ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ප්‍රංශ ජනාධිපතිවරණය: ල-පෙන්ට නඩු
ලෝක දේශපාලනය තුළ බොහෝ වෙනස්කම් සිදු වෙද්දී ඉරිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ප්‍රංශ ජනතාවට තීරණාත්මක දිනයකි.
මීට මාස කිහිපයකට පෙර ඇමරිකාවේ ජනාධිපති ධුරය සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වූ අතර එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා කටයුතු කරමින් සිටී.
එමෙන්ම එක්සත් රාජධානිය ජුනි 08 වෙනිදා සිය මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් පසු දෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවෝ දෙදෙනෙකි.
මධ්‍යස්ථ මතධාරී එම්මානුවෙල් මැක්‍රෝන් සහ අන්ත දක්ෂිණාංශික නායිකා මරීන් ල-පෙන් ජනාධිපතිවරණ අවසන් වටය සඳහා තරග කිරීමට නියමිතය.
අවසන් රූපවාහිනී සංවාදය
දේශපාලනයට කෝඩුකාරයෙකු ලෙස සැළකෙන එම්මානුවෙල් මැක්‍රෝන් තරග වදින්නේ යුරෝපා සංගමයේ න්‍යාය පත්‍රයට හිතවාදී ලිබරල් මතවාදයට නැඹුරු 'එන් මාර්ෂ්' නමැති තමන්ගේම පක්ෂයකිනි.
ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරන මරීන් ල-පෙන්ගේ ජාතික පෙරමුණේ මතය වී ඇත්තේ යුරෝපය සමග ප්‍රංශය සතු සබඳතා වෙනසකට ලක් කළ යුතු බවය.
සංක්‍රමණිකයන් සහ නිදහස් වෙළෙඳාම සම්බන්ධයෙන් ද ඇය සිටින්නේ දැඩි ස්ථාවරයකය.
කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර පැවති අවසාන රූපවාහිනී සංවාදය සාර්ථකව නිම කළ බව අපේක්ෂකයන් දෙදෙනාම පවසති.
එම්මානුවෙල් මැක්‍රෝන් සහ මරීන් ල-පෙන් ත්‍රස්තවාදය, ආර්ථිකය සහ යුරෝපා සබඳතා මුල් කර ගනිමින් පුරා පැය දෙකක් එකිනෙකාට අවමන් වන ආකාරයෙන් අදහස් පළ කර ගත්හ.
එම්මානුවෙල් මැක්‍රෝන් ජනාධිපතිවරණ සටනේ පෙරමුණේ සිටිමින් තම ස්ථානය ශක්තිමත් කර ගන්නා ආකාරයක් පෙනෙන්නට තිබේ.
මේ අතර රූපවාහිනී සංවාදය අතරතුර රටින් පිට බැංකු ගිණුමක් පවත්වාගෙන යන බව ඇඟවෙන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් එම්මානුවෙල් මැක්‍රෝන් සිය ප්‍රතිවාදී මරීන් ල-පෙන්ට එරෙහිව නඩු පවරා ඇත.
ල-පෙන්ට නඩු
එවැනි ගිණුමක් පවත්වාගෙන යන බවට එල්ලවන චෝදනා ජනාධිපති අපේක්ෂක එම්මානුවෙල් මැක්‍රෝන් ප්‍රතික්ෂේප කළේය.
තමන් කැරිබියන් කලාපයේ නෙවිස් දූපතේ සමාගමක් පිහිටුවා ඇති බවට චෝදනා කරමින් සමාජ ජාල තුළ සැරිසරන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කරයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන වෙබ් පිටු සහ රුසියානු අභිලාෂයන්ට සම්බන්ධ වෙනත් අන්තර්ජාල පිටු හරහා එම වාර්තා පතුරුවා හැර ඇති බව එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කණ්ඩායම පවසයි.
ජනාධිපතිවරණ ඡන්ද විමසුමට බලපෑම් කිරීම සඳහා ව්‍යාජ පුවත් පතුරවා හැරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් රජයේ නීතිවේදීන්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.