ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මෝසුල් සටන දරුණු අතට
මෝසුල් නුවර බටහිර ප්‍රදේශයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් සහ ඉරාක හමුදාව අතර දරුණු සටන් හටගෙන තිබේ.
ඉරාක හමුදාවේ අණදෙන නිලධාරියෙකු AP පුවත් සේවයට පවසා ඇත්තේ මොසුල් නුවර බටහිර ප්‍රදේශය අත්පත් කරගැනීම සඳහා දියත් වූ සටනේ දරුණුම අවස්ථාවට එළැඹ ඇති බවය.
මෙම මෙහෙයුම ඉරාක හමුදාව විසින් ආරම්භ කරන ලද්දේ මීට දෙසතියකට පෙරදී ය.
එක්සත් ජනපද ගුවන් හමුදාවේ සහාය ලබමින් ඉදිරියට ඇදෙන ඉරාක හමුදාව මේවනවිට සිටින්නේ මෝසුල් පැරණි නගරයේ රජයේ ගොඩනැගිලිවලට මීටර සිය ගණනක් නුදුරිනි.
ජනතාව පලායමින්
මෙම ගැටුම් හේතුවෙන් හතළිස් පන්දහසක් පමණ ජනතාව ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව සංක්‍රමණිකයන් සඳහාවන ජාත්‍යන්තර සංවිධානය පවසයි.
මෝසුල් නුවර නැගෙනහිර ප්‍රදේශය ඉරාක හමුදාව අතට පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදී ය.
ඒ සඳහා ඉරාක හමුදාවට මාස තුනක් තිස්සේ සටන් කිරීමට සිදුවිය.