ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝසුල් වැසියන්ගේ ජීවිත දැඩි අවදානමක - එක්සත් ජාතීන්
ඉරාකයේ මෝසුල් නගරයේ සාමාන්‍ය වැසියන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි.
මෝසුල් නගරයේ අයිඑස් කැරලිකරුවන් අත පවතින ප්‍රදේශය යළි සියතට ගැනීම සඳහා ඉරාක හමුදා විසින් දියත් කරන ලද මෙහෙයුම අවසන් අදියරට පැමිණ ඇත.
ඉරාකය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ මානවීය ආධාර සම්බන්ධීකාරකවරිය ලිසේ ග්‍රෑන්ඩේ කියා සිටියේ මෝසුල් වැසියන් අයිඑස් කැරලිකරුවන්ගේ ඉලක්කයට ලක් වී ඇති බවය.
නගරයේ වෙසෙන බොහෝ දෙනෙකු පානීය ජල හිඟයකට මුහුණ දී සිටින අතර එම ප්‍රදේශවල විදුලි සැපයුම ඇණහිට තිබේ.
ඉරාක හමුදා කියා සිටියේ අයිඑස් කැරලිකරුවන්ට එරෙහිව සෙනසුරාදා (මැයි 27) දියත් කළ මෙහෙයුමෙන් ස්ථාන කිහිපයක බලය තහවුරු කර ගැනීමට තමන්ට හැකි වූ බවය.
මෝසුල් නගරය තුළ අයිඑස් කැරලිකරුවන් සතු අවසන් බල ප්‍රදේශ කිහිපයෙන් ඔවුන් පළවා හැරීම සඳහා ඉරාක හමුදා සටන් වැද සිටිති.
නගරයේ බලය යළි ලබා ගැනීම සඳහා ඉරාක හමුදා පසුගිය වසරේ ඔක්තෝබර් මස දියත් කළ හමුදා මෙහෙයුමත් සමග සාමාන්‍ය වැසියන් ලක්ෂ ගණනක් නගරය හැර පළා ගොස් තිබේ.
නගරයේ පවතින සටන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 580,000 ට අධික පිරිසක් අවතැන් වී සිටින බව ඉරාක බලධාරීහු පවසති.