මැක්රෝන් වැඩ අරඹයි

ප්‍රංශයට ලෝකයේ තිබූ ස්ථානය යළි ස්ථාපනය කරන බවට ප්‍රතිඥා දෙමින් ප්‍රංශ නව ජනපතිවරයා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

ප්‍රංශයට අලුතින් තේරී පත්වූ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අද (මැයි 14) සිය පදවි ප්‍රාප්ති උත්සවයේ දී තවදුරටත් කියා සිටියේ යුරෝපා හවුල "ප්‍රතිසංස්කරණය කොට නැවත දියත්කිරීමට" තම පාලන කාලය තුළ කටයුතු කරන බවය.

නැපෝලියන් අධිරාජයාගෙන් පසුව ප්‍රංශයේ රාජ්‍ය නායකත්වයට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස 39 හැවිරිදි මැක්රෝන් ඉතිහාසගත වෙයි.

පස් වසරක් ප්‍රංශය පාලනය කළ හිටපු ජනපති ප්‍රන්ශුවා ඔලෝන්ද් නව ජනාධිපතිවරයාට රාජකාරි භාර දී නිල නිවසින් පිටව ගියේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් නව ජනාධිපතිවරයාට ප්‍රංශයේ න්‍යෂ්ටික රහස් සංකේතය භාර දෙන ලදී.

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන තිස්නව හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.

ඔහු ජනාධිපතිවරණය සඳහා තරගකළේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.

1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා තේරීපත් වූ පළමු පුද්ගලයා එම්මානුවෙල් මැක්රෝන් ය.