ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අයිඑස් නික්මෙද්දී මෝසුල් වෙළෙඳපොළට ආ ඇඳුම් ආයිත්තම්
වසර තුකනට පෙර ඉස්ලාමීය රාජ්‍ය පාලනය යටතේ පැවති මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයේ ජන ජීවිතය යථා තත්වයට පත් වෙමින් පවතී.
සුළු වරදකට පවා දරුවන් මරා දැමීම, ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම සහ දිනපතා සිදුවන අතුරුදහන් කිරීම් ආදී අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූ බව ඔවුහු පවසති.
අන්තවාදී කණ්ඩායම විසින් කාන්තාවන්, සුළු ජන කොටස් සහ ජනජීවිතය පාලනය කරනු ලැබූ ආකාරය පිළිබඳ මෝසුල් නගරයේ නැගෙනහිර කලාපයෙන් ලැබෙන වීඩියෝ දර්ශන සහ සාක්ෂිවලින් හෙළි වේ.
කෙසේ නමුත් පාසල් සහ අවන්හල් යළි විවෘත වෙමින් පවතින ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකගත හැක.
අයිඑස් පාලනය යටතේ තහනම් කරන ලද ඇතැම් නිෂ්පාදන යළි වෙළෙඳසල් වෙත එමින් පවතී.
ඉරාක හමුදා විසින් මෝසුල් නගරයේ ප්‍රදේශ ගණනාවක බලය තහවුරු කර ගෙන ඇතත් එහි බටහිර කලාපය තවමත් පවතින්නේ අයිඑස් පාලනය යටතේය.