ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලන්ඩන් සහ මැන්චෙස්ටර් ප්‍රහාර: ද්වේෂ සහගත අපරාධවල වැඩිවීමක්
මැන්චෙස්ටර් සහ ලන්ඩන් නගරයට එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව බ්‍රිතාන්‍ය තුළ ද්වේෂ සහගත අපරාධ වාර්තා වීම තියුණු ලෙස ඉහළ ගොස් තිබේ.
සිය නගරයේ පැවති සංගීත සංදර්ශනයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පසු එවැනි අපරාධ වාර්තා වීම දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව මැන්චෙස්ටර් පොලිසිය පවසයි.
ලන්ඩන් නගරාධිපතිවරයා කියා සිටියේ පසුගිය 03 වෙනිදා 'ලන්ඩන් බ්‍රිජ්' පාලම ආසන්නයේ දී එල්ල කෙරුණු ප්‍රහාරයෙන් පසු ද්වේෂ සහගත අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් විසි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
මේ අතර 'ලන්ඩන් බ්‍රිජ්' ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසිය තවදුරටත් වැටලීම් සිදු කරමින් සිටී.
ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සූදානම් වෙමින් සිටි බවට සැක පිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සෙසු සැකකරුවන් පස් දෙනා තවමත් රැඳවුම් භාරයේ පසු වෙති.
'ලන්ඩන් බ්‍රිජ්' සහ බරෝ මාකට් ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් අට දෙනෙකු මරණයට පත් වූ අතර ප්‍රහාරකයන් තිදෙනා ද පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.
මාස තුනක් ඇතුළත ප්‍රහාර තුනක්
මාර්තු 22 වෙනිදා වෙස්ට්මිනිස්ටර් පාලම මත සිටි පදිකයන් වෙත ඕනෑකමින් රිය පැදවූ පුද්ගලයෙක් ඉන් පිටතට පැමිණ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආසනයේ සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
රියේ ගැටුණු පදිකයන් සිව් දෙනෙකු සහ පිහි පහර කෑ පොලිස් නිලධාරියා මරුමුවට පත් විය.
මැයි 22 වෙනිදා මැන්චෙස්ටර් නගරයේ පැවති සංගීත සංදර්ශනයකට මරගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය.
ඉන් දරුවන් ඇතුළු 22 දෙනෙකු මරුමුවට පත් වී තවත් 59 දෙනෙක් තුවාල ලැබූහ.