මැක්රෝන් වැඩ අරඹයි

එම්මානුවෙල් මැක්රෝන්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ප්‍රංශයට ලෝකයේ තිබූ ස්ථානය යළි ස්ථාපනය කරන බවට ප්‍රතිඥා දෙමින් ප්‍රංශ නව ජනපතිවරයා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

ප්‍රංශයට අලුතින් තේරී පත්වූ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් අද (මැයි 14) සිය පදවි ප්‍රාප්ති උත්සවයේ දී තවදුරටත් කියා සිටියේ යුරෝපා හවුල "ප්‍රතිසංස්කරණය කොට නැවත දියත්කිරීමට" තම පාලන කාලය තුළ කටයුතු කරන බවය.

නැපෝලියන් අධිරාජයාගෙන් පසුව ප්‍රංශයේ රාජ්‍ය නායකත්වයට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙස 39 හැවිරිදි මැක්රෝන් ඉතිහාසගත වෙයි.

හිටපු ජනපති ප්‍රන්ශුවා ඔලෝන්ද්ට සමු දෙමින්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපති ප්‍රන්ශුවා ඔලෝන්ද්ට සමු දෙමින්

පස් වසරක් ප්‍රංශය පාලනය කළ හිටපු ජනපති ප්‍රන්ශුවා ඔලෝන්ද් නව ජනාධිපතිවරයාට රාජකාරි භාර දී නිල නිවසින් පිටව ගියේය.

එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් නව ජනාධිපතිවරයාට ප්‍රංශයේ න්‍යෂ්ටික රහස් සංකේතය භාර දෙන ලදී.

උත්කර්ෂවත් පදවි ප්‍රාප්තිය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, උත්කර්ෂවත් පදවි ප්‍රාප්තිය

දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන තිස්නව හැවිරිදි එම්මානුවෙල් මැක්‍රෝන් හිටපු බැංකුකරුවෙකි.

ඔහු ජනාධිපතිවරණය සඳහා තරගකළේ පිළිගත් දේශපාලන පක්ෂයක සහාය ද නොමැතිවය.

1958 නවීන සමූහ ආණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව රටේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය නොකරමින් ජනාධිපති ධුරය සඳහා තේරීපත් වූ පළමු පුද්ගලයා එම්මානුවෙල් මැක්රෝන් ය.

ප්‍රංශයේ නව පළමු කාන්තාවගේ සම්ප්‍රාප්තිය

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැක්රෝන් ආර්යාවගේ සම්ප්‍රාප්තිය
අචාර වෙඩිමුර විසි එකක්

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, අචාර වෙඩිමුර විසි එකක්