ට්‍රම්ප් සංචාරක තහංචි සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද සංචාරක තහංචියෙන් කොටසක් පමණක් ක්‍රියාවට නැංවීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබුණි.
එහෙත් එම සංචාරක තහංචිය අනුමත කළ යුතුද ? ප්‍රතික්ෂේප කළ යුතුද ? යන්න සම්බන්ධයෙන් පූර්ණ විභාගයක් ලබන ඔක්තෝබර් මාසයේ සිදු කරන බවත් ඇමෙරිකානු උපරිමාධිකරණය පවසයි.
ට්‍රම්ප් සංචාරක තහංචිය ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඉරාකය, සිරියාව, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය යන මුස්ලිම් බහුතරයක් සහිත රටවලටයි.
එහෙත් එම තීරණය පහළ අධිකරණ ආයතන විසින් බැහැර කරනු ලැබුණි.

එම තීන්දුවට එරෙහිව ට්‍රම්ප් පාලනය ඉදිරිපත් කළ අභියාචනය සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණ අද (ජූනි 26) දුන් තීන්දුව අනුව එක්සත් ජනපදයට ඇතුල්වෙන සියලු සරණාගතයන්ට දවස් 120 ක තහංචියක් පැනවීමට බලධාරීන්ට අවස්ථාව උදා කරයි.
එම තහංචිය බලපාන්නේ ඇමෙරිකාවත් සමඟ පවුල් සම්බන්ධතා නොමැති පුද්ගලයන්ටයි.
සංචාරක තහනමක් පැනවීම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන පොරොන්දුවක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයා ලද ජයග්‍රහණයක් වෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද ඉහත කී තීන්දුව සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය පළ කරමින් එය ඇමෙරිකාවේ ආරක්ෂාව අතින් ලද 'විජයග්‍රහණයක්' හැටියට විග්‍රහ කළේය.








