම, එහි පිහිටි තුර්කි හමුදා කඳවුර වසා දැමීම, 'මුස්ලිම් සහෝදරත්වය' සමග සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටීම සහ ඉරානය සමග තානාපති සබඳතා සීමා කිරීම ඇතුළු ඉල්ලීම් දහතුනක් ඉටු කිරීම සඳහා කටාර් රාජ්‍යයට දින 10 ක් ලබා දුණි.
  • ජුලි 01: ඩෝහා පාලනය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව කටාර් විදේශ ඇමතිවරයා පැවසීය. නමුත් නිසි කොන්දේසි යටතේ සංවාදයකට මුල පිරීමට සූදානම් බවත් විදේශ අමාත්‍ය මොහම්මද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල්-තානි කියා සිටියේය.
  • ජුලි 03: සිය ඉල්ලීම් ඉටු කිරීම සඳහා ලබා දී තිබූ කාලය තවත් පැය 48 දීර්ඝ කිරීමට අරාබි රටවල් කටයුතු කළහ.
  • ජුලි 05: කටාර් රාජ්‍යය නැවතත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේය.
line

ඔබ කටාර් රාජ්‍යයේ හෝ මැදපෙරදිග කලාපයේ සිටින්නෙක්ද ?

line

කටාරයේ අර්බුදය සමග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ ඔබේ අත්දැකීම් හා අදහස් දන්වන්න.

දුරකතන :

+44 (0) 20 36144039

+ 44 (0)20 36140556

+ 44 (0)20 36140555

+ 44 (0)20 36140554

+ 44(0) 20 36140551

+ 44(0) 20 36140552

Facebook (ෆේස්බුක්) : පිවිසෙන්න

ඊමේල් : [email protected]